Sunday, January 8, 2012

17. Candlestick charts - 2

කලින් පාඩමෙන් අපි candlestick charts ගැන පොඩි idea එකක් ගත්තනේ. අද අපි ඒ ඉගෙන ගත්ත දේවල් තවත් ටිකක් ඉස්සරහට අරගෙන යමු. අපි දැන ගන්න ඕනෙ price data වලින් මෙච්චර ලස්සන candlestick chart එකක් හැදෙන්නේ කොහොමද කියලා. ඒක විස්තර කරනවට වඩා ලේසිම ක්‍රමය තමයි ඒක දිහා බලාගෙන ඉඳලා ඉගෙන ගන්න එක. ඔයාලට ඉස්සරහට Forex කරද්දී candlestick charts ගොඩක් අධ්‍යනය කරන්න වෙන නිසා පුරුදු වෙන්නත් එක්ක මම මේ දෙන Exercise එක කරන්න.

ඉස්සෙල්ලම EUR/USD chart එක Metatrader එකට ගන්න. ඊට පස්සේ chart එක maximize කරලා Candlestick charts කියන button එක select කරන්න. දැන් Zoom in button එක 4 පාරක් විතර click කරලා ඔයාලට හොඳට candles පේන ගානට ලොකු කරගන්න. (මේවා කරන්නේ කොහොමද කියලා ඔයාල දැන් දන්නවනේ, මතක නැතිනම් පරණ Blog posts බලන්න) ඊට පස්සේ M5 button එක click කරලා Chart shift කියන button එකත් click කරන්න. දැන් තමයි අමාරු හරිය. බලාගෙන ඉන්න price data එද්දී candles හැදෙන විදිහ. හොඳට ඉවසිල්ලෙන් බලන්න කොහොමද Bull candles හැහෙන්නේ, කොහොමද Bear candles හැදෙන්නේ, ඒ වගේම කොහොමද candle එකේ shadows, body හැදෙන්නේ කොහොමද කියලා බලන්න ඉන්න. මේ candles හැදෙන විදිහෙන් අපිට Market එක කොයි පැත්තට යයිද කියලා දළ අදහසක් ගන්න පුළුවන්.

දැක්ක නේද හැම විනාඩි 5කටම සැරයක් අළුත් candle එකක් හැදෙනවා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනව ඇති candles හැදෙන්නේ කොහොමද කියලා. මම කලින් කිව්වා මතකද candle එකකින් දත්ත 4ක් පෙන්වනවා කියලා. ඒ දත්ත 4 තමයි පහත රූපසටහනේ දැක්වෙන්නේ. ඒ දත්ත M5 chart එකට අදාලව තමයි දාලා තියෙන්නේ. හැබැයි chart එක H1 නම් අදාල කාල පරාසය (time period) වෙන්නේ පැයක්. මේ කියපු දේවල් පැහැදිලි ඇති කියලා මම හිතනවා. ඒත් තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් ප්‍රශ්න අහන්න.





දැන් අපි බොහොම interesting වැඩක් කරමු. අපි අපේ Metatrader එකේ candlestick chart එකේ පාට සම්මත විදිහට ඒ කියෙන්නේ Bull candle කොළ පාටටත්, Bear candle රතු පාටටත් පේන විදිහට පාට වෙනස් කරමු.

දැන් මම EUR/USD candlestick chart එක ගන්න කිව්වොත් ඔයාලා දැනගන්න ඕනෙ තියෙන charts ඔක්කොම close කරලා, ඊට පස්සේ EUR/USD chart එක screen එකට අරගෙන, ඒක maximize කරලා, ඊටත් පස්සේ candlestick කියන button එක click කරලා candles හොඳට පේන ගානට ලොකුකරගන්න. මම හිතන්නේ හැමෝම දන්නවා මේක කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වැඩි වෙලා නාස්ති නොකර වැඩේට බහිමු.

දැන් EUR/USD candlestick chart එක ගන්න. ඊට පස්සේ chart එක උඩ right click කරන්න.


දැන් ඒ ආපු Menu එකෙන් Properties කියන එක select කරන්න. (මේ Menu එක keyboard එකේ F8 button එක ඔබලත් ගන්න පුළුවන්).


දැන් ඉස්සෙල්ලම Show grid කියලා තියෙන check box එකේ tick එක අයින් කරන්න. ඊට පස්සේ Show period seperators කියන check box එකට tick එකක් දාන්න. ඒකත් හරි එහෙනම් දැන් මම කහ පාට රවුමකින් සටහන් කරලා තියෙන Colors කියන tab එක click කරන්න.


අපි ප්‍රධාන වශයෙන් වෙනස් කරන්න යන්නේ ඔය රතු පාට කො‍ටුවකින් සටහන් කරලා තියෙන පාට ටික. ඉස්සෙල්ලාම Bar Up කියන එකෙන් පටන් ගමු. Bar Up කියන එකේ පහලට පොඩි ඊතලයක් තියෙන්නේ, ඒක click කරන්න. එතකොට Color Pallet එක එනවා.


