Thursday, January 19, 2012

සිංක් එක සහ කොමඩ් එක අතර වෙනස කිම ?



  මම ගැමියෙක් වීම නිසා ලැජ්ජා වින්දේ එකම එක අවස්ථාවකදී විතරයි . කවමදාකවත් අමතක නොවෙන්නම කලු ගලක කෙටුවා වගේ ඒ .පට්ට පදිරි සිදුවීම මගේ හිතේ නොමැකෙන්නම සටහන් වෙලා තියනවා ..අදටත් ඒ සිදුවීම මතකයට එද්දී මම මගේ යටි තොල විකාගෙන ඒ සිදුවීමට මුහුණ දෙනවා ..

ඉතින් මම කියලා දාන්නම් ඒ සිදුවීම ..

ඔය අවුරුද්ද මට මතක නෑ මතක් කරන්න මට උවමනාවකුත් නෑ . වෙනකොට මම යන්තම් ඉස්කෝලේ දහය වසරට පය ගැහුවා විතරයි .මම සුදු දිග කලිසමක් පළවෙනි පාරට ඇන්ඳේ දහය වසරේදී . ඒවගේමයි ක්‍රිකට් ටීම් එකට තේරුනෙත් දහය වසරේදී . කතාව පටන් ගන්නේ අපේ ක්‍රිකට් කණ්ඩායම අග නගරේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ වදින්න තේරුනාට පසුවයි
.
පළුවක් ගැල වෙච්ච ලෙදර් බෝලෙකින් හා ඉස්කෝලෙටම තිබිච්ච ගෙවිලා ගියපු බැට් පිති දෙකෙන් . කාන්තාරයකට සමාන බොරළු පිට්ටනියක ක්‍රිකට් ගහපු අපේ කණ්ඩායම රජ්ජුරුවන්ගේ ඉස්කෝලෙත් එක්ක තරඟ කරන්න යනවා !!.ඇත්තමයි මුලු ඉස්කෝලෙටම ඒක අරුමයක් වුණා !

දවසක් පාන්දර හතර හමාරට විතර සරණපාලයියගේ තනි දොරේ බස් එකේ නැගිච්ච අපේ ක්‍රිකට් කණ්ඩායම දෙමවුපියන්ගේ , යාළුවන්ගේ , ගුරුවරුන්ගේ .ජය ඝෝෂා සහ හූ හඬ මැදින් අග නගරේ බලා පිටත් වුණා . පාසලේ විදුහල්පති තුමා , ක්‍රීඩා භාර සර් , නැටුම් ටීචර් , සමාජ අධ්‍යනය සර් , කෘෂිකර්මය ටීචර් , ඉස්කෝලේ බෙල් එකෙ ගහන රම්පාල අයියා . මෙන්න මේ අය අපේ ආරක්‍ෂාව සඳහා අපිත් එක්ක එන්න පිටත් වුණා .

අපේ ක්‍රිකට් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයොත් සමග සේරම කොල්ලෝ 14 දෙනෙක් විතර ඉන්න ඇති . නගරෙට යන්න. නගරේ ඉන්න සද්දන්ත , ඉංග්‍රීසි කතාකරන . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ .ක්‍රීඩකයෝ එක්ක හැප්පෙන්න මම ඇතුළු මුලු ක්‍රිකට් කණ්ඩායමම සැදී පැහැදී හිටියා .

නිතරම හපාපු බුලත් හපේට අමතරව අපේ විදුහල්පති තුමාගේ කටේ තිබුණේ එකම දෙයයි .

"උඹලා කෝම අරි කප්පෙක ගෙනෙල්ලා .!! උඹලා අවුවේ පිච්චිලා ගල් උඩ වැටිලා , පොල් ගස් බඩගාලා පුරුදු කොල්ලෝ උඹලට මේක සිම්පල් !

"චිරිස්" ගහලා බුලත් කෙළ පාරක් බස් එකේ වීදුරුවෙන් එළියට විදින ගමන් ලොක්කා කියවාගෙන යනවා .

අපේ සෙට් එකට ඕන වුණේ මැච් එක දිනන්න නෙවේ . රට තොට බලාගෙන එන්න . ලොකු සර් මොන පම්පෝරිය ගැහුවත් රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ කොල්ලෝ එක්ක අපට හැප්පෙන්න කොහෙත්ම බැරි බව මමනම් හොඳටම දැනගෙන හිටියා .

කොට කොටා ආපු බස් එක පැය 14 ක විතර ලොකූ ගමනකින් පස්සේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ඉස්සරහම තිබුණු නිවාඩු නිකේතනයක් වගේ ලස්සන ගෙදරක් ඉස්සරහ නතර කරා . ඒකේ තමයි අපිට රෑ ගතකරන්න යෙදිලා තිබුණේ .

ත්‍රිකෝනාකාරව වැවිච්ච ලොකූ නත්තල් ගස් . ලස්සනට කපාපු තණකොළ සහිත පාර. මෙවුවා දැක්ක අපිට නම් මේක තරු පහේ හෝටලයක් කියලා හිතුණා.

ඔය අතරේ විදුහල්පති තුමා අපේ ළඟට ආවා .

'තොපි අහගණියවු ! එකෙක්වත් මේ මල් ගස් වල කොළ කඩලා අහුවෙනවා නෙවෙයි . වැදගත් විදිහට ඉඳපල්ලා . .. වගේමයි එකෙක්වත් රෑට සරං එහෙම අඳින්න එපා . ඇඳපියවු කොට කලිසං .

අපිත් කරත්තේ බඳින ගොන්නු වගේ "හ්ම් සර්" කීවා .. වෙලාව ගතවුණා...

ගමට වගේ නෙවෙයි නගරෙට බොහොම ඉක්මනින් කළුවර වැටුණා .අපිත් නාලා කාලා එහෙම .කාමරේකට පැක් උණා . අපි දහ හතර දෙනයි රම්පාලයියයි කාමරේ ඇතුළේ බිම පැදුරු එළාගෙන බුදිය ගත්තා . ලොකු සර්ගේ ලෝභ කමටද මන්දා අරගෙන තිබුණේ කාමර තුනයි . එකක ටීචර්ලත් . අනිකේ සර්ලත් නිදාගත්තා (අපිට කීවේනම් එහෙමයි ) අන්තිම කාමරේ අපි 15 දෙනා බුදිය ගත්තා ..

පහුවදා උදේ මුලින්ම අවදි උනේ මම . පොඩි කාලේ ඉඳලාම මට නගරෙට යන්න තිබුණ ආසාව නිසා වෙන්න ඇති . එදා නම් මගේ හිත සතුටින් පිරිලා . ඉතින් මට උදේම ඇහැරුණා . මම ගිහිල්ලා ජනෙල් රෙදි ඈත් කරලා . පාර දිහා බැලුවා . පාරෙන් එහා පැත්තේ හන්දියක තිබුණු මාර්ග සංඥා එළි දිහා මම ගොඩක් වෙලා බලාන හිටියා .ඔන්න එතකොටම හිටගෙන හිටපු නිසාද නැත්තං උදේ නිසාද මන්දා මට බරක් හැදුණා . ! "අර අපි කාටත් උදේට හැදෙන බර" . මම ඉක්මනට කාමරේ තිබුණු නාන කමරේට රිංග ගත්තේ අනික් එවුං ආවොත් මේක බදුගන්න හින්දමයි .

වෙනදා ගෙදර "වල කක්කුස්සියට" ගිහිල්ලා පුරුදු මට මේ නවීන නාන කාමරේ මහම මහ අමුතු විදිහට පෙනුණා . හත්තිලවුවේ !! මේ නාන කාමරේ තියෙන්නේ අමුතුම විදිහේ "කක්කුස්සියක්" . අපි උපන්දා ඉඳන් කක්කා කරපු "වල කක්කුසිය" මේකේ නෑ නේ ..! මේකේ තියෙන්නේ පුටුවක් වගේ වාඩි වෙලා කක්කා කරන්න හදපු අර "කොමඩ්" කියන ධනපති පන්තියේ උපකරණය විතරමයි .

ඇත්තමයි මම පුදුම විදිහට බය වුණා !. මේ කොමඩ් කියන උපකරණය ක්‍රියාත්මක කරන අන්දම මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ . ඒකේ වාඩිවෙන්නේ කොහොමද . ඒකට වතුර ගහන්නේ කොහොමද.? මේ කිසිම දෙයක් මම දැනං හිටියේ නෑ . මම පොඩි කාලේ ඉඳන්ම ඇලේ දොලේ ගලේ මල පහ කරපු පීඩිත පන්තියේ ගැමි කොල්ලෙක්.

මම මටම කතා කරා ..

"සඳරු අනික් එවුන් එන්න කලින් වැඩේ කරලා පැනගනිං ඉක්මනට .

හරි මමත් ඉක්මනින් මේ කොමඩ් උපකරණය ක්‍රියාත්මක කරන හැටි හොයන්න ගත්තා. මට ඕනෑම උපකරණයක් වැඩ කරන හැටි "සුටුස්" ගාලා අල්ලගන්න පුළුවන්. විනාඩි දෙක තුනකට පස්සේ . මම හොයාගත්තා මුලින්ම මේ කොමඩ් යන්තරේ උඩ තියන පියන අරින්න ඕන කියලා . ඊට පස්සේ ඒකේ රවුම් දාරෙට අඩිය තියලා ඒක උඩ නැගලා ඒකේ උඩ ඇන තියාගෙන වාඩිවෙන්න ඕන කියලා .

