Saturday, January 7, 2012

►එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සිං නෝර්ගේ◄

ලොව උසම කන්ද එවරස්ට්ය. එය තරණය කිරීම යනු විශාල අභියෝගයක් ජය ගැනීමකි. ඒ අභියෝගය ජය ගන්නට බොහෝ දෙනෙක් වෙර දැරුවේ තම නම ලෝ පතළ කරන්නට ඉන් හැකියාව ලැබෙන හෙයිනි. මේ තරගයෙන් ජය ගන්නට හැකි වුණේ නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරිටයි. ඔහුත් සමග කඳු ශිඛරය තරණය කළ අනෙත් පුද්ගලයා වූයේ හිලරිගේ සහායක ලෙස කටයුතු කළ ටෙන්සිංය.

එඩ්මන්ඩ් හිලරි උපන්නේ 1919 වසරේ ජූලි 20 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදීයි. ඔහුගේ පියා පර්සිවෙල් හිලරියි. ටූ ආකවු දිස්ති‍්‍රක්කයේ ප‍්‍රවෘත්ති ආයතනයක කර්තෘ ලෙස කටයුතු කළ පර්සිවෙල් එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයත් සමග ඇති කරගත් යම් යම් ප‍්‍රශ්න හේතුවෙන් එම රැකියාවෙන් ඉල්ලා අස්වෙන්නට තීරණය කළා. ඉන් අනතුරුව ඔහු සිය සම්පූර්ණ කාලයම වැය කළේ ඔහු වඩාත්ම පි‍්‍රය කළ විනෝදාංශය වූ මී මැසි පාලන කටයුතු වල නිරත වීමටයි.ඕක්ලන්ඩ් හි පිහිටි ග‍්‍රැමර් පාසලින් අකුරු උගත් හිලරි තරමක ලජ්ජාකාරයෙක් වුණා. නිවසේ සිට ඕක්ලන්ඩ් හි පිහිටි මෙම පාසලට යන්නට හිලරිට පැය දෙකක කාලයක් ගත වුණා. යන එන ගමනට ගතවන ඒ කාලය අපතේ නොයැවූ හිලරි ඒ අතරතුරේදී පත පොත කියවන්නට වුණා. වීර කි‍්‍රයා ඇතුළත් පොත පතයි ඔහු වැඩිපුරම කියවන්නට ආසා කළේ. සමාජශීලි දරුවකු නොවුණු හිලරි දවල් හීන දකිමින් කාලය ගත කරන්නටයි වැඩිපුර කැමැත්තක් දැක් වූයේ.හිලරිගේ මුල්ම කඳු තරණය වූයේ රුෆෙයු කන්දයි. දහසය වැනි වියේ පසුවුණු හෙතෙම පාසල් අධ්‍යාපන චාරිකාවකදියි මෙම වීර කි‍්‍රයා කළේ. කඳු තරණය කිරීමට උපකාරී වන කායික සහ මානසික ශක්තිය තමා සතුව ඇති බව හිලරිට අවබෝධ වූයේ එදිනයි. කෙදිනක හෝ තමන් ලොව උසම කඳු මුදුන තරණය කරන බව හිලරි අධිෂ්ඨාන කරගත්තේ ද මෙහිදියි.සියල්ලටම පෙර පාසල් අධ්‍යාපනය නිසි ලෙස අවසන් කර ගත යුතු බව අවබෝධ කරගත් හිලරි අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙමින් කටයුතු කරන්නට අමතක කළේ නැහැ.ඕක්ලන්ඩ් හි ‘ස්කූල් ඔෆ් රේඩියන්ට් ‘ පාසලේ ගුරුවරයෙකු ලෙසින්ද හිලරි කටයුතු කළා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු දහනවයයි. 1938 සිට 1943 දක්වාම හිලරි මෙම පාසලත් සමග කටයුතු කළා. එඩ්මන්ඩ් හිලරි පසු කලකදි මෙම පාසල පිළිබඳව මෙසේ කතා කළා.“සබකෝලය නැති කරගෙන ආත්ම විශ්වාසයෙන් කතා කිරීමේ හැකියාව මට ලැබුණේ මේ පාසලේදියි. නිදහසේ සිතන්නටත් වැදගත් මාතෘකා ඔස්සේ සිත මෙහෙයවන්නටත් මට පුළුවන් වුණේ මෙහිදියි”.කෙසේ වුවද හිලරි වැඩි කලක් මේ රැකියාවේ නිරත වුණේ නැහැ. ඔහු තම පියාගේ ව්‍යාපාරය වූ මී මැසි පාලනයේ නිරත වෙන්නට තීරණය කළා. මේ අතරතුරේදී හිලරි නාවිකයකු ලෙසින් අව්ඛඒජ් වලට සම්බන්ධ වුණා. වර්ෂ 1945 දි හිලරිට ෆිජිහි සොලමන් දූපත් වලට රාජකාරි සඳහා පිටත් කර යැවුණා. එහිදී සිද්ධ වුණු බෝට්ටු අනතුරක් නිසා නැවත නවසීලන්තයට පැමිණෙන්නටයි හිලරිට සිද්ධ වුණේ.