දැන් ඒ Color Pallet එකේ පළවැනි row එකේ (rows කියන්නේ හරස් අතට) තියෙන 5වැනි Color එක click කරන්න. ඒක Green කියලා පෙන්වයි. ඔයාලට මොකක් හරි Color එකක නම දැන ගන්න ඕනෙ නම් ටිකක් වෙල Mouse cursor එක ඒ color එක උඩින් තියන් ඉන්න එතකොට ඒ Color එකේ නම නිකම්ම පෙන්වනවා. දැන් Bar Down කියන එකට 5වැනි row එකේ 8වෙනි Color එක එහෙමත් නැතිනම් Red select කරන්න. Bull candle කියන එකට Green, Bear candle කියන එකට Red select කරන්න.


හරි දැන් ඔයාලා ඒ කියපු ඔක්කොම ටික කලා නම් Ok button එක click කරන්න.



කියපු දේවල් ඔක්කොම හරියට කලා නම් ඔයාලගේ chart එක ඉහත රූපසටහනේ දැක්වෙන chart එකට සමාන වෙන්න ඕනෙ.

Chart එකේ සුදුපාට කඩ ඉරි වලින් හැදුනු line කීපයක් තියෙනවා නේද? ඒවාට කියන්නේ Period seperators කියලා. ඒකෙන් පෙන්වන්නේ H1 chart හෝ ඊට අඩු chart වල (M30, M15, M5, M1) නම් අළුත් දවසක ආරම්භය. H4 chart එකේදි නම් අළුත් සතියක ආරම්භය. D1 chart එකේදී අළුත් මාසයක ආරම්භය. W1,MN chart වලදී අළුත් අවුරුද්දක ආරම්භය. මේක තවදුරත් පැහැදිලි කරගන්න ඔයාලා Mouse cursor එක ඒ line එක උඩ තියන candle එකේ close price එක ගාවට අරන් යන්න. (මතකනේ Red candles වල Close price එක තියෙන්නේ පහල, Green candles වල Close price එක තියෙන්නේ උඩින්, පැහැදිලි නැතිනම් අනිවාර්්‍යයෙන් ප්‍රශ්න අහන්න.) ටික වෙලාවක් mouse cursor එක තියාගෙන ඉද්දී screen එකේ විස්තර වගයක් වැටෙනවා නේද? ඒකෙන් අපිට දැන ගන්න පුළුවන් candle එක හැදෙන්න පටන්න ගත්තේ කවදද කියලා.


දැන් chart එක උපරිමයටම Zoom in කරන්න. ඊට පස්සේ chart එක වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට drag කර කර පරණ data බලන්න. ඔයාලට පෙනෙයි සමහර candles තියෙනවා, ඒකට Body එකක් නෑ ඒකේ color එකත් අපි දාපු එක පාටක්වත් නෙවෙයි ලා කොල පාටක්.


ඒවගේ candles 2ක් තමයි මම සුදුපාට රවුමකින් සටහන් කරලා තියෙන්නේ. එතන වෙලා තියෙන්නේ candle එකේ open price එකයි, candle එකේ close price එකයි 2කම එකයි. එතකොට ඒක Bull candle එකක් කියන්නත් බෑ Bear candle එකක් කියන්නත් බෑ. මේවගේ candle එකකට අපි කියන්නේ Doji කියලා. මේවගේ එක එක ජාතියේ candles වලට එක එක නම් කියනවා. ඒවා ගැන මම ඉස්සරහදී කියලා දෙනවා. සාමාන්‍යයෙන් Doji එකක් හැදෙන්නේ Buyers හා Sellers අතර කරට කර තරඟයක් තියෙද්දී. ඔයාලා සමහර විට බලයි මොනාද මේ මම කියවන්නේ කියලා. මම මේ ගැන ඉදිරි posts වලදී හොඳට පැහැදිලි කරලා දෙන්නම්.


කොහොම හරි දැන් අපි chart එකේ colors වෙනස් කරන හැටිත් දන්නවා. හැබැයි වැරදිලාවත් අපි අතින් chart එක close වුනොත් අර කරපු වෙනස්කම් ඔක්කොම කරන්න ඕනෙ ආයෙත් chart අපිට ඕනෙ විදිහට හදාගන්න. මේකටත් පිළියමක් තියෙනවා. අපිට පුළුවන් අපි කරපු වෙනස්කම් template එකක් විදිහට save කරන්න එතකොට අපිට තව chart එකක් මේ විදිහට හදාගන්න ඕනෙ නම් කරන්න තියෙන්නේ template එක load කරන එක විතරයි. අපි දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා.