හරි ! මම ගෙදර තිබුණු වල කක්කුස්සියේ වාඩි වුනා වගේම මේ කොමඩ් උපකරණ උඩ වාඩි උණා . ඒකේ හයිය මදිද කොහෙද ..? පොඩ්ඩක් එහාට මෙහාට පැද්දෙන්නත් ගත්තා . වෙලාවට කැඩුණේ නෑ . රයිට් !! මම සාර්ථකව මගේ වැඩේ අවසන් කරලා . බිත්තියත් අල්ලගෙනම කොමඩ් එකෙන් බිමට බැස්සා.

ඊළගට තමයි මට දෙයියෝ සිහි වුණේ . මේකට දාපු මළපහ ටික එහෙම්ම තියනවා ඒවා එතන සිදුරෙන් ගිහිල්ලා නෑ .

"චිහ් මොකා හොයාගත්තද මන්දා මේ නොදියුණු ක්‍රමය ?. ගමේ වල ලැට් එක කොයිතරම් හොඳඳ ?

මම වතුර බාල්දියක් පුරවලා අරගෙන ඒක ගැහුවා . කොහෙද ඒවා එහෙම්මයි . වතුර බාලිදි පහක්ම ගැහුවා ! යන්තම් ඒවා නොපෙනී ගියා ..මම සැනසුම් සුසුමක් හෙළුවා ..

මම ඉක්මනට එළියට ගියා (හෝදගත්තාට පසු) .. ඔන්න එතකොට තමයි අපේ කට්ටිය එකා දෙන්නා ඇඟමැලි කඩමින් අවදි වෙන්න පටන්ගත්තේ .ඔන්න ඉතින් පිළිවෙළට එක්කෙනා දෙන්නා කක්කුස්සියට ගියා .සමහරු ගිය පයින්ම ආපහු අවා . සමහරු ගොඩක් වෙලාව අරගෙන ආපහු ආවා ඉතින් අන්තිමේට අපි ක්‍රිකට් තරඟයට යන්න අපේ ක්‍රීඩා ඇඳුම් ඇඳලා සපත්තු දාලා ලක ලැහැත්ති වුණා . ඔන්න එතකොටම අපේ ප්‍රින්සිපල් සර් සහ . මේ නිවාඩු නිකේතනය භාරකරු අපේ කාමර වලට ආවා .ලොකු සර් ලොකු කිරි කෝප්පෙකුත් බිබී තමයි අපේ ළඟට අවේ !

"අනේ පවු පුතාලා පැදුරුවලද නිදගත්තේ ? . මට කීවා නම් මෙට්ට ටිකක් දාලා ලස්සනට බිම හදලා දෙනවනේ ! නිවාඩු නිකේතනය භාරකරු එහෙම කියනවා

"අපෝ මුන් ගමේ ගොඩේ පදම් වෙච්ච කොල්ලෝ මුන්ට මේවා වැඩ නෙවේ . ලොකු සර් පොර ටෝක් එකක් දුන්නා
 
මම එක දෙයක් දැනගත්තා .මේ නිවාඩු නිකේතනයේ ප්‍රධානියා ආවේ අපිව බලලා යන්න නෙවේ . කාමරේ අඩුපාඩු බලලා යන්න . මූ හිතන්න ඇති අපි ගමේ ඉඳන් ආපු නිසා අපි කාමරේ තිබ්බ බඩු මුට්ටු කීපයක් ගල් කරන්න ඇති කියලා .

"හැමෝම එහෙනම් ඔය පැදුරු අකුළලා ගන්නවලා..! තම තමගේ සේරම බඩු ගන්න ඕනේ. ආයේ අපි මෙහේ එන්නේ නෑ. මැච් එක ගහලා එහෙම්ම යනවා.. හෙ ..හෙහ් කප් එකත් අරං !!

ලොකු සර් දෙන ලොකු ටෝක් වල ඉවරයක් නෑ

ඔන්න හෙමීට ලොකු සර් සහ නිවාඩු නිකේතනයයේ ප්‍රධානියා . නාන කාමරේ පැත්තට ඇවිදගෙන ගියා . ලොකු සර්ගේ ලොකූ කිරි වීදුරුව තවම එයාගේ අතේ.

මොහොතකින් ..

"මොන මගුලක්ද යකෝ තොපි මේ කරලා තියෙන්නේ ? කවුද මේ ගොබ්බ වැඩේ කරපු අසික්කිතයා ?

අපි හැමෝම නාන කාමරේට දිවුවා ! . මම නම් හිතුවේ මම දාපු වැඩ කෑල්ලක් මාට්ටු කියලයි . ඒත් ඉක්මනට නාන කාමරේට ගියාම මම දුටු දෙයින් මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා ..

ලොකු සර් සහ නිවාඩු නිවාඩු නිකේතනේ ලොක්කා එතන තිබ්බ මූණ හෝදන සිංක් එක දිහා පුදුම වෙලා බලාගෙන ඉන්නවා . ලොකු සර් බුම්මගෙන . නිවාඩු නිකේතනේ ලොක්කගේ කට ඇරිලා . නිකං අලියා "හක්ක පටස් කෑවා" වගේ

මමත් එබිලා බැලුවා . හත් දෙයියනේ ..කවුදෝ එකෙක් සිංක් එකට කක්කා කරලා .."හෙන සයිස් කක්කා ලෝඩ් එකක් "

"කොහොමද යකුනේ මෙච්චර උස සිංක් එකකට නැගලා කක්කා කරේ ? කවුද මේක කරේ ?

මම කොමඩ් එක නොදන්නවා වුණාට සිංක් එක නම් හොඳට අඳුරනවා .ඒක නිසා මේක මම කරපු වැඩක් නොවන බව මට දිවුරලා කියන්න පුළුවන් .

"ඇදපල්ලා උඹලා සේරමත් එක්ක මේ ගූ ගොඩ ඔක්කෝම" එහෙම කියලා ලොකු සර් ලොකූ කිරි උගුරක් බිවුවා ! .ගූ ගොඩ දිහා බලාගෙනම .

ඉතින් හෝටලේ හිටපු සේවකයෝ වේටර්ලා . රූම් බෝයිලා .සේරම එතන පිරුණා ..අනේ ඉතින් අපි බුදු රජුන්ගේ කාලේ හිටපු සුනීත ගූ ඇද්දා වගේ .අපිත් පැය බාගයක් විතර නැහිලා නැහිලා . මේ ලොකූ කක්කා ගොඩ අයින් කරලා දැම්මා .. නිවාඩු නිකේතනේ හිටපු ලස්සන බෝනික්කියක් පෙනුණ පිළිගැනීමේ නිලධාරී තුමියත් එතනට ඇවිල්ලා .අපි කක්කා අදින හැටි බලාන හිටියා . ඒක දැකලා මට හොඳටම දුක හිතුණා .පපුව පැලෙන්න වගේ ආවා !

කතාව එතනින් ඉවරයි ..

අපි වින්ද ලැජ්ජාව නිසා අපි මානසිකව වැටුණා. ගේම් එක චේන්ජ් කරන්න වුණා. මැච් එක අපි උඩින්ම පැරදුණා . රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ හිටපු කොල්ලෝ අපිට ගැහුවේ බෝල පැලෙන්න ..අපි ලකුණු 25 කට ඕල් අවුට්
 
අපි ආපහු ගමට ආවා . සිංක් එකේ සීන් එක කාටවත් කියන්නේ නැතුව ඒක අපි අපේ හිත් වලම හංගලා තියාගත්තා .අපිට කවදාකවත් මේ වැඩේ කළේ කවුද කියලා දැනගන්නත් බැරි වුණා ..කවුරු හරි බය වෙච්ච කොල්ලෙක් ඒ වැඩේ කරන්න ඇති . ලොකු සර් වුණත් ඒ කතාව ආයේ කවමදාකවත් ඇදලා ගත්තේ නෑ..

ඉතින්.ඔය තමයි අපි.. හැබෑවටම අපි . කොළොම්පුරේ තියන සමහරක් දේවල් අපේ පිටිසර ගම් වලට එන්න ටිකක් කල් ගත වෙනවා අහලා ඇතිනේ කොළඹට කිරි ගමට කැකිරි . සිංක් එකයි කොමඩ් එකයි අතර වෙනස එදා අපේ කොල්ලොන්ට අඳුරගන්න බැරි වුණාට අද අපේ ගමේ ඉන්න පොඩි උන් පවා ඒ දෙක අතර වෙනස දන්නවා ..