යෙටීගේ පා සටහන් හමුවේ කඳු නැගීමේ ආසාවෙන් සිටි හිලරි වරින් වර විවිධ කඳු තරණය කළා. 1951 දී ඔහු ඇල්ප්ස් කඳු මුදුන තරණය කළා. එකල සිටි සෑම කඳු නගින්නෙකුගේම සිහිනය වූ එවරස්ට් ජය ගැනීම කෙරෙහි හිලරිගේද අවධානය යොමු වුණා. මෙවැනි කඳු මුදුන් තනිව තරණ කළ නොහැකියි. ඒ සඳහා හොඳ කණ්ඩායමක සහභාගීත්වය අත්‍යවශ්‍යයි. ඒ අනුව හිලරි 1951 දී එරික් ෂිප්ටන් හා එක්ව ටිබෙට් රට පැත්තෙන් හිමාල එවරස්ට් නගින්නට සූදානම් වුණා. එහෙත් අයහපත් කාලගුණය ඔවුන්ගේ ඒ ගමනට බාධා පැමිණ වූ නිසා තම අරමුණ ජයගන්නට එවර ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.කෙසේ වුවද හිලරි සහ ෂිප්ටන් දෙදෙනාට හිමාලයේ අඩි 19,000 ක් ඉහළ දී හිම කඳු මුදුනේ තිබූ විශාල පරිමාණයේ මිනිස් පිය සටහන් දකින්න ලැබුණා. හිම කඳු වල වසන අද්භූත යෙටී නමැති සතාගේ යැයි අනුමාන කළ හැකි සතෙකුගේ පිය සටහන් වල ඡායාරූප ගත් මොවුන් දෙදෙනා එමගින් ගවේෂකයන්ගේ සිත් කුතුහලයෙන් පුරවනු ලැබුවා.මේ වන විට ටිබෙටය පාලනය කළ චීනය එවරස්ට් තරණය කිරීමේ මාර්ගය වසා දමා තිබුණා. වසරකට එක් ගවේෂණයකට පමණයි නේපාලය අවසරය ලබා දුන්නේ . 1952 දී ස්විස් කණ්ඩායමක් එවරස්ට් තරණය කළ අතර ටෙන්සිංද ඊට සහභාගි වුණා. එහෙත් අයහපත් කාලගුණය ඊට ද බාධා පැමිණුවා.