ඉස්සෙල්ලාම chart එක උඩ right click කරලා Template කියන එක select කරන්න.


දැන් එන sub menu එකෙන් Save template කියන එක select කරන්න. ඊට පස්සේ එන dialog box එකේ file name කියන එකට "Standard Colors" කියලා දාලා save කියන button එක click කරන්න.


දැන් අපි වෙනසකටත් එක්ක වෙන chart එකක් බලමු. Metatrader එකේ තියෙන ඔක්කොම charts close කරන්න. ඊට පස්සේ USD/CHF එකේ chart එක ගන්න. දැන් chart එකේ වෙන මොකුත් buttons click කරන්නේ නැතුව maximize විතරක් කරගන්න. ඊට පස්සේ chart එක උඩ right click කරලා Template කියන එක select කරන්න.


එන sub menu එකේ අපි අර ඉස්සෙල්ලා save කරපු නම (Standard Colors කියන එක) තියෙන්න ඕනෙ. දැන් ඒක උඩ click කරන්න. එතකොට අපි කලින් හදපු විදිහට colors ඔක්කොම වෙනස් වෙලා එනවා නේද? එහෙනම් දැන් ඒකත් ඔයාලා දන්නවා. Templates sub menu එකේ තියෙන අනිත් template names click කරලා බලන්න මොකද වෙන්නේ කියලා. Chart එක, එක එක විදිහට වෙනස් වෙනවා නේද? ඒ වගේම chart එකට ඔයාල කැමති පාට දාලා templates හදලා බලන්න.

තව වැදගත් දෙයක් කියන්න ඕනෙ. හැම වෙලේම candlestick chart එක හැදෙන්න දත්ත විදිහට පාවිච්චි කරන්නේ Currency pair එකේ Bid price එක.


මම ඉහත රූපසටහනේ රතු පාට රවුම් 2කින් සටහන් කරලා තියෙන තැන් 2ක බලන්න එතකොට මම කිව්වදේ ඔයාලට පැහැදිලි වෙයි.



ඉහත රූපසටහන බලන්න. කලින් මම කිව්වනේ ඒවා මොනාද කියලා පැහැදිලි කරලා දෙනවා කියලා. එතන හැම වෙලේම පෙන්වන්නේ දැනට හැදෙමින් පවතින candle එකේ Open price, High price, Low price හා Close price යන විස්තර.

එහෙනම් අද කරපු දේවල් හොඳට study කරන්න. අළුත් post එකකින් හමුවෙන්නම්.

16. Candlestick charts - 1

එහෙනම් අපි Cadlestick charts ගැන ඉගෙන ගන්න පටන් ගමු. ඔයාලට මතකද අපි Metatrader එක ගැන මුලින්ම කරපු post එකේ එක් එක් currency pairs වලට අදාල tick charts බැලුවා. ඒක හරියට Line chart එකක් වගේ නේද?


හැබැයි මේ chart එකෙන් අපිට Currency pairs එකේ price movement එක ගැන වැඩි අදහසක් ගන්න බෑ. මොකද මේක data එන එන පාරට points හැදිලා chart එක හැදෙන නිසා. ඒ නිසා Forex tradersලා මේ price data තේරුම් ගැනීමේ පහසුව සඳහා හොයාගත්ත එක්තරා chart එකක් තමයි මේ Candlestick chart කියලා කියන්නේ. දැන් ඔයාලා දන්නවානේ Candlestick chart එක ගන්න විදිහ.


දැන් EUR/USD pair එකේ Candlestick chart එක screen එකට අරගෙන ඔයාලට candles හොඳට පේන විදිහට Zoom In button එක පාවිච්චි කරලා ලොකු කරගන්න. Candlestick chart වල හැම candle එකක්ම සම්පුර්ණවෙන්න යන නිශ්චිත කාලයක් තියෙනවා. ඒ කාලය තමයි මම පහත රූපසටහනේ රතුපාට රවුමකින් සටහන් කරලා තියෙන්නේ.


ඒකෙ තියෙන්නේ H1 කියලා නේද? මේකේ තේරුම තමයි මේ chart එකේ දැක්වෙන හැම candle එකක්ම හැදෙන්න "පැයක්" යනවා කියන එක. තවත් විදිහකින් කියනවා නම් එක candle එකක් ඇතුලේ පැයක් ඇතුලත වෙනස් වෙච්ච price data තියෙනවා.