 මට අදටත් කොමඩ් එකක් පාවිච්චි කරන්න බෑ .. කූඬැල්ලා මෙට්ටේ උඩ තියන්න බෑ වගේ තමයි මාවත් කොමඩ් එක උඩ තියන්න බෑ ...මට පුරුදු එදා පටන් පාවිච්චි කරපු වල කක්කුස්සියම තමයි

Sunday, January 15, 2012

තමන්ගේම බ්ලොග් පිටුවක් හදා ගනිමු


දැන් ගොඩක් අන්තර්ජාලය භාවිතා කරන අය මේ කියන බ්ලොග් ලිවීමට පුරුදු වී සිටිනවා. තම එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන විවිධ සිද්ධි, අත්දැකීම් වගේම තවත් බොහෝ දේ ඇතුලත් කරලා තමන්ගේම කියලා බ්ලොග් පිටුවක් අද ගොඩ දෙනෙක් සතුව තියෙනවා. ඒත් අන්තර්ජාලය භාවිතට අලුතෙන් ආපු අයට මේ හැම දෙයක්ම අලුත්. අන්න ඒ හේතුව නිසා තමයි මම මේ වගේ ලිපියක් ලියන්න හිතුවේ. ඇත්තටම මේ ‍ම‍ගේ බ්ලොග් එකේ පළමුවෙනි ලිපිය නිසා ඔය ගොල්ලන් මේ ලිපිය කියවලා දාලා යන කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා. ඒක නිසා මේ ලිපියේ හොඳ නරක වගේම මේ ලිපිය ගැන ඔයාලට හිතෙන දේත් ලියල යන්න අමතක කරන්න එපා කියලත් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් දැන් බලමු කොහොමද තමන්ගෙම කියල බ්ලොග් පිටුවක් හදාගන්නෙ කියලා.

මේක හරිම ලෙහෙසි කාරනයක්. ඔයාලා දැන් මේ ලිපිය කියවන මගේ බ්ලොග් පිටුවත් මම හැදුවේ මම මේ කියන්න යන විදිහටමයි. එහෙනම් මුලින්ම බලමු මේ බ්ලොග් පිටුවක් හදන්න ඕන කරන වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන විදිහ. බ්ලොග් හදන්න ගොඩක් වෙබ් අඩවි තිබුනත් ඒ අතරින් ඉතා ප්‍රචලිතම වෙබ් අඩවිය තමයි Blogger කියන්නෙ. ඒක එහෙම වෙන්න හේතුව මේ Blogger අඩවිය හරහා එය භාවිතා කරන්නන්ට ලබා දීල තියෙන පහසුකම්. ඉතින් මමත් හිතුවා මගේ මේ ලිපියෙදි ඔයාලට Blogger අඩවිය හරහා බ්ලොග් පිටුවක් හදාගන්න විදිහ කියල දෙන්න. මේකට ඉතින් ඉස්සරවෙලාම මේනන මේ ලින්ක් එක උඩ ක්ලික් කරලා Blogger වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන්න ඕන. http://www.blogger.com/ ඔයාලා මේ ලින්ක් එකට පිවිසුන ගමන්ම මෙන්න මේ වගේ වෙබ් අඩවියක් තමයි දැකගන්න ලැබෙන්නේ.


මෙතෙන්දි ඔයාලා "Get started" කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට පිවිසෙන්න පුළුවන් බ්ලොගර් අඩවියෙ ලියාපදිංචි වෙන්න පුරවන්න ඕන පෝරමය වෙතට. එතෙන්දි ඔයාලා ඒකෙ තියෙන සියලුම කොටස් වලට ඔයාලගෙ සැබෑ තොරතුරු දාල පුරවන්න. ඊට පස්සෙ පහළ තියෙන රූපයේ විදිහට "Continue" කියන එක උඩ ක්ලික් කරන්න.


ඒත ක්ලික් කරාම ඔයාලට දැක ගන්න ලැබේවි පහළ රූපයේ තියෙනව වගේ පිටුවක්. මෙතෙන්දි ඔයාලා "Country" කියන මෙනු එක උඩ ක්ලික් කරලා ඒකෙන් "Sri Lanka" තෝරන්න. ඊට පස්සෙ "Phone number" කියන තැන ඔයාලගෙ සත්‍යම ජංගම දුරකතන අංකය දෙන්න. මෙතෙන්දි ඇත්තම දුරකතන අංකය දෙන්න. මොකද ඒක ඉස්සරහට වැදගත් වෙනවා. ඊට පස්සෙ ඉතින් "Send verification code" කියන තැන ක්ලික් කරන්න.


මේ විදිහට හරියට මේ පියවරවල් ටික කරගෙන ආවොතින් ඊළඟට ඔයාලට දකින්න ලැබෙන්නෙ පහළ තියෙන රූපයේ පෙනෙනව වගේ පිටුවක්. මෙතෙන්දි ඔයාලගෙන් Verification Code එකක් ඉල්ලනවා. කලින් පියවරේදි ඔයාලා දීපු ජංගම දුරකතන අංකයට තමයි මේ කියන Verification Code එක එන්නෙ. මේක එන්න එච්චර වෙලාවක් යන්නෙ නැති වුනත් සමහර වෙලාවට විනාඩි 15ක් විතර යනවා. ඉතින් කොහොමහරි ඒ ආපු Verification Code එක මේ "Verification code" කියන තැන ටයිප් කරලා "Verify" ක්ලික් කරන්න.


දැන් ඔයාලා Blogger වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙලා ඉවරයි. ඔයාලා කලින් පියවරේ විදිහට "Verify" කියන එක උඩ ක්ලික් කරාම ඔයාලට පහලින් තියෙන රූපයේ පෙනෙනව වගේ පිටුවක් දැකගන්න ලැබේවි. මෙතන ඉඳල තියෙන්නෙ ඔයාගේ බ්ලොග් අඩවිය සම්බන්ධ කටයුතු. ඉතින් මුලින්ම තියෙන්නෙ ඔයාලගේ බ්ලොග් අඩවියට සුදුසු නමක් දෙන එක. ඒ නම "Blog title" කියන තැන ටයිප් කරන්න. ඊට පස්සෙ බ්ලොග් එකට URL එකක් නැත්තම් බ්ලොග් ඇඩ්රස් එකක් දෙන්න ඕන. මෙතෙන්දි දැනට භාවිතයේ නැති බ්ලොග් ඇඩ්රස් එකක් දෙන්න ඕන. එහෙම නැතුවුනොත් ඊළඟ පියවරට යන්න බැරිවෙනවා. ඔයාලට ඕන ඇඩ්රස් එක "Blog address (URL)" කියන තැන ටයිප් කරලා අවශ්‍යනම් ඒ නම භාවිතයේ නැත්ද කියල බලන්න "Check Availability" කියන තැන ක්ලික් කරන්න. ඒ විදිහට භාවිතයේ නැති බ්ලොග් ඇඩ්රස් එකක් තෝරගත්තට පස්සෙ "Continue" කියන එක උඩ ක්ලික් කරන්න.


දැන් ඔයාල ඇවිල්ල ඉන්නෙ බ්ලොග් එකක් හදන වැඩේ අවසාන පියවරට. මෙතෙන්දි ඔයාලට ඔයාලගේ බ්ලොග් එකට සුදුසු Template එකක් තෝරගන්න අවස්ථාව ලැබෙනවා. ඔයාලට කැමති Template එකක් මෙතෙන්දි තෝර ගන්න පුළුවන්. ඒ සඳහා විවිධ වර්ගයේ Templates ගනනාවක්ම මෙතන දකින්න ලැබෙනවා. බය නැතුව ඕනම Template එකක් තෝර ගන්න. මොකද පස්සෙදි ඔයාලට ඕන නම් මේ Template එක වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා. සුදුසු Template එකක් තෝරගත්තට පස්සෙ "Continue" කියන තැන ක්ලික් කරන්න.


දැන් ඉතින් ඔයාල සම්පූර්ණයෙන්ම ඔයාලගෙ බ්ලොග් එක හදාගෙන ඉවරයි. අවසාන වශයෙන් පෙන්වන පහත දක්වා ඇති ආකාරයේ පිටුවේ ඇති "Start Blogging" කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඉතින් තව තව ගැජට් එහෙම දාලා ඔයාලගේ බ්ලොග් එක ලස්සනට හදලා බ්ලොගින් කරන්න එකතුවෙන්න.



ඉතින් මේක මගේ පළවෙනි ලිපිය නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. එහෙම තියෙන අඩුපාඩු, ‍හොඳ නරක ගැනත් පහළ තියෙන Comments වල සඳහන් කරල යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට, මගේ ඉදිරි ගමනට ලොකු හයියක්. එහෙනම් තව ලිපියකින් හමුවෙමු.