එවරස්ට් කන්ද තරණය1953 දී බි‍්‍රතාන්‍ය ගවේෂක පිරිසක් එවරස්ට් තරණයට සූූදානම් වුණා. හිලරිට සහ ඔහුගේ මිතුරු ජෝර්ජ් ලොවේටද මීට එකතු වන ලෙසට ආරාධනා ලැබුණා. ෂිප්ටන් මේ කණ්ඩායමේ නායකත්වයට පත් වුවද පසුව එය වෙනස් වී නායකත්වය හන්ට්ට ප‍්‍රදානය කළා. මේ සිදුවීම නිසා කළ කිරුණු හිලරි එම කණ්ඩායමෙන් ඉවත් වෙන්නටයි තීරණය කළේ. එහෙත් හන්ට් සහ ෂිප්ටන් යන දෙදෙනාම හිලරි සමග සාකච්ඡා කර ඔහුගේ තීරණය වෙනස් කළා. 1953 මාර්තු මාසයේදී ඔවුන් එවරස්ට් තරණය කිරීම ආරම්භ කළා. ඉතා සෙමින් ප‍්‍රවේශම් සහගතව එවරස්ට් කන්ද නැග්ග ඔවුන් අඩි 25,900 ක උසින් සිය අවසාන කූඩාරම් ගසා ගත්තා. කණ්ඩායමේ සිටි බෝර්ඩිලන් සහ එවන්ස් යන දෙදෙනා එතැන් සිට කඳු මුදුනට සමීප වෙන්නට උත්සාහ ගත්තා. එහෙත් එවන්ස්ගේ ඔක්සිජන් ටැංකිය කි‍්‍රයා විරහිත වීම නිසා ඔවුන් දෙදෙනාට ආපසු හැරී පැමිණෙන්නටයි සිද්ධ වුණේ.ඉන් අනතුරුව වාරය එළඹුණේ හිලරිට සහ ටෙන්සිංටයි. හිම සහ සුළඟ නිසා මොවුන් දෙදෙනාගේ ගමන දවස් දෙකකට ප‍්‍රමාද කරන්නට සිද්ධ වුණා. මොවුන්ට ගමන් ආරම්භ කරන්න සිද්ධ වූයේ මැයි 28 වැනිදා යි. මොවුන් දෙදෙනා අඩි 27900 ක උසක් නැග තිබුණා. එදින රාති‍්‍රය ගත කරන්නට කඳවුරක් තැනූ ඔවුන් පසුදිනට නියමිත සැලසුම් පිළිබඳව කතා කරන්නට වුණා.මැයි 29 වැනිදාට පහන් වූ අතර ගමන නියමිත පරිදි එය ආරම්භ කරන්නට නොහැකි වූයේ හිලරිගේ බූට්ස් දෙක සීතලට ගල් වී තිබුණු නිසායි. ඒවා උදුනට අල්ලාගෙන උණුසුම් කරන්නට පැයක්ම ගත වී තිබුණා. ඉන් අනතුරුව ගමන් ආරම්භ කළ මේ දෙදෙනා බොහෝම සහයෝගයෙන් කන්ද නගින්නට වුණා .

1953 මැයි 29 වැනිසා එවරස්ට් කඳු මුදුනට පාතබන්නට හිලරිට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව ඔහුගේ සහායක ලෙස කටයුතු කළ ටෙන්සිං කඳු මුදුනට ළං වුණා.එවරස්ට් ජය ගත් පුවත ලොව පුරා පැතිරෙන්නට වුණා. එංගලන්තයේ දෙවැනි එළිසබත් රැජනගේ මෞලි මංගල්‍යය යෙදී තිබුණේද එදිනටයි. මේ පුවතින් සතුටට පත් මහ රැජන එවරස්ට් ජය ගත් හිලරිටත් ටෙන්සිංටත් ගෞරව සම්මාන ප‍්‍රදානය කරන්නට තීරණය කළා.එවරස්ට් තරණය කිරීමෙන් අනතුරුව එඩ්මන්ඩ් හිලරිගේ වික‍්‍රමාන්විත ගවේෂණ අවසන් වූයේ නැහැ. කුතුහලය පිරි එඩිතර පුද්ගලයෙක් වුණූ හිලරි 1955 - 1958 අතරතුර කාලයේදී බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍යය මණ්ඩලීය, ඇන්ටාක්ටික් ගවේෂණය සඳහා එම කණ්ඩායමේ නායක විවියන් ෆූක්ස්ට සහාය වූයේ , එහි අණ දෙන නිලධාරියා ලෙසින්. මෙහිදි රෝස් මුහුදු නිම්නය සොයා ගන්නට ඔවුන්ට පුළුවන්කම ලැබුණා. 1960- 61 සහ 1963 - 65 දක්වා කාලයේදී ඔහු දකුණු ධ‍්‍රැව පෙදෙස තරණය කළා.1985 දී, හිලරි, නීල් ආම්ස්ටෙ‍්‍රාන්ග් සමග එක්ව කුඩා ගුවන් යානයකින් ආක්ටික් මුහුදු ඔස්සේ පියාසර කරමින් උත්තර ධ‍්‍රැවයට සමීප වුණා. උත්තර සහ දක්‍ෂිණ ධ‍්‍රැව යන ධ‍්‍රැව දෙකම වෙත ගිය පළමුවැනියා වූයේ එඩ්මන්ඩ් හිලරියි. එම වසරේදීම ඔහු ඉන්දියාව , බංග්ලාදේශය සහ නේපාලය යන රටවල නවසීලන්ත තානාපති වශයෙන්ද කටයුතු කළා


