Saturday, January 7, 2012

තමන්ගේම බ්ලොග් පිටුවක් හදා ගනිමු


දැන් ගොඩක් අන්තර්ජාලය භාවිතා කරන අය මේ කියන බ්ලොග් ලිවීමට පුරුදු වී සිටිනවා. තම එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන විවිධ සිද්ධි, අත්දැකීම් වගේම තවත් බොහෝ දේ ඇතුලත් කරලා තමන්ගේම කියලා බ්ලොග් පිටුවක් අද ගොඩ දෙනෙක් සතුව තියෙනවා. ඒත් අන්තර්ජාලය භාවිතට අලුතෙන් ආපු අයට මේ හැම දෙයක්ම අලුත්. අන්න ඒ හේතුව නිසා තමයි මම මේ වගේ ලිපියක් ලියන්න හිතුවේ. ඇත්තටම මේ ‍ම‍ගේ බ්ලොග් එකේ පළමුවෙනි ලිපිය නිසා ඔය ගොල්ලන් මේ ලිපිය කියවලා දාලා යන කමෙන්ට්ස් මට ගොඩක් වටිනවා. ඒක නිසා මේ ලිපියේ හොඳ නරක වගේම මේ ලිපිය ගැන ඔයාලට හිතෙන දේත් ලියල යන්න අමතක කරන්න එපා කියලත් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් දැන් බලමු කොහොමද තමන්ගෙම කියල බ්ලොග් පිටුවක් හදාගන්නෙ කියලා.

මේක හරිම ලෙහෙසි කාරනයක්. ඔයාලා දැන් මේ ලිපිය කියවන මගේ බ්ලොග් පිටුවත් මම හැදුවේ මම මේ කියන්න යන විදිහටමයි. එහෙනම් මුලින්ම බලමු මේ බ්ලොග් පිටුවක් හදන්න ඕන කරන වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන විදිහ. බ්ලොග් හදන්න ගොඩක් වෙබ් අඩවි තිබුනත් ඒ අතරින් ඉතා ප්‍රචලිතම වෙබ් අඩවිය තමයි Blogger කියන්නෙ. ඒක එහෙම වෙන්න හේතුව මේ Blogger අඩවිය හරහා එය භාවිතා කරන්නන්ට ලබා දීල තියෙන පහසුකම්. ඉතින් මමත් හිතුවා මගේ මේ ලිපියෙදි ඔයාලට Blogger අඩවිය හරහා බ්ලොග් පිටුවක් හදාගන්න විදිහ කියල දෙන්න. මේකට ඉතින් ඉස්සරවෙලාම මේනන මේ ලින්ක් එක උඩ ක්ලික් කරලා Blogger වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙන්න ඕන. http://www.blogger.com/ ඔයාලා මේ ලින්ක් එකට පිවිසුන ගමන්ම මෙන්න මේ වගේ වෙබ් අඩවියක් තමයි දැකගන්න ලැබෙන්නේ.


මෙතෙන්දි ඔයාලා "Get started" කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට ඔයාලට පිවිසෙන්න පුළුවන් බ්ලොගර් අඩවියෙ ලියාපදිංචි වෙන්න පුරවන්න ඕන පෝරමය වෙතට. එතෙන්දි ඔයාලා ඒකෙ තියෙන සියලුම කොටස් වලට ඔයාලගෙ සැබෑ තොරතුරු දාල පුරවන්න. ඊට පස්සෙ පහළ තියෙන රූපයේ විදිහට "Continue" කියන එක උඩ ක්ලික් කරන්න.


ඒත ක්ලික් කරාම ඔයාලට දැක ගන්න ලැබේවි පහළ රූපයේ තියෙනව වගේ පිටුවක්. මෙතෙන්දි ඔයාලා "Country" කියන මෙනු එක උඩ ක්ලික් කරලා ඒකෙන් "Sri Lanka" තෝරන්න. ඊට පස්සෙ "Phone number" කියන තැන ඔයාලගෙ සත්‍යම ජංගම දුරකතන අංකය දෙන්න. මෙතෙන්දි ඇත්තම දුරකතන අංකය දෙන්න. මොකද ඒක ඉස්සරහට වැදගත් වෙනවා. ඊට පස්සෙ ඉතින් "Send verification code" කියන තැන ක්ලික් කරන්න.