28. Forex trade කල යුතු වේලාවන්


කලින් පාඩමෙන් අපි කථා කලේ tradersලා වර්ග ගැන නේ. අද අපි කථා කරමු trade කල යුතු වේලාවන් ගැන. මේ වේලාවන් ඇත්තටම වඩාත් වැදගත් වෙන්නේ Scalpers හා Day tradersලා කියන tradersලට. දැන් කෙනෙක් අහන්න පුළුවන් forex market එක සතියේ දවස් පහේම පැය 24ම ක්‍රියාත්මක වෙනවා නම් trade කරන්න කියලා වෙනම වෙලාවක් මොකටද කියලා. හේතුව මේකයි, ඔයාලා දන්නවනේ forex market එක ලෝකේ පුරාම විහිදිලා තියෙන market එකක් කියලා. මේ forex market එකේ ප්‍රධාන currencies වලට සම්බන්ධ ප්‍රධාන රටවල්, ඒ කියන්නේ USA, UK, Japan, Australia හා අනිකුත් රටවල් වලට හිරු උදාවෙන්නේ එක එක වෙලාවල් වලට. මේ එක් එක් රටවල් වල markets open වෙන වෙලාවට ඒ ඒ currency pairs වල ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ Volatility එක වැඩිවෙන්න පටන් ගන්නවා. Forex market එකේ අපිට profits ගන්න පුළුවන් වෙන්නේ price එක හොඳට move වෙන්න පටන් ගත්තාම. අනිත් වෙලාවට price එක ටිකක් ඉහල යනවා, ආයෙත් පහලට වැටෙනවා, ආයෙත් ඉහල යනවා හරියට price එක යන පැත්තක් හිතාගන්න බැරි වෙනවා. එතකොට අපි දාන දාන trade එක loss එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපි හැමවෙලේම (විශේෂයෙන්ම scalpersලා) trade කරන්න යන්න ඕනේ තම තමන් කැමති currency pair එකේ volatility එක වැඩි වෙනවා කියලා දන්න වෙලාවල්වල විතරයි. 
Forex market එකේ තියෙන රටවල් වලින් මුලින්ම හිරු දකින්නේ Wellington (New Zealand). ඒ හැම සතියකම සඳුදා උදේ 8.00ට එයාලගේ බැංකු විවෘත කිරීමත් සමඟ. New Zealand වල සඳුදා උදේ 8.00 කියන්නේ අපේ ලංකාවේ වෙලාවෙන් සඳුදා උදේ 00:30 (ඒ කියන්නේ පාන්දර 12:30) අන්න ඒ වෙලාවට තමයි ඒ සතියේ forex market එකේ පටන් ගැන්ම. ඊළඟට පිළිවෙලින් Sydney (Australia), Tokyo (Japan), Frankfruit (Germany) හා London (UK) වල markets හා අන්තිමට New York (USA) market එකත් පටන් ගන්නවා. ඔය විදිහට එක් එක් රටවල් එයාලගේ markets උදේ 8:00ට open කරලා සවස 5:00ට close කරනවා. ඔය cycle එක ඔහොම ගිහින් සිකුරාදා New York (USA) market එකේ close එකත් එක්ක, ඒ කියන්නේ සිකුරාදා New York (USA) වෙලාවෙන් සවස 5:00ට සතියේ forex market එකේ ක්‍රියාකාරකම් නිමවෙනවා. New York වල සිකුරාදා සවස 5:00 කියන්නේ ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා උදේ 3:30 කියන එක. ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් forex market එක සඳුදා 00:30 සිට සෙනසුරාදා 03:30 දක්වා ක්‍රියාකාරී වෙලා තියෙනවා කියන එක.  හැබැයි හොඳට මතක තියාගන්න සමහර රටවල් වල summer එකේදී Daylight saving කියලා එයාලගේ වෙලාව පැය කීපයකින් වෙනස් කරනවා. එතකොට අදාල විදිහට අදාල market එක අල්ලගන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හොඳම වැඩේ තමයි International clocks display වෙන මොකක් හරි software එකක් පාවිච්චි කරන එක. එහෙමත් නැතිනම් http://www.timeanddate.com/worldclock/personal.html කියන website එකට ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට එක් එක් රටවල් වල වේලාව පෙන්වන විදිහට හදාගන්න පුළුවන්. පිළිවෙලින් Wellington, Sydney, Tokyo, Colombo, Frankfruit, London, New York වල වෙලාව පෙන්වන විදිහට වෙලාව හදා ගන්නව නම් වඩාත් පහසුයි. 
ඒ ඒ රටවල් වල markets open වෙන කොට ඒ ඒ රටවල් වල currencies සම්බන්ධ Currency pairs වල volatility එක ඉහල යනවා. 
Wellington (New Zealand) - NZD සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (NZD/USD, NZD/JPY etc.)
Sydney (Australia) - AUD සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (AUD/USD, GBP/AUD etc.)
Tokyo (Japan) - JPY සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (GBP/JPY, USD/JPY etc.)
Frankfruit (Germany) - CHF, EUR, GBP සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (EUR/USD, GBP/USD, USD/CHF etc.)
London (United Kingdom) - CHF, EUR, GBP සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (EUR/USD, GBP/USD, USD/CHF etc.)
New York (USA) - USD සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (EUR/USD, GBP/USD etc.)
අපි trade කරන්න පුරුදු වෙන්නේ EUR/USD නිසා අපිට ගොඩක් වෙලාවට අදාල වෙන්නේ Frankfruit, London හා New York කියන markets විතරයි. ඒ කියන්නේ EUR/USD trade කරන අයට ලංකාවේ වෙලාවෙන් උදේ 11:30 සිට රාත්‍රී 10:30 දක්වා කාලය තුල තමන් කැමති විදිහට trade කරන්න පුළුවන්. විශේෂයෙන් markets open වෙන වෙලාවල් වලදී prices වල හොඳ movement එකක් තියෙනවා.

27. Forex trader types


ගොඩ කාලෙකින් post එකක් දාන්න බැරි වෙච්ච හින්දා කට්ටියට Forex අමතක වෙලාද දන්නෙත් නෑ. ප්‍රමාදයට සමා වෙන්න ඕනෙ. මට බොහොම සතු‍ටුයි මම කලින් දාපු post එකට කට්ටියගෙන් ලැබුණු ප්‍රතිචාර වලට. කොහොම වුනත් මම කැමති නෑ ඔයාලා Forex හරියට දන්නේ නැතුව real account එකක trade කරන්න ගිහිල්ලා සල්ලි නැති කරගන්නවට. ඒ නිසා ඉස්සෙල්ලා ඉවසීමෙන් forex basics ටික ඉගෙන ගන්න. Demo account  500ක් හරි හදලා trade කරලා ඉස්සෙල්ලා demo account එකේ එක දිගට මාස 3ක් වත් profit හොයන්න පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි පොඩි ගණනක් දාලා real account එකක් open කරගන්න ඕනෙ. මට post එකක් දාන්න බැරි වෙච්ච කාලේ comments ගොඩක් ඇවිල්ලා තියෙනවා මම ඒවාට පස්සේ reply කරන්නම්. එහෙනම් අපි කෙලින්ම අද subject එකට බහිමු.


ඔයාලා දැනටමත් දන්නවා Forex කියන්නේ 24/5 Market එකක් කියලා. ඒ කියන්නේ සතියේ දවස් 5ම පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන Market එකක් කියන එක. අපිට Metatrader එකට ගිහිල්ලා Forex Market එක ක්‍රියාත්මක වෙන ඕනෑම වෙලාවක trade එකක් open කරන්න පුළුවන්. හැබැයි එහෙම පුළුවන් වෙච්ච පලියට හැම Forex trader කෙනෙක්ම හැම වෙලාවකම Forex trades open, close කරන්නේ නෑ. අපි trade එකක් දාන එකේ අරමුණ තමයි profits හොයන එක. ඒ නිසා අපි හැම වෙලේම trades දාන්න ඕනේ අපිට profits වැඩියෙන්ම ගන්න පුළුවන් කියලා හිතෙන වෙලාවල් වලට. මේ වෙලාවන් කතාව අදාල වෙන්නේ එක්තරා Forex tradersලා පිරිසකට විතරයි. තවත් Forex tradersලා පිරිසක් ඉන්නවා එයාලට දවසේ කොයිවෙලේද trade එක දාන්නේ කියන එක එච්චරම අදාල වෙන්නේ නෑ. දැන් ඔයාලා බලයි මොකක්ද ඒ කතාවෙ තේරුම කියලා. ඒ වගේම ඔයාලට හිතාගන්න බැරිවෙයි forex trade කරන වෙලාවන් ඔයාලට අදාලද නැද්ද කියලත්. Forex traderලා එක එක වර්ග  ඉන්නවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු ඒ forex trader වර්ග මොනාද කියලා.

Forex tradersලා ප්‍රධාන වශයෙන් වර්ග 4ක් ඉන්නවා. අපි එකින් එක බලමු ඒ මොනාද කියලා.

Scalpers
ඔයාලා දන්නවනේ Metatrader එකේ M1, M5, M15, M30, H1, H4, D1, W1, MN කියලා එක එක වෙලාවන් වලින් charts ගන්න පුළුවන් කියලා. ඔයාලා වැඩියෙන්ම forex trade කරද්දී පාවිච්චි කරන්නේ M1, M5, වගේ charts නම් ඔයාලා ගොඩක් දුරට අයිති වෙන්නේ මේ Scalpers කියන tradersලා වර්ගයට. Scalpers ලගේ අරමුණ තමයි බොහොම පොඩි වෙලාවකින් trade එකක් open, close කරලා පොඩි Pips ගණනක් හොයාගන්න එක. ඒ කියන්නේ Pips 5,6ක් හෝ සමහර අය  Pips 9,10ක් වගේ ගණනක්. එයාලගේ trades open වෙලා තියෙන්නේ බොහොම අඩු වෙලාවක්, ගොඩක් වෙලාවට වැඩිම වුනොත් විනාඩි 3,4ක් විතර. Scalpersලා profits හොයන්නේ ඒ වගේ පොඩි trades ගොඩක් කරලා. Forex trade කල යුතු වෙලාවන් වැඩියෙන්ම වැදගත් වෙන්නේ මෙන්න මේ Scalpersලා කියන Forex tradersලට. සාමාන්‍යයෙන් Professional Forex tradersලා අධුනිකයන්ට කරන්න එපාම කියන්නෙත් ඒ වුනාට ආධුනිකයෝ කරන්න කැමතිමත් මේ scalping කියන එක. සාර්ථක Scalper කෙනෙක් වෙන එක බොහොම අමාරු වැඩක්. හැබැයි Scalping හරියට කලොත් පොඩි ගණනකින් පටන් අරන් බොහොම ඉක්මනට හොඳ Capital එකක් හදාගන්න පුළුවන්.