තමන්ගේම බ්ලොග් පිටුවක් හදා ගනිමු


දැන් ගොඩක් අන්තර්ජාලය භාවිතා කරන අය මේ කියන බ්ලොග් ලිවීමට පුරුදු වී සිටිනවා. තම එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන විවිධ සිද්ධි, අත්දැකීම් වගේම තවත් බොහෝ දේ ඇතුලත් කරලා තමන්ගේම කියලා බ්ලොග් පිටුවක් අද ගොඩ දෙනෙක් සතුව තියෙනවා. ඒත් අන්තර්ජාලය භාවිතට අලුතෙන් ආපු අයට මේ හැම දෙයක්ම අලුත්. අන්න ඒ හේතුව නිසා තමයි මම මේ වගේ ලිපියක් ලියන්න හිතුවේ. ඇත්තටම මේ ‍ම‍ගේ බ්ලොග් එකේ පළමුවෙනි ලිපිය නිසා ඔය ගොල්ලන් මේ ලිපිය කියවලා දාලා යන කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා. ඒක නිසා මේ ලිපියේ හොඳ නරක වගේම මේ ලිපිය ගැන ඔයාලට හිතෙන දේත් ලියල යන්න අමතක කරන්න එපා කියලත් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් දැන් බලමු කොහොමද තමන්ගෙම කියල බ්ලොග් පිටුවක් හදාගන්නෙ කියලා.

මේක හරිම ලෙහෙසි කාරනයක්. ඔයාලා දැන් මේ ලිපිය කියවන මගේ බ්ලොග් පිටුවත් මම හැදුවේ මම මේ කියන්න යන විදිහටමයි. එහෙනම් මුලින්ම බලමු මේ බ්ලොග් පිටුවක් හදන්න ඕන කරන වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන විදිහ. බ්ලොග් හදන්න ගොඩක් වෙබ් අඩවි තිබුනත් ඒ අතරින් ඉතා ප්‍රචලිතම වෙබ් අඩවිය තමයි Blogger කියන්නෙ. ඒක එහෙම වෙන්න හේතුව මේ Blogger අඩවිය හරහා එය භාවිතා කරන්නන්ට ලබා දීල තියෙන පහසුකම්. ඉතින් මමත් හිතුවා මගේ මේ ලිපියෙදි ඔයාලට Blogger අඩවිය හරහා බ්ලොග් පිටුවක් හදාගන්න විදිහ කියල දෙන්න. මේකට ඉතින් ඉස්සරවෙලාම මේනන මේ ලින්ක් එක උඩ ක්ලික් කරලා Blogger වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන්න ඕන. http://www.blogger.com/ ඔයාලා මේ ලින්ක් එකට පිවිසුන ගමන්ම මෙන්න මේ වගේ වෙබ් අඩවියක් තමයි දැකගන්න ලැබෙන්නේ.


මෙතෙන්දි ඔයාලා "Get started" කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට පිවිසෙන්න පුළුවන් බ්ලොගර් අඩවියෙ ලියාපදිංචි වෙන්න පුරවන්න ඕන පෝරමය වෙතට. එතෙන්දි ඔයාලා ඒකෙ තියෙන සියලුම කොටස් වලට ඔයාලගෙ සැබෑ තොරතුරු දාල පුරවන්න. ඊට පස්සෙ පහළ තියෙන රූපයේ විදිහට "Continue" කියන එක උඩ ක්ලික් කරන්න.


ඒත ක්ලික් කරාම ඔයාලට දැක ගන්න ලැබේවි පහළ රූපයේ තියෙනව වගේ පිටුවක්. මෙතෙන්දි ඔයාලා "Country" කියන මෙනු එක උඩ ක්ලික් කරලා ඒකෙන් "Sri Lanka" තෝරන්න. ඊට පස්සෙ "Phone number" කියන තැන ඔයාලගෙ සත්‍යම ජංගම දුරකතන අංකය දෙන්න. මෙතෙන්දි ඇත්තම දුරකතන අංකය දෙන්න. මොකද ඒක ඉස්සරහට වැදගත් වෙනවා. ඊට පස්සෙ ඉතින් "Send verification code" කියන තැන ක්ලික් කරන්න.