දැන් ඔයාලා M1, M5, M15, M30, H4, D1, W1, MN කියන buttons click කරලා බලන්න මොකද වෙන්නේ කියලා. Chart එකේ හැඩය ටික ටික වෙනස් වෙනවා නේද?
M1 - කියන්නේ හැම candle එකකින්ම විනාඩියක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
M5 - කියන්නේ හැම candle එකකින්ම විනාඩි 5ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
M15 - කියන්නේ හැම candle එකකින්ම විනාඩි 15ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
M30 - කියන්නේ හැම candle එකකින්ම විනාඩි 30ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම පෙන්වනවා
H1 - කියන්නේ පැයක් ඇතුලත වෙච්ච් price data වල වෙනස්වීම
H4 - කියන්නේ පැය 4ක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම
D1 - කියන්නේ දවසක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම
W1 - කියන්නේ සතියක් ඇතුලත වෙච්ච් price data වල වෙනස්වීම
MN - කියන්නේ මාසයක් ඇතුලත වෙච්ච price data වල වෙනස්වීම

උදාහරණයක් විදිහට අපි MN කියන chart එක ගත්තොත් ඒකේ එක candle එකක් සම්පූර්ණවෙන්න මාසයක් යනවා. මාසයක් ඇතුලත වෙච්ච price movement එක ඒක ඇතුලේ ගැබ් වෙලා තියෙනවා.

තාමත් හරියටම පැහැදිලි නැතිනම් බයවෙන්න එපා. මුලින් මේක ටිකක් අමාරුයි තමයි ඒත් දිගටම කියවන්න එතකොට පැහැදිලිවෙයි. ඒත් පැහැදිලි නැති තැන් තියෙනවා නම් Comment section එක හරහා අහන්න.

දැන් H1 කියන chart එක select කරගන්න. මේ chart එකේ ඔයාලට පේන්න ඇති ප්‍රධාන වශයෙන් candles ජාති 2ක් තියෙනවා. එකක කඳ කළුපාටයි, අනිත් එකේ කඳ සුදු පාටයි. මේ chart එකේ විදිහට සුදු පාට candle එකෙන් පෙන්වන්නේ "පැය" පටන් ගද්දී තිබනු price එකට වඩා පැය ඉවර වෙද්දී price එක අඩුවෙලා කියන එක. ඒ වගේම කළුපාට candle එකෙන් පෙන්වන්නේ "පැය" පටන් ගද්දී තිබුනු price එකට වඩා පැය ඉවර වෙද්දී price එක වැඩි වෙලා කියන එක.




රූපසටහන ඔයාලට පේනවා නේද? මේ chart එකේ විදිහට කළුපාට candle එකකට අපි කියන්නේ Bull candle කියලා. ඒ වගේම සුදුපාට candle එකකට අපි කියන්නේ Bear candle කියලා. මේ chart එකේ විදිහට කියලා මම කිව්වේ මොකද දන්නවද, Metatrader එකේ charts වල පාට අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕනෙ නම් Bull candle වලට සුදුපාට දාලා Bear candles වලට කළුපාටට පේන විදිහට chart එක හදන්න පුළුවන්. හැබැයි සාමන්‍යයෙන් සම්මත ක්‍රමය තමයි Bull candles කොල පාටටත් Bear candles රතු පාටටත් තියන එක. ඒක කරන්නේ කොහොමද කියලා මම පස්සේ කියලා දෙන්නම්. ඉස්සෙල්ලා අපි candles ගැන පොඩි study පාරක් දාමු.


Candles වල Open price එකයි Close price එකයි අතර කෑල්ලට අපි කියන්නේ Candle body කියලා. අර කූරු වගේ Body එක දෙපැත්තේ තියෙන ඒවාට කියන්නේ Shadow එහෙමත් නැතිනම් Wick කියලා. හැබැයි මතක තියාගන්න candles හැම වෙලේම මේ විදිහටම තියෙන්නේ නෑ. ඔයාලා පොඩ්ඩක් chart එක එහෙට මෙහෙට drag කරලා බලන්න එතකොට තේරෙයි සමහර candles වල Body නෑ, තවත් සමහර candles වල wicks නෑ, තවත් සමහර candles වල wicks තියෙන්නේ එක පැත්තක විතරයි. ඔය වගේ එක එක ජාතියේ candles තියෙනවා.

මේ candles ගැන අපි ඉගෙන ගන්න එක වැදගත් මොකද මේ candles දිහා බලලා අපිට currency pair එකේ price එක අඩුවෙයිද, එහෙමත් නැත්නම් වැඩිවෙයිද කියලා දල අදහසක් ගන්න පුළුවන්. ඒ ගැන මම ඉදිරියේදි කියලා දෙනවා

15. Metatrader එක ගැන - 2

මෙන්න එහෙනම් ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටපු lessons ටික. අපි Metatrader එකේ කලින් නවත්තපු තැනේ ඉඳලා පටන් ගමු.

එහෙනම් දැන් ඉස්සෙල්ලාම Metatrader එකේ තියෙන ඔක්කොම charts close කරලා EUR/USD chart එක ගන්න. ඊට පස්සේ ඒක maximize කරගන්න. මතක නැතිනම් 10 වැනි පාඩම බලන්න.