Day traders
ඊළඟට ඉන්න කට්ටිය තමයි Day traders ලා කියලා කියන්නේ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් M15, M30, H1 වගේ time frames වල තමයි trade කරන්නේ. හැබැයි සමහර අය M5 chart එකත් පාවිච්චි කරන වෙලාවල් තියෙනවා. මෙයාලගේ විශේෂත්වය තමයි මේගොල්ලෝ trade එකක් open කලොත් "දවසක්" ඇතුලත ඒක close කරනවා. ඒකයි මෙයාලට Day tradersලා කියලා කියන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් Scalpersලත් Day tradersලා ජාතියක්නේ කියලා. ඔව් හැබැයි Day tradersලා සාමාන්‍යයෙන් Pips 20-30 වගේ ගණනක් එක trade එකකින් හොයනවා. Day tradersලටත් Forex trade කලයුතු වෙලාවන් අදාල වෙනවා.

Swing traders
Swing tradersලා පාවිච්චි කරන්නේ  M30, H1, H4 හා සමහර අය D1 charts. මෙයාලා trade එකක් open කලාම දවස් 2-3ක් හෝ ඊටත් වැඩි ගණනක් තියාගන්නවා. එතකොට ඔයාලට තේරෙනවා ඇති මෙයාලාගේ profit traget එකත් Day trader කෙනෙක්ට වඩා වැඩී කියලා. මෙයාලා සාමාන්‍යයෙන් target කරන්නේ එක trade එකකින් Pips 50-200 (සමහර අය ඊටත් වැඩියෙන්) හොයන්න. මෙයාලට දවසේ කොයිවෙලාවෙද trade කරන්න ඕනේ කියලා එච්චරම අදාල වෙන්නේ නෑ. හැබැයි trade එකක් open, close කල යුතු වෙලාවන් ගැන අදහසක් ගන්න මෙයාලා ගොඩක් වෙලාවට Forex කලයුතු වෙලාවන් ගැන උනන්දුවෙනවා.

Position traders
මෙයාලා තමයි හතරවෙනි කාණ්ඩය. Position trader කෙනෙක් වෙන්න නම් මහමෙරක් තරමට ඉවසීම තියෙන්න ඕනේ. මොකද මෙයාල trade එකක් open කලාම ඒක close කරන්න සති ගණනක් සමහර අය මාස ගණනක් වුනත් ගන්නවා. මේ අය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ H4, D1, W1, M1 වගේ charts. Profit target එක Pip 200-2000ක් හෝ ඊට වැඩි ගණනක් වුනත් වෙන්න පුළුවන්. Forex trade කල යුතු වෙලාවන් මෙයාලට අදාල වෙන්නේ නැතිතරම්. සාර්ථක Position trader කෙනෙක් වෙන්න ලොකු Capital එකක් තියෙන්න ඕනේ. සාමන්‍යයෙන් Forex trading වල ලේසියෙන්ම ඉගෙන ගන්න පුළුවන් කියලා කියන්නේ මේ Position trading කියන එක. හැබැයි ගොඩාක් ආධුනිකයෝ position trading  දිහා ඇහැක්වත් ඇරලා බලන්නේ නෑ. මොකද මේක අල්ලගන්න බොහොම හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ නිසා.


දැන් අපි Forex tradersලා වර්ග ගැන ඉගෙන ගත්තනේ, කෙනෙක් අහන්න පුළුවන් මේ 4න් සාර්ථකම ක්‍රමය මොකක්ද කියලා. කණගා‍ටුවෙන් වුනත් මට කියන්න වෙන්නේ ඒකට උත්තරය ඔයාලටම හොයාගන්න වෙනවා කියලා. මොකද මේ 4න් තමන්ට ගැලපෙනම ක්‍රමය මොකක්ද කියලා හොයාගන්න පුළුවන් තමන්ම try කලොත් විතරයි. ගොඩක් Professional forex tradersලා කියන්නේ ඉස්සෙල්ලාම Position trading ඉගෙන ගන්න කියලා. මොකද ඒක තමයි ඉගෙන ගන්න ලේසිම. හැබැයි real account එකක් open කරලා Position trading  කරන්න තරමක ලොකු captial  එකක් තියෙන්න ඕනේ. ඒ ඇයි කියලා ඔයාලට ඉදිරියේදී තේරේයි. Scalping තමයි ඉක්මනින්ම පොඩි ගණනකින් පටන් අරන් ඉක්මනින්ම capital එකක් හදාගන්න පුළුවන් trading ක්‍රමය, හැබයි, ප්‍රශ්නේ තියෙන්නේ ඊටත් වඩා ඉක්මනින් අතේ තියෙන සල්ලි බින්දුවටම බස්ස ගන්න පුළුවන්. ඔයාලා scalping කරන්න අදහසක් තියෙනවා නම් demo account එකේ මාස 6ක් විතර හොඳට profits හොයන්න පුළුවන් වුනාම විතරක් පොඩි ගණනක් දාලා real account එකක් open කරන්න. එතකන් real account එකක් ගැන හිතන්නවත් එපා.

මේ trading ක්‍රම 4න්ම සාර්ථකව මුදල් හොයන forex tradersලා ඉන්නවා. ක්‍රම 4ම trade කරලා බලලා තමන්ට වඩා ගැලපෙන්නේ මොකක්ද කියලා හොයාගන්න. තව දෙයක් කියන්න අමතක වුනා. මේ trading ක්‍රම හතරෙදී  forex trader, charts දිහා බලන් ඉන්න ඕනේ කාලයත් වෙනස් වෙනවා. Position trading වලදී දවසකට විනාඩි කීපයකුත්, Swing trading හා Day trading වලදී  විනාඩි කීපයක ඉඳලා පැයක්  පමන කාලයකුත් හා Scalping වලදී  වැඩිම කාලයකුත් (දවසේ trading session එක නිම වෙන තුරු) වැයවෙනවා. ඒ කියන්නේ job එකක් කරන ගමන් forex කරන අයට වඩාත් සාර්ථක වෙන්නේ Position trading හෝ Swing trading යන දෙකින් එකක්.

අනිත් එක තමයි Forex trade කරද්දී අනිවාර්්‍යයෙන් මේ 4න් එකක් විතරක් කරන්න ඕනේ කියලා නියමයක් නෑ. සමහර tradersලා ඉන්නවා මේ ක්‍රම 4න් 2ක් හෝ ඊට වැඩි ගණනක් කරන අය. Forex වලට අළුත් අය දැන් කලබල වෙන්න එපා. මම ඉදිරීයේදී  මේ හැම trading ක්‍රමයකටම අදාලව trading strategies කියලා දෙනවා. එතකොට ඔයාලට තමන්ට ගැලපෙනම trading ක්‍රමය හොයාගන්න පුළුවන්.

එහෙනම් අපි ඊළඟ ලිපියෙන් බලමු Scalpersලට හා Day tradersලා ට වැඩියෙන් වැදගත් වන Forex trade කලයුතු වේලාවන් ගැන. ජයවේවා!

26. Stop Loss එකේ වැදගත්කම (Money management lesson - 2)

ඔයාලට දැන් SL එකක් හා TP එකක් දාන හැටි හොඳට පුරුදු ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන්ම අහන්න. මට කලින් පාඩමේදී කියන්න බැරි වෙච්ච වැදගත් දෙයක් තියෙනවා. ඒකයි මම හිතුවේ තව පොඩි post එකක් දාන්න ඕනේ කියලා.

සමහර tradersලා ඉන්නවා එයාලා SL එකක් එයාලගේ trades වලට දාන්නේ නෑ. එයාලා එහෙම දාන්නේ නැත්තේ ගොඩක් වෙලාවට එයාලා trade එකක් open කලාම එයාලා computer එක ගාව ඉඳලා trade එක දිහා බලාගෙන ඉඳලා එයාලට ඕන price එකට ආවාම trade එක close කරන නිසා. ඒ කියන්නේ trade එක හරි පැත්තට යනවා නම් එයාලට අවශ්‍ය Pips ගණන ලැබුනාම එහෙමත් නැතිනම් trade එක වැරදි පැත්තට යනවා නම්, එයාලා trade එක close කරන්න හිතාගෙන ඉන්න price එකට ආවාම trade එක close කරනවා.


මේ ක්‍රමය demo account එකකදි නම් ප්‍රශ්නයක් නෑ. ඒත් හිතන්න අපි real account එකක ලොකු මුදල් ගණනක trade එකක් open කරලා තියෙනවා කියලා. හදිසියේ අපි trade එක open කරලා තියෙන අතරේ power cut එකක් වෙනවා (ලංකාවේ ඕනෙම වෙලාවක වෙන්න පුළුවන් දෙයක් නේ), නැතිනම් internet connection එක අවුල් වෙනවා, එහෙමත් නැතිනම් computer එක crash වෙනවා. ඔය වගේ මොකක් හරි අකරතැබ්බයක් වුනා කියලා හිතමු. එතකොට අපේ trade එකට මොකද වෙන්නේ? Trade එක profit පැත්තට ගියොත් නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි loss පැත්තට දිගටම ගියොත් නම් විනාශයක් තමයි වෙන්නේ.