මේ විදිහට හරියට මේ පියවරවල් ටික කරගෙන ආවොතින් ඊළඟට ඔයාලට දකින්න ලැබෙන්නෙ පහළ තියෙන රූපයේ පෙනෙනව වගේ පිටුවක්. මෙතෙන්දි ඔයාලගෙන් Verification Code එකක් ඉල්ලනවා. කලින් පියවරේදි ඔයාලා දීපු ජංගම දුරකතන අංකයට තමයි මේ කියන Verification Code එක එන්නෙ. මේක එන්න එච්චර වෙලාවක් යන්නෙ නැති වුනත් සමහර වෙලාවට විනාඩි 15ක් විතර යනවා. ඉතින් කොහොමහරි ඒ ආපු Verification Code එක මේ "Verification code" කියන තැන ටයිප් කරලා "Verify" ක්ලික් කරන්න.


දැන් ඔයාලා Blogger වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙලා ඉවරයි. ඔයාලා කලින් පියවරේ විදිහට "Verify" කියන එක උඩ ක්ලික් කරාම ඔයාලට පහලින් තියෙන රූපයේ පෙනෙනව වගේ පිටුවක් දැකගන්න ලැබේවි. මෙතන ඉඳල තියෙන්නෙ ඔයාගේ බ්ලොග් අඩවිය සම්බන්ධ කටයුතු. ඉතින් මුලින්ම තියෙන්නෙ ඔයාලගේ බ්ලොග් අඩවියට සුදුසු නමක් දෙන එක. ඒ නම "Blog title" කියන තැන ටයිප් කරන්න. ඊට පස්සෙ බ්ලොග් එකට URL එකක් නැත්තම් බ්ලොග් ඇඩ්රස් එකක් දෙන්න ඕන. මෙතෙන්දි දැනට භාවිතයේ නැති බ්ලොග් ඇඩ්රස් එකක් දෙන්න ඕන. එහෙම නැතුවුනොත් ඊළඟ පියවරට යන්න බැරිවෙනවා. ඔයාලට ඕන ඇඩ්රස් එක "Blog address (URL)" කියන තැන ටයිප් කරලා අවශ්‍යනම් ඒ නම භාවිතයේ නැත්ද කියල බලන්න "Check Availability" කියන තැන ක්ලික් කරන්න. ඒ විදිහට භාවිතයේ නැති බ්ලොග් ඇඩ්රස් එකක් තෝරගත්තට පස්සෙ "Continue" කියන එක උඩ ක්ලික් කරන්න.


දැන් ඔයාල ඇවිල්ල ඉන්නෙ බ්ලොග් එකක් හදන වැඩේ අවසාන පියවරට. මෙතෙන්දි ඔයාලට ඔයාලගේ බ්ලොග් එකට සුදුසු Template එකක් තෝරගන්න අවස්ථාව ලැබෙනවා. ඔයාලට කැමති Template එකක් මෙතෙන්දි තෝර ගන්න පුළුවන්. ඒ සඳහා විවිධ වර්ගයේ Templates ගනනාවක්ම මෙතන දකින්න ලැබෙනවා. බය නැතුව ඕනම Template එකක් තෝර ගන්න. මොකද පස්සෙදි ඔයාලට ඕන නම් මේ Template එක වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා. සුදුසු Template එකක් තෝරගත්තට පස්සෙ "Continue" කියන තැන ක්ලික් කරන්න.


දැන් ඉතින් ඔයාල සම්පූර්ණයෙන්ම ඔයාලගෙ බ්ලොග් එක හදාගෙන ඉවරයි. අවසාන වශයෙන් පෙන්වන පහත දක්වා ඇති ආකාරයේ පිටුවේ ඇති "Start Blogging" කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඉතින් තව තව ගැජට් එහෙම දාලා ඔයාලගේ බ්ලොග් එක ලස්සනට හදලා බ්ලොගින් කරන්න එකතුවෙන්න.



ඉතින් මේක මගේ පළවෙනි ලිපිය නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. එහෙම තියෙන අඩුපාඩු, ‍හොඳ නරක ගැනත් පහළ තියෙන Comments වල සඳහන් කරල යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට, මගේ ඉදිරි ගමනට ලොකු හයියක්. එහෙනම් තව ලිපියකින් හමුවෙමු.

ස්තුතිය....