ඉස්සෙල්ලාම අපි බලමු රතු හා කොල පාට රවුම් වලින් සටහන් කරලා තියෙන buttons මොනාද කියලා. රතු පාට රවුමෙන් සටහන් කරලා තියෙන button එකට කියන්නේ Auto Scroll කියලා මේකෙන් කරන්නේ අළුත් data ආපු ගමන් chart එක update කරන එක. මේකෙන් හරියටම මොකක්ද වෙන්නේ කියලා බලන්න ක්‍රමයක් තියෙනවා. Chart එකේ වම් අත පැත්තේ click කරලා දකුණු අත පැත්තට drag කරන්න (හැබැයි මෙහෙම කරද්දී Auto Scroll කියන Button එක එබිලා තියෙන්න ඕනෙ.) මේ විදිහට දෙතුන් පාරක් කරන්න. දැන් ටිකක් වෙලා chart එක දිහා බලාගෙන ඉන්න. අළුත් data ආපු ගමන් chart එක අගට යනවා නේද? ඒ හින්දා අපි සාමාන්‍යයෙන් chart history එක එහෙමත් නැතිනම් chart එකේ වම් අත පැත්තේ තියෙන data බලන්න ඕනෙ නම් අපි Auto Scroll කියන button එක uncheck කරලා තමයි තියන්නේ. මොකද නැත්නම් අළුත් data ආපු ගමන් chart එකේ අගට යනවානෙ.

දැන් Auto Scroll කියන button එක uncheck කරන්න. ඊට පස්සේ කොලපාට රවුමෙන් සටහන් කරලා තියෙන Chart Shift කියන button එක click කරලා බලන්න. ඒ button එක පාවිච්චි කරලා අපිට හැමවෙලේම chart එකේ අගට එක පාරටම යන්න පුළුවන්. මේ button දෙකෙන් වෙනදේ පැහැදිලි ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි අනිත් ඒවා මොනාද කියලා බලමු.



මේකෙ 4 හා 5 buttons වලින් වෙනදේ ඔයාලට දැනටමත් දන්නවා ඇති. මොකද 10 වැනි පාඩමේදි ඔයාලා ඒවා click කරලා බැලුවනේ. කොහොම වුනත් 4 button එකෙන් වෙන්නේ chart එක ලොකු කරන එක හා 5 button එකෙන් වෙන්නේ chart එක පොඩි කරන එක. දැන් අපි 5 button එක දිගටම click කරමු. ටික වෙලාවක් click කරපුවාම ඒ button එක අළුපාට වෙලා disable වෙනවා නේද?

දැන් 1 button එක ඔබලා 4 button එක හතර පාරක් click කරන්න. ඊට පස්සේ chart එක දෙපැත්තටම drag කරලා බලන්න. ඔයාල බලයි මොනාද මේ කූරු වගයක් තියෙන්නේ කියලා. මේකට කියන්නේ Bar Chart කියලා. මේ chart එකේ එක කූරකින් දත්ත 4ක් පෙන්වනවා. ඔයාලා බලයි මොනාද ඒ තොරතුරු කියලා ඒවා ඊළඟ පාඩමට. දැනට දැන ගන්න මේකට කියන්නේ Bar Chart කියලා අපි මේ chart එක වැඩිය පාවිච්චි කරන්නේ නෑ මොකද මේක ටිකක් තේරුම් ගන්න අපහසු නිසා. හැබැයි සමහර පලපුරුදු Forex tradersලා මේ chart එකට කැමති.


ඊළඟට 3 button එක click කරන්න. එතකොට හරියට අර ඉස්පිරිතාලෙ heart එක check කරන machine එකේ වගේ එකක් එනවා නේද? මේකට කියන්නේ Line Chart කියලා මේකත් අධුනිකයෝ වශයෙන් අපි වැඩිය පාවිච්චි කරන්නේ නෑ. අනිත් එක මේකේ Bar chart එකේ වගේ දත්ත 4ක් පෙන්වන්නෙත් නෑ.


දැන් අපි 2 button එක click කරමු. දැන් ටිකක් අමුතු chart එකක් ආවා නේද? ඔයාලා ඉස්කෝලෙ යන කාලේ කවදාවත් මේවගේ chart එකක් දැකලා තියෙනවද? මම හිතන්නේ නෑ. මේ chart එකට අපි කියෙන්නේ Candlestick chart කියලා. මේකේ ඔය තියෙන පෙට්ටියක් වගේ එකකට කියන්නේ Candle එකක් කියලා. මේ Candle එකකිනුත් කලින් අපි කතා කරපු Bar chart එකේ වගේ තොරතුරු 4ක් පෙන්වනවා. ඒ වගේම මේ chart එක තේරුම් ගන්න ටිකක් ලේසී. අපි ඉස්සරහට දිගටම ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ Candlestick chart කියන chart එක.


එහෙනම අපි මීළඟ post එකේ ඉඳලා Candlestick charts ගැන ඉගෙන ගමු.