මේවගේ දෙයක් සිදුවුනොත් වෙන හානිය අවම කරගන්න අවශ්‍යයි. ඒ නිසා සමාන්‍යයෙන් professional tradesලා එයාලගේ trades වලට hard stop කියලා එකක් දානවා. Hard stop කියන්නේ SLම තමයි හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි අපි අපේ trade එක close කරන්න හිතාගෙන ඉන්නේ Pips 20ක් Loss පැත්තට ගියොත් කියලා නම්, අපි hard stop එකේ දී SL එක දෙන්නේ Pips 40ක් හෝ 50ක් විදිහට. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් SL දෙනවට වඩා දෙගුණයක් විතර. හැබැයි හොඳට මතක තියාගන්න මේ hard stop එකට ඇවිල්ලා trade එක close වෙන්න ඉඩදෙන්නේ මොකක් හරි අවුලක් වුනොත් විතරයි. අපි trade එක computer එක දිහා බලලා close කරනවා නම් Pips 20ක් loss පැත්තට ගිය ගමන් අපි manually trade එක close කරන්න ඕනේ. එහෙම නොකලොත් අපේ Money management එක ඔක්කොම අවුල් වෙනවා.

ඒ වගේම අපි අපේ real account එකේ broker ගේ telephone number එක දැනගෙන ඉන්න ඕනේ. අපිට පුළුවන් හදිස්සියේ මොකක් හරි අවුලක් වුනොත් එයාලට කතාකරලා අපේ trade එක close කරන්න කියලා කියන්න. හැබැයි එහෙම කියන්න අපි අපේ trade එකේ details දැනගෙන ඉන්න ඕනේ. එතකොට brokerටත් ලේසී අපිටත් ලේසී. කොහොමද මේක කරන්නේ. සාමාන්‍යයෙන් professional tradersලා එයාලා open කරන හැම trade එකකම Order number එක, Currency pair එක, trade එක open කරපු දිනය හා වෙලාව, Lots ගණන කියන විස්තර ටික පොඩි සටහන් පොතක සටහන් කරගන්නවා. (ඒවගේම ඔයාලගේ real account එකේ number එකත් ඒ සටහන් පොතේ කොහේ හරි සටහන් කරලා තියාගන්න ඕනේ.) එතකොට ඔයාලට brokerට call කරන්න අවශ්‍ය වුනොත් details ඔක්කොම දීලා ඉක්මනට ඔයාලට අවශ්‍ය දේ කරගන්න පුළුවන්. Log පොතක් තියාගන්න එකේ වැදගත්කම් ගොඩක් තියෙනවා අපි ඒවා ගැන ඉදිරියේ දී කතාකරමු.

මිළඟ ලිපියෙන් අපි කතාකරමු Forex trade කල යුතු වෙලාවල් ගැන.

25. Stop Loss හා Take Profit - 2 (Money management Lesson - 2)

කලින් පාඩමෙන් අපි Stop Loss, Take Profit කියන්නේ මොනාද කියලා ඉගෙන ගත්තනේ. අද අපි බලමු Metatrader එකේ Stop Loss හා Take Profit කියන අගයන් අපි trade එකක් open කරද්දී දෙන්නේ කොහොමද කියලා.

එහෙනම් Metatrader එක open කරලා EUR/USD M15 chart එක ගන්න. ඊට පස්සේ අපි කලින් හදාගත්ත Standard colors කියන template එක load කරගන්න. (මේවා කරන හැටි මතක නැතිනම් 17 පාඩම බලන්න.) ඊට පස්සේ Auto scroll කියන button  එක uncheck කරලා Chart shift කියන button එක click කරන්න.



අපි Stop Loss කියන්නේ මොකක්ද කියලා දැනගත්තාට ඒකේ අගය හරියටම තීරණය කරන එක ලේසිපාසු වැඩක් නෙවෙයි. Forex trader කෙනෙක් සාර්ථක වෙනවද, නැතිනම් අසාර්ථක වෙනවද කියන එකට බලපාන එක සාධකයක් තමයි මේ Stop loss කියන එක. Take Profit  කියන අගයටත් වඩා වැදගත් මේ Stop Loss කියන එක. Stop Loss හා Take Profit කියන අගයන් එක්කෝ Pips ගණනක් විදිහට එහෙමත් නැතිනම් price එකක් විදිහටත් දක්වන්න පුළුවන්. ඒ වගේම Buy order එකක් කරද්දී Stop Loss එක තියෙන පැත්තයි Sell order එකක් කරද්දී  Stop loss එක තියෙන පැත්තයි වෙනස්. අපි උදාහරණ කීපයක් බලමු.




ඉහත රූපසටහන බැලුවාම ඔයාලට පැහැදිලි ඇති Sell order එකකදී Stop loss එකේ අගය අපි trade එක open කරපු price එකට වඩා වැඩි අගයක් ගන්න බවත්, ඒවගේම Take profit එකේ අගය අපි trade එක open කරපු price එකට වඩා අඩු අගයක් ගන්න බවත්. Buy order එකකදී මේකේ සම්පුර්ණයෙන් අනිත් පැත්ත. රූපසටහනේ Stop loss හා Take profit අගයන් දක්වලා තියෙන්නේ price එකක් විදිහට අපි කොහොමද ඒ අගයන් Pips වලින් දැනගන්නේ. අපි ඉස්සෙල්ලාම බලමු Sell order එක.

Stop loss in pips of a Sell order = (Stop loss price ) - (Sell order opened price)
= 1.4365 - 1.4326
= 40 Pips

එතකොට රූපසටහනේ විදිහට අපේ Stop loss එක Pips වලින් ගත්තාම අපි Pips 40ක Stop loss එකක් තමයි දාලා තියෙන්නේ. එතකොට Sell order එකේ Take profit එකේ අගය Pips වලින් කීයද?

Take profit in pips of a Sell order = (Sell order opened price) - (Take profit price)
= 1.4325 - 1.4265
= 60 Pips

එතකොට අපේ Take profit එක වෙලා තියෙන්නේ Pips 60ක්. ඒ කියන්නේ මේ දාලා තියෙන Sell order එකෙන් අපි Pips 40ක අවදානමක් අරගෙන Pips 60ක් හොයන්න බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු Buy order එක දිහා.

Stop loss in pips of a Buy order = (Buy order opened price) - (Stop loss price)
= 1.4325 - 1.4285
= 40 Pips

Take profit in pips of a Buy order  = (Take profit price) - (Buy order opened price)
= 1.4385 - 1.4325
= 60 Pips

එතකොට අපිට පේනවා Buy order එකත් Sell order එක වගේ ම Pip 40ක Stop loss එකක් හා Pip 60ක Take profit එකක් තියෙනවා කියලා. 


Sell order එකක open කරන price එක 1.4352 නම්, හා Stop Loss එක Pips 50ක් හා Take profit එක Pips 100ක් නම්, Stop loss  එකේ price එකේ හා Take Profit  එකේ price එක කීයද? 


Sell order එකක Stop Loss එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා උඩින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා වැඩි අගයක් තමයි  Stop Loss එක වෙන්නේ.)  ඒ නිසා,


Stop Loss price = 1.4352 + 0.0050
= 1.4402


Sell order එකක Take Profit එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා පහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා අඩු අගයක් තමයි Take Profit එක වෙන්නේ.) ඒ නිසා,


Take Profit price = 1.4352 - 0.0100
= 1.4252



Buy order එකක open කරන price එක 1.3221 නම්, හා Stop Loss එක Pips 30ක් හා Take profit එක Pips 90ක් නම්, Stop loss  එකේ price එකේ හා Take Profit  එකේ price එක කීයද? 


Buy order එකක Stop Loss එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා පහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා අඩු අගයක් තමයි  Stop Loss එක වෙන්නේ.)  ඒ නිසා,


Stop Loss price = 1.3221 - 0.0030
= 1.3191


Buy order එකක Take Profit එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා ඉහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා වැඩි අගයක් තමයි Take Profit එක වෙන්නේ.) ඒ නිසා,


Take Profit price = 1.3221 + 0.0090
= 1.3311

තව එක උදාහරණයක් බලමු.

Buy order එකක open කරන price එක 90.51 නම්, හා Stop Loss එක Pips 30ක් හා Take profit එක Pips 90ක් නම්, Stop loss  එකේ price එකේ හා Take Profit  එකේ price එක කීයද? 

Buy order එකක Stop Loss එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා පහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා අඩු අගයක් තමයි  Stop Loss එක වෙන්නේ.)  ඒ නිසා,

Stop Loss price = 90.51 - 0.30
= 90.21

Buy order එකක Take Profit එක තියෙන්නේ Order එක open කරපු price එකට වඩා ඉහලින් (ඒ කියන්නේ order එක open කරපු price එකට වඩා වැඩි අගයක් තමයි Take Profit එක වෙන්නේ.) ඒ නිසා,

Take Profit price = 90.51 + 0.90
= 91.41

අන්තිම උදාහරණය පැටලිලි සහගතද? අන්තිම උදාහරණය සඳහා මම පාවිච්චි කලේ USD/JPY වගේ Quote currency එක JPY වෙන pair එකක price එකක්. මතකනේ ඒ වගේ Currency pairs වල prices දක්වන්නේ දශමස්ථාන 2කින්. 