මේ විදිහට හරියට මේ පියවරවල් ටික කරගෙන ආවොතින් ඊළඟට ඔයාලට දකින්න ලැබෙන්නෙ පහළ තියෙන රූපයේ පෙනෙනව වගේ පිටුවක්. මෙතෙන්දි ඔයාලගෙන් Verification Code එකක් ඉල්ලනවා. කලින් පියවරේදි ඔයාලා දීපු ජංගම දුරකතන අංකයට තමයි මේ කියන Verification Code එක එන්නෙ. මේක එන්න එච්චර වෙලාවක් යන්නෙ නැති වුනත් සමහර වෙලාවට විනාඩි 15ක් විතර යනවා. ඉතින් කොහොමහරි ඒ ආපු Verification Code එක මේ "Verification code" කියන තැන ටයිප් කරලා "Verify" ක්ලික් කරන්න.


දැන් ඔයාලා Blogger වෙබ් අඩවියෙ ලියාපදිංචි වෙලා ඉවරයි. ඔයාලා කලින් පියවරේ විදිහට "Verify" කියන එක උඩ ක්ලික් කරාම ඔයාලට පහලින් තියෙන රූපයේ පෙනෙනව වගේ පිටුවක් දැකගන්න ලැබේවි. මෙතන ඉඳල තියෙන්නෙ ඔයාගේ බ්ලොග් අඩවිය සම්බන්ධ කටයුතු. ඉතින් මුලින්ම තියෙන්නෙ ඔයාලගේ බ්ලොග් අඩවියට සුදුසු නමක් දෙන එක. ඒ නම "Blog title" කියන තැන ටයිප් කරන්න. ඊට පස්සෙ බ්ලොග් එකට URL එකක් නැත්තම් බ්ලොග් ඇඩ්රස් එකක් දෙන්න ඕන. මෙතෙන්දි දැනට භාවිතයේ නැති බ්ලොග් ඇඩ්රස් එකක් දෙන්න ඕන. එහෙම නැතුවුනොත් ඊළඟ පියවරට යන්න බැරිවෙනවා. ඔයාලට ඕන ඇඩ්රස් එක "Blog address (URL)" කියන තැන ටයිප් කරලා අවශ්‍යනම් ඒ නම භාවිතයේ නැත්ද කියල බලන්න "Check Availability" කියන තැන ක්ලික් කරන්න. ඒ විදිහට භාවිතයේ නැති බ්ලොග් ඇඩ්රස් එකක් තෝරගත්තට පස්සෙ "Continue" කියන එක උඩ ක්ලික් කරන්න.


දැන් ඔයාල ඇවිල්ල ඉන්නෙ බ්ලොග් එකක් හදන වැඩේ අවසාන පියවරට. මෙතෙන්දි ඔයාලට ඔයාලගේ බ්ලොග් එකට සුදුසු Template එකක් තෝරගන්න අවස්ථාව ලැබෙනවා. ඔයාලට කැමති Template එකක් මෙතෙන්දි තෝර ගන්න පුළුවන්. ඒ සඳහා විවිධ වර්ගයේ Templates ගනනාවක්ම මෙතන දකින්න ලැබෙනවා. බය නැතුව ඕනම Template එකක් තෝර ගන්න. මොකද පස්සෙදි ඔයාලට ඕන නම් මේ Template එක වෙනස් කිරීමේ හැකියාව ලැබෙනවා. සුදුසු Template එකක් තෝරගත්තට පස්සෙ "Continue" කියන තැන ක්ලික් කරන්න.


දැන් ඉතින් ඔයාල සම්පූර්ණයෙන්ම ඔයාලගෙ බ්ලොග් එක හදාගෙන ඉවරයි. අවසාන වශයෙන් පෙන්වන පහත දක්වා ඇති ආකාරයේ පිටුවේ ඇති "Start Blogging" කියන එක ක්ලික් කරන්න. ඊට පස්සෙ ඉතින් තව තව ගැජට් එහෙම දාලා ඔයාලගේ බ්ලොග් එක ලස්සනට හදලා බ්ලොගින් කරන්න එකතුවෙන්න.



ඉතින් මේක මගේ පළවෙනි ලිපිය නිසා අඩුපාඩු නම් ගොඩක් ඇති. එහෙම තියෙන අඩුපාඩු, ‍හොඳ නරක ගැනත් පහළ තියෙන Comments වල සඳහන් කරල යන්න අමතක කරන්න එපා. මොකද ඒක මට, මගේ ඉදිරි ගමනට ලොකු හයියක්. එහෙනම් තව ලිපියකින් හමුවෙමු.

ස්තුතිය....



1 comment:

Abey said...

kohomada meka...