14. Bid, Ask හා Buy, Sell orders -2


කලින් පාඩමේ අපි අන්තිමට කරන්න ගියේ Pip වටිනාකම බලලා ඒකෙන් අපේ profit එක ගණනය කරන එකනේ. එහෙනම් අපි ඒක බලමු.

EUR/USD = 1.2757/1.2759 දී Buy Order එක කරලා EUR/USD = 1.2768/1.2770 trade එක close කලා
ගත් මිල (Buy order එකක් නිසා Ask price එක) = 1.2759
trade එක close කල මිල (Buy order එක close කරන විට Bid price එක නිසා) = 1.2768
profit එක Pips වලින් = 1.2768 - 1.2759 = 0.0009 = Pips 9
Account currency එක USD නම් USD quote currency වන pairs වල Pip එකක් අගය = USD 0.0001
එම නිසා profit එක = 9 X 10,000 X 0.0001
= USD 9

උත්තර 2කම සමානයි නේද?

මට එක දෙයක් කියන්න බැරිවුනා, Buy order එකක් කලාම profit ගන්න අපි Buy order එක close කරන කොට currency pair එකේ price එක අපි Buy order එක දාපු වෙලාවෙදි තිබුනු price එකට වඩා වැඩිවෙන්න ඕනෙ. හදිස්සියේවත් price එක අඩුවෙලා තිබුනොත් ඒක අපිට loss එකක් වෙනවා.

ඒ වගේම Sell Order එකක් කලාම profit ගන්න අපි Sell order එක close කරන කොට currency pair එකේ price එක අපි Sell order එක දාපු වෙලාවෙදි තිබුනු price එකට වඩා අඩුවෙන්න ඕනෙ. වැරදිලාවත් price එක වැඩිවුනොත් ඒක අපිට loss එකක් වෙනවා.

දැන් අපි බලමු Sell Order එක වැඩ කරන විදිහ. මේක වැඩ කරන විදිහ තේරුම් ගන්න ටිකක් අමාරුයි. හැබැයි Pip වලින් ගණන් හදන හැටි පුරුදු වුනාට පස්සේ profit, loss ලේසියෙන්ම ගණනය කරගන්න පුළුවන්.

EUR/USD = 1.4325/1.4328 විටදී අපි Sell order එකක් කරනවා currency Mini-lot එකක්. Sell order එකක් නිසා Bid rate එක ඒ කියන්නේ 1.4325 කියන rate එක තමයි අපි පාවිච්චි කරන්නේ. දැන් අපි EUR sell කරන්න ගියාට අපි ගාව EUR නෑනෙ. අපේ account currency එක USD නිසා අපි ගාව තියෙන්නේ USD විතරයි. මෙතනදී වෙන්නේ දැන් rate එකට අදාලව EUR mini-lot එකක්, ඒ කියන්නේ 10,000ක් ගන්න යන USD ගණන අපේ account balance එකෙන් අඩුවෙන එක. ඒ කියන්නේ හරියට අපි EUR mini-lot එකක් අරන් විකුණලා USD ගත්තා වගේ. දැන් අපි බලමු EUR mini-lot එකක් ගන්න USD කීයක් යනවද කියලා.

EUR mini-lot එකට අවශ්‍ය USD ගණන = 1.4325 X 10,000
= 14,325
Leverage එක 100:1 නිසා = 14,325 / 100
= USD 143.25

දැන් මේ USD 143.25 අපේ account balance එකෙන් අඩුවෙනවා. හැබැයි දැන් මතක තියාගන්න අපි EUR 10,000ක් විකුණලා ගත්ත USD 14,325ක් අපි ගාව තියෙනවා. දැන් හිතන්න පැය කීපයකට පසුව rate එක EUR/USD=1.4305/1.4308 දක්වා පහල ගියා කියලා අපි ඒ price එකේදි trade එක close කරා කියලා හිතන්න. දැන් අපේ EUR 10,000ක් දීල ගත්ත USD 14,325ට අපිට ආපහු EUR කීයක් ලැබෙනවද කියලා බලමු. (මතකනේ මම කිව්වා Sell order එකක් කලාම ඒක close කරන්න ආපහු Buy කරන්න ඕනෙ කියලා.)

EUR/USD = 1.4305/1.4308 Sell order එකක් නිසා close කරද්දී ගන්නේ Ask price එක
ඒ නිසා USD 14,325 ට ලැබෙන EUR ගණන = 14,325 / 1.4308
= EUR 10,011.88
අපිට ලැබුනු profit එක EUR වලින් = 10,011.88 - 10,000
= EUR 11.88
අපි බලමු අපේ profit එක USD වලින් = 11.88 X 1.4308
= USD 16.99
ඒ කියන්නේ උත්තරය = USD 17

දැන් අපි මේක Pips වල වටිනාකම හොයලා උත්තරය ගන්න ක්‍රමයට හදලා බලමු.