දැන් ඔයාලට Stop Loss හා Take Profit අගයන් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මෙතන ඉඳලා මම Stop Loss කියන එක "SL" විදිහටත් Take Profit කියන එක "TP" විදිහටත් හඳුන්වන්නම්. Forex market එකේ එහෙම තමයි Stop Loss එකයි Take Profit එකයි හඳුන්වන්නේ. 

ඔයාලට මතක ඇති අපි කලින් පාඩමකදී Trade කරන හැටි පුරුදු වෙන්න පොඩි Trading strategy එකක් හදා ගත්තා. ඒ Strategy එකට අනුව අන්තිමට හැදුනු Candle එක red නම් Sell order එකකුත්, අන්තිමට හැදුනු Candle එක green නම් Buy order එකකුත් අපි කලා. අද අපි බලමු අපේ ඒ පොඩි Strategy එකට SL හා TP අගයන් ඇතුලත් කරගන්නේ කොහොමද කියලා. 

අපි අපේ TP අගය SL අගය වගේ 2 ගුණයක් විදිහට තමයි ගන්න යන්නේ. ඒ කියන්නේ අපේ SL අගය Pips 20ක් නම්, අපේ TP අගය Pips 40ක් වෙනවා. 

අපි මෙහෙමයි මේක කරන්න යන්නේ, දැනට හැදෙමින් පවතින Candle එක red Candle එකක් නම් ඒ Candle එකේ High අගයට වඩා Pip 1ක් වැඩියෙන් තමයි අපි අපේ SL අගය විදිහට ගන්න යන්නේ. දැනට හැදෙමින් පවතින Candle එක Green candle එකක් නම් ඒ Candle එකේ Low අගයට වඩා Pip 1ක් අඩුවෙන් තමයි අපි අපේ SL අගය විදිහට ගන්නේ. 

හරි එහෙනම් දැනට හැදෙමින් පවතින Candle එක හැදිලා ඉවර වෙච්ච් ගමන් අදාල විදිහට trade එක open කරන්න. Lots ගණන 0.1



මම කරලා තියෙන්නේ Buy order එකක් නිසා මගේ SL එක වෙන්නේ කලින් හැදුනු green candle එකේ Low price එකෙන් Pip 1ක් අඩුවුනාම එන ගණන. කලින් Candle එකේ Low price එක හොයාගන්න පුළුවන් ඔයාලාගේ Mouse cursor එක අර මම සුදුපාට ඊතලයකින් දක්වලා තියෙන තැනට අරන් ගියාම. ඒ කියන්නේ ඒ අදාල candle එකේ close price එක ගාවට.

මගේ Chart එක අනුව, මගේ green candle එකේ low price එක වෙන්නේ 1.4234 ඒකෙන් Pip 1ක් අඩුවුනාම 1.4233. ඒක තමයි මගේ SL එක. ඔයාලත් අදාල විදිහට ඔයාලගේ SL එක ගණනය කරගන්න. SL එක දන්නවා නම් අපිට TP හොයාගන්න දැන් පුළුවන් නේද? හැබැයි ඉස්සෙල්ලාම අපි trade එක open කරපු price එක දැන ගන්න ඕනෙ. ඒක අපේ Metatrader එකේ පහලම තියෙන Terminal කියන කො‍ටුවේ තියෙනවා. 


අපේ SL එකේ price එක 1.4233 නිසා අපේ SL එක Pips වලින් හොයන්න අපිට පොඩි calculation එකක් කරන්න වෙනවා. ඒකට තමයි අපිට අපි trade එක open කරපු price එක දැනගන්න ඕනෙ. හැබැයි ඒ රූපසටහනේ prices 2ක් දැක්වෙනවා.  මේ දෙකෙන් මම රවුම් කරලා තියෙන එක තමයි අපිට අදාල price එක , ඒ කියන්නේ Symbol කියන එකට ලඟින් තියෙන price එක. අනිත් price එකෙන් පෙන්වන්නේ දැන් price එක. අපේ price එක වෙන්නේ 1.4256 එහෙනම් අපි දැන් බලමු අපේ SL එක Pips වලින් කීයද කියලා. 

SL in Pips = 1.4256 - 1.4233
= 23 Pips

ඒ කියන්නේ අපේ SL එක Pips 23. අපි කලින් කිව්වනේ අපේ TP එක SL එක වගේ 2 ගුණයක් කියලා එහෙනම් අපේ TP එක වෙන්නේ Pips 46ක්. දැන් අපිට අපේ TP price එක හොයාගන්න පුළුවන්.

TP price = 1.4256 + 0.0046
= 1.4302

දැන් අපි දන්නවා අපේ SL price එක 1.4233 හා TP price එක 1.4302 කියලා දැන් අපිට තියෙන්නේ ඒ අගයන් 2ක අපේ order එකට ඇතුල් කරන්න විතරයි. 

මේක කරන්න ක්‍රම 2ක් තියෙනවා. එකක් තමයි Terminal window එකේ අපේ trade එක උඩ right click කරන එක. එතකොට එන Menu එකෙන් "Modify or Delete order" කියන එක select කරන්න ඕනෙ.


එහෙම නැතිනම් තියෙන්නේ අපේ order එකේ S/L  හෝ T/P වලින් දක්වලා තියෙන කො‍ටු දෙකෙන් එකක් double click කරන එක.


ඉහත රූපසටහනේ මම රතු පාට කො‍ටු 2කින් දක්වලා තියෙන්නේ ඒ තැන් 2ක. කොයි ක්‍රමයට කලත් ඔයාලට පහත දැක්වෙන ආකාරයේ window එකක් ලැබෙන්න ඕනෙ. 


ඊට පස්සේ කරන්න තියෙන්නේ අදාල කො‍ටුවලට අපි ගණනය කරගත්ත SL හා TP අගයන් ඇතුලත් කරලා Modify  කියලා තියෙන button එක click කරන එක. මේ Modify කියන button එක enable වෙන්නේ නැතිනම් ඔයාලගේ SL එකේ හරි TP එකේ හරි මොකක් හරි වැ‍රැද්දක් තියෙනවා. එතකොට check කරලා බලන්න වැරදිලාවත් Market price එක අපේ SL හෝ TP අගයට ලංවෙලාද කියලා. මොකද ඒ prices අතර අඩුම ගණනේ pips 4ක වත් වෙනසක් තියෙන්නේ ඕනෙ. 

එහෙනම් දැන් ඔයාලා SL හා TP කියන්නේ මොනාද? ඒවා කොහොමද Metatrader එකේ දී පාවිච්චි කරන්නේ කියලා දන්නවා. මම උදාහරණයට ගත්තේ Buy order එකක්, Sell order එකකදී මේකේ අනිත් පැත්ත. මම හිතන්නේ දැන් ගොඩක් දෙනෙක්ට තේරෙනවා. පැහැදිලි නැති කෙනෙක් ඉන්නවා නම් අහන්න. 

එහෙනම් මීළඟ post එකෙන් හමුවෙමු.

24. Stop Loss හා Take Profit - 1 (Money management Lesson - 2)


මම මේ අද කරන්න යන පාඩමත් ඉතාමත් වැදගත් පාඩමක්. මේකේ කියලා දීලා තියෙන දේවල් හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත්.

කලින් පාඩමකින් අපි Margin Level එක ගැන ඉගෙන ගත්තා මතකද? (21 පාඩමින්).  අපි ඒ පාඩමේදී ඉගෙන ගත්තා Margin Call එකක් කියන්නේ මොකක්ද කියලත්. හැබැයි Margin Call එකක් හරියටම ඇතිවෙන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි මදි කියලා මම හිතනවා. ඒ නිසා අද අපි ඉස්සෙල්ලාම ඒක ගැන පොඩ්ඩක් බලමු.

ඊට කලින් කියන්න දෙයක් තියෙනවා. මගේ blog එක බලන සහෝදරයෙක් අහලා තිබ්බා "Forex වල trade එකක් open කරලා ඒ trade එක close කරන්න නිශ්චිත කාල සීමාවක් තියෙනවද කියලා. එහෙම නිශ්චිත කාල සීමාවක් නැතිනම්  අපිට කවදාවත් loss එකක් නැතිව trades close කරන්න පුළුවන් නේද?" කියලා. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්, මොකද අපි trade එක open කරපු ගමන් trade එක loss පැත්තට ගියත් කවදා හරි price එක ආපහු profit පැත්තට එනකම් ඉඳලා අපිට trade එක close කරන්න පුළුවන් නිසා.  මොකද ඔයාලා දන්නවා නේ Forex market එකේ price එක හැමවෙලේම ඉහල පහල යනවා කියලා. මේක මෙහෙම කරන්න පුළුවන් නම් කවුරුත් මේක කරන්නේ නැත්තේ ඇයි? මේකට හේතුව තමයි Margin Call කියන එක. අපි හරියට Money management නොකලොත්, trade එකක් දිගින් දිගටම loss පැත්තට ගියොත් අපිට Margin Call එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ Forex account එකේ ඉතිරි වෙන්නේ අපි trade එක open කරද්දී broker අපෙන් ගන්න Margin එක විතරයි. ඉතිරි සල්ලි ටික ඔක්කොම Forex market එකට යනවා. අපි උදාහරණයකින්ම මේක ගැන study කරමු. මේ උදාහරණයේදී Margin call එකක් ලැබෙන Marging Level  එක විදිහට 100% අපි පාවිච්චි කරමු මොකද මේක තමයි ගොඩක් brokersලා Margin call එකක් ලබාදෙන අවස්ථාව.


අපි හිතමු EUR/USD = 1.4841/1.4844, අපේ account balance එක USD 3000 හා අපේ Leverage එක 400:1, අපි buy order එකක් කරනවා Lots1,

එතකොට අපේ Margin එක වෙන්නේ, 1.4844 X 100,000 / 400
= USD 371.1
(Margin කියන්නේ මොකක්ද කියලා මතක නැතිනම් 21 පාඩම බලන්න.)

දැන් අපේ හිතමු අපේ කරුමෙට trade එක loss පැත්තට යනවා කියලා. දැන් EUR/USD = 1.4821/1.4824 නම් අපේ account එකේ Equity, Free Margin හා Margin Level එක කීයද කියලා අපි Calculate කරලා බලමු. 

Loss in Pips = 1.4821 - 1.4844 
=  -23 

Loss in USD = (0.0001 X -23 X 100,000)
= USD - 230 (මේ ගණන මෙහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි නැතිනම් 11 පාඩම් බලන්න. ඒත් පැහැදිලි නැතිනම් අහන්න.)

එහෙනම්,
Equity = 3000 - 230
= USD 2770

Free Margin = 2770 - 371.10
= USD 2398.90

Margin Level = (2770 /  (148,440/400)) X 100
= 746.43%

Trade එක තවදුරටත් loss පැත්තට යනවා. අපි හිතමු දැන් trade එකෙන් Pips 100ක loss එකක් වෙලා කියලා. ඒ කියන්නේ EUR/USD = 1.4744/1.4747. දැන් අපි ආයෙත් බලමු Equity, Free Margin හා Margin Level එක කීයද කියලා.


Loss in USD = (0.0001 X -100 X 100,000)
= USD - 1000


Equity - 3000 - 1000
= USD 2000


Free Margin =  2000 - 371.10
= USD 1628.90


Margin Level = (2000 / (148,440/400)) X 100
= 538.94%


දැන් ඔයාලට පේනවද Pips 23ක Loss එකක් තියෙද්දී 746.43% වුනු Margin level එක, Loss එක Pips 100ක් වුනාම 538.94% වෙනවා. දැන් අපි බලමු Pips 250ක loss එකකට පස්සේ අපේ Margin Level එක කීයද කියලා (මතක තියාගන්න අපි තවම trade එක close කරලා නෑ. අපිට trade එක දිහා බලන්න වෙලාවක් නැතුව තියෙද්දී trade එක දිගටම loss පැත්තට යනවා කියලා හිතන්න.)


අපිට Pips 250ක loss එකක් වෙන්නේ EUR/USD = 1.4594/1.4597 වුනාම


Loss in USD = (0.0001 X -250 X 100,000)
= USD - 2500


Equity = 3000 - 2500
= USD 500


Free Margin = 500 - 371.10
= USD 128.90


Margin Level = (500 / (148,440/400)) X 100
=  134.73%


අපේ Account balance එක USD 3000 දී අපි currency lot 1ක trade එකක් open කරලා Pips 250ක loss එකක් කරගත්තොත් අපේ Margin Level එක ආසන්න වශයෙන් 134.73% දක්වා අඩුවෙනවා (ආසන්න වශයෙන් කියලා කිව්වේ මේ Margin Level එක Currency pair එකේ price එකත් එක්ක සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන් හින්දා.) USD quote currency එක විදිහට තියෙන currency pairs වල අපිට පහසුවෙන්ම හොයන්න පුළුවන් Margin call එකක් ලැබෙන්න කොච්චර Pips ගණනක Loss එකක් වෙන්න ඕනෙද කියලා. හැබැයි මේ ගණන හදන්න අපිට Currency price, Account balance, Lots හා Leverage කියන දත්ත අවශ්‍ය වෙනවා. එහෙනම් අපි එහෙම ගණනකුත් හදලා බලමු.


අපි EUR/USD = 1.4525/1.4528 තිබියදී Currency Lot 1ක් buy order එකක් කලොත් Margin Call එකක් එන්නේ Pips කියක් loss වුනොත් ද? (Account balance = 3000, Leverage = 400:1)


අපි දන්නවා, Margin Level = (Equity / Margin) X100
එම නිසා 100% = (Equity / ((1.4528 X 100,000) / 400)) X 100
ඉහත සමීකරණය සුළු කලාම අපිට ලැබෙනවා
Equity = (1.4528 X 100,000)/400
= USD 363.20


Account balance එක USD 3000 නම් Equity එක USD 363.20 දක්වා අඩුවෙන්න, සිදුවෙන්න අවශ්‍ය loss එක,
Loss in USD = 3000 - 363.20
= USD 2636.80


Pips ගණන = 2636.80  / (0.0001 X 1 X 100,000)
= 263.68
= 263


දැන් තේරෙනවද, අපි EUR/USD = 1.4525/1.4528 තිබියදී Currency Lot 1ක් buy order එකක් කලොත් Margin Call එකක් එන්නේ Pips 263කට වඩා loss වුනොත්.


කෙටියෙන් කිව්වොත් අපිට ඉහත උදාහරණයේ විදිහට Margin call එකක් ආවොත් අපේ Account එකේ තිබ්බ USD 3000න් ඉතිරි වෙන්නේ trade එක open කරන්න ගිය Margin එක විතරයි. ඒ කියන්නේ USD 363.20ක් විතරයි.

Pips 263ක් කියන්නේ Forex market එකේ ලොකු ගණනක් නෙවෙයි. Market එකේ condition එක්ක pips 263ක් සතියකින් වුනත් move වෙන්න පුළුවන්. දැන් ඔයාලට තරමක් පැහැදිලි ඇති ඇයි Trade එකක් loss පැත්තට යද්දී කවදා හරි ඒක profit වලට හරවා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඒ trade එක අල්ලගෙන ඉන්න එක එතරම් නුවණට හුරු නැත්තේ ඇයි කියලා.

බොහෝමයක් Professional forex tradersලා කරන්නේ trade එක loss පැත්තට යද්දී වැඩි දුර යන්න නොදී ඒ trade එක close කරන එක. එතකොට එයාලට loss එකකින් සිදුවන පාඩුව අවම කරගන්න පුළුවන්. මෙන්න මේකට තමයි අපි Stop loss කියන එක පාවිච්චි කරන්නේ.

මේක වැඩ කරන විදිහ හරිම සරලයි. Stop loss කියන දත්තය අපිට trade එක open කරන කොටම හරි, එහෙමත් නැතිනම් trade එක open කරලා පස්සේ වෙලාවක ඇතුලත් කරන්නත් පුළුවන්. මෙහෙම Stop loss කියන data එක enter කලාම වෙන්නේ Currency pair එකේ price එක Stop loss කියන එකේ තියෙන අගයට සමාන වෙච්ච ගමන් අපේ trade එක auto close වෙන එක. එතකොට trade එක දිගටම loss පැත්තට යමින් තිබුනා නම් අපිට සිදුවෙන්න තිබුනු loss එක අවම කරගන්න පුළුවන් වෙනවා. Stop loss කියන එක මෙහෙම තේරුම් ගන්න පුළුවන් වුනාට Stop loss එකේ අගය තීරණය එක එච්චර පහසු වැඩක් නෙවෙයි. මොකද අපි Stop loss එක අඩු ගණනක් දැම්මොත් trade එක පොඩ්ඩක් loss  පැත්තට ගිය ගමන් close වෙනවනේ. එතකොට පොඩි පොඩි losses ගොඩක් එකතු වෙලා අපිට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි Stop loss එක ලොකු ගණනක් දැම්මොත්, අපි කරන trade එක loss වුනොත් අපිට ලොකු පාඩුවක් වෙනවා. මේකේ අගය තීරණය කිරීමේ හැකියාව අපිට පළපුරුද්දත් එක්ක ලබා ගන්න පුළුවන්. අපි මීළඟ post එකෙන් බලමු Metatrader එකේ Stop loss එකක් දාන්නේ කොහොමද කියලා.

අනිත් එක තමයි Take profit කියන එක. මේකත් Stop loss වගේම එකක් හැබැයි මේක Stop loss එකේ අනිත් පැත්ත. ඒ කියන්නේ trade එක profit පැත්තට යද්දී අපිට අවශ්‍ය අගයකදී trade එක close කරගන්න තමයි Take profit කියන එක පාවිච්චි කරන්නේ. දැන් ඔයාලා බලයි trade එක profit පැත්තට යනවා නම් මොකටද trade එක close කරන්නේ කියලා. මේකට හේතුව තමයි trade එක දැන් profit පැත්තට ගියාට තව මොහොතකින් කොහේ යයි ද කියලා ශක්‍රයාටවත් කියන්න බැරි නිසා. හදිසියේවත් trade එක profit පැත්තට ගිහිල්ලා ඒක profit තියෙද්දී close කරගන්න බැරි වුනොත් හරිම පාඩුවක් තමයි වෙන්නේ. ඒක වලක්වන්න තමයි Take profit කියන value එක තියෙන්නේ. මීළඟ post එකෙන් මම කියලා දෙන්නම් අපේ trade එකට Take profit කියන එක enter කරන්නේ කොහොමද කියලා.

පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න.