EUR/USD = 1.4325/1.4328 හා පසුව EUR/USD = 1.4305/1.4308
Sell order එක open කල price එක = 1.4325
Sell order එක close කල price එක = 1.4308
Sell order එකක් නිසා ලබාගත් Pips ගණන ගණනය කරන්න trade එක open කරපු price එකෙන් trade එක close කරපු price එක අඩු කරන්න ඕනෙ.
= 1.4325 - 1.4308
= 0.0017
Pips ගණන = Pips 17
account currency එක USD හා EUR/USD වල quote currency එක USD නිසා
profit එක = 0.0001 X 17 X 10,000
= USD 17
උත්තරය හරි නේද? මම ඇත්තටම කැමතී තව උදාහරණ කීපයක් හදලා පෙන්වන්න විශේෂයෙන් USD/CHF වගේ Currency pair එකක් එක්ක. ඒත් පෙනෙන විදිහට ගොඩක් දෙනෙක් කැමති ඉක්මනට charts පැත්තට යන්න. ඒ හින්දා මම ඊළඟ පාඩමේදී ආපහු Metatrader එකට බහිනවා. ඔයාලට මේකෙ තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් හෝ තව උදාහරණ කීපයක් බලන්න කැමති නම් මට කියන්න එතකොට අනිත් පාඩම් අතරේ මම ඒවත් දාන්නම්.

13. Bid, Ask හා Buy, Sell orders - 1

මේ පාඩමට පස්සේ ගොඩාක් දුරට අපි practicals පැත්ත තමයි කරන්නේ. ඒ හින්දා මේ පාඩමත් ඔයාලා හොඳට අවබෝධ කරගන්න ඕනෙ.

ඔයාලට මතක ඇති අපි Metatrader එකේ බලද්දි Currency Pairs වල rates තිබ්බ කො‍ටුවේ එක් Currency Pair එකකට rates (prices) 2ක ගානෙ තිබ්බා. එකක් "Bid" කියලා. අනිත් එක "Ask" කියලා. ඒ මොකක්ද කියලා මම පස්සේ කියලා දෙන්නම් කිව්වනේ. අද අපි බලමු ඒ මොනාද කියලා.

ඔයාලා දැකලා ඇති බැංකුවකින් Currency Exchange Rate එක් දක්වද්දී rates 2ක් දක්වනවා. "ගැනුම් මිල" හා "විකිණුම් මිල" වශයෙන්. අන්න ඒක තමයි මේ Bid හා Ask කියලා කියන්නේ. Bid කියන්නේ "ගැනුම් මිල" හා Ask කියන්නේ "විකිණුම් මිල". හැබැයි මෙතන ගැනුම් මිල කියන්නේ අපි ගන්න මිල නෙවෙයි Broker අපෙන් ගන්න මිල හා විකිණුම් මිල කියන්නේ Broker අපිට විකුණන මිල. හැමවෙලේම Ask එකේ අගය Bid එකේ අගයට වඩා වැඩී. Bid හා Ask අතර වෙනසට කියන්නේ Spread කියලා. Stock Market (Share Market) එකේ වගේ Forex Market එකේ Brokerලා Commission එකක් ගන්නේ නෑ. Forex brokerලාගේ ලාභය තමයි මේ Spread එක. Spread එක සාමාන්‍යයෙන් අපි දක්වන්නේ Pips වලින්. අපි පොඩි උදාහරණයක් බලමු.






EUR/USD = 1.3551/1.3554 නම් Spread එක කීයද?
Bid හා Ask අතර වෙනස Pips වලින් = 1.3554 - 1.3551
= 0.003
= Pips 3
එම නිසා Spread එක = 3 Pips

එක් එක් Currency pairs වල Spread එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අඩුම Spread එකක් තියෙන Currency pairs තමයි EUR/USD, USD/JPY වගේ ඒවා. GBP/JPY වගේ pairs වල Spread එක බොහොම වැඩී. ඔයාලට පුළුවන් Metatrader එකේ Currency pairs වල rates දැක්වෙන කො‍ටුවට ගිහිල්ලා එක් එක් Currency pairs වල Spread එකක් කීයද කියලා ගණනය කරලා බලන්න. මේ Spreads Broker ගෙන් Brokerටත් වෙනස් වෙනවා. අපි හැමවෙලේම බලන්න ඕනෙ Spread එක අඩුම Broker කෙනෙක් ‍තෝරගන්න. මොකද Spread එක කියන්නේ අපට සිදුවන වියදමක් නිසා. ඒ වගේම ආධුනිකයෝ වශයෙන් අපි trade කරන්න ඉගෙන ගන්න කොට Low spread එකක් තියෙන Currency pairs trade කරන එක තමයි නුවණට හුරු.

Stock Market එකේ අපි කොටස් මිලදී ගත්තොත් අපිට profit ලැබෙන්නේ අපි මිලදී ගත් කොටස් වල වටිනාකම ඉහල ගියොත් විතරයි. හැබැයි Forex Market එකේ Currency Pairs එකක Currency 2ක් තියෙන නිසා අපිට දෙපැත්තටම trade කරන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කියලා.

හිතන්න අපි උදාහරණයකට EUR/USD Currency pair එක ගත්තා කියලා. මේ Currency pair එකේ වෙනස්කමක් සිදුවෙන්න පුළුවන් ක්‍රම 2ක් තියෙනවා. එකක් EUR වටිනාකම USD වලට සාපේක්ෂව ඉහල යන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි, USD වල වටිනාකම EUR වලට සාපේක්ෂව ඉහල යන්න පුළුවන්.

අපි EUR වල අගය ඉහල යයි කියලා හිතනවා නම් අපි EUR/USD pair එකේ "Buy Order" එකක් දානවා. Buy Order එකට කියන තවත් නමක් තමයි "Long" කියන එක. EUR/USD Long කරනවා කියන්නේ අපි EUR/USD Buy order එකක් දානවා කියන එකම තමයි. හැමවෙලේම අපි Currency pair එකක් Buy (Long) කරද්දී Ask කියන rate එක තමයි අපට ලැබෙන්නේ. මොකද ඒක තමයි අපේ Borker Currency pair එක විකුණන මිල.

අපි USD වල අගය ඉහල යයි කියලා හිතනවා නම් (ඒ කියන්නේ EUR වල අගය පහල යයි කියලා හිතනවා නම්) අපි EUR/USD pair එකේ "Sell Order" එකක් කරනවා. Sell Order එකට කියන තවත් නමක් තමයි "Short" කියන එක. EUR/USD Short කරනවා කියන්නේ EUR/USD pair එකේ Sell Order එකක් කරනවා කියන එක. හැමවෙලේම අපි Currency pair එකක් Sell (Short) කරද්දී Bid කියන rate එක තමයි ලැබෙන්නේ මොකද ඒක තමයි අපේ Broker අපෙන් Currency pair එකක් ගන්න මිල.

අපි Buy Order එකක් කලා කියන්නේ ඒ Order එක close කරන්න අපි කරපු දේ ප්‍රතිවිරුද්ධ දේ කරන්න ඕනෙ. ඒ කියන්නේ අපි Buy කරා නම් trade එක close කරන්න අපි ඒක Sell කරන්න ඕනෙ. ඒ වගේම අපි Sell කරා නම් trade එක close කරන්න අපි ඒක ආයෙත් Buy කරන්න ඕනෙ. හැබැයි මේක Metatrader එකේ automatically වෙනවා. ඒ කියන්නේ අපිට තියෙන්නේ අපි කැමති Currency pair එක Buy හෝ Sell කරන එක ඊට පස්සේ අපිට trade එක close කරන්න විතරයි තියෙන්නේ. Metatrader එකෙන් Sell orders, Buy කරලත් Buy orders, Sell කරලත් අදාල විදිහට close කරනවා. මම මේක ඔයාලට කිව්වේ මෙතන තවත් වැදගත් දෙයක් තියෙන හින්දා. ඒ තමයි. අපි හැමවෙලේම,

Buy order එකක් open කරන්නේ Ask කියන rate එකෙන් හැබැයි ඒක close කරන්නේ Bid කියන rate එකෙන්
Sell order එකක් open කරන්නේ Bid කියන rate එකෙන් හැබැයි ඒක close කරන්නේ Ask කියන rate එකෙන්

මේක හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත්. මොකද බොහෝමයක් ආධුනික tradersලා මේක තේරුම් ගන්නේ නැතුව Brokersලා හොරු කියලා කෑගහනවා. ඒ ඇයි කියලා මම ඊළඟ Charts පාඩමේදි කියලා දෙන්නම්.

එහෙනම් දැන් අපි මෙච්චර දවස් ඉගෙන ගත්ත ඔක්කොම දැනුම භාවිතා කරලා බලමු Metatrader එකේ trade එකක් කරද්දී ඒක වෙන්නේ කොහොමද කියලා.

අපි ඉස්සෙල්ලාම බලමු. EUR/USD pair එක. අපි Leverage එක 100:1 කියලා ගමු. ඒ වගේම අපේ account currency එක USD විදිහට ගමු. (මෙතන ඉදලා හැමවෙලේම අපි අපේ Account currency එක විදිහට USD ගමු.)

EUR/USD = 1.2757/1.2759 (1.2757 Bid price එක හා 1.2759 කියන්නේ Ask price එක) විටදී අපි Buy order එකක් කරනවා currency Mini-Lot එකක්. දැන් ඔයාලට ගණන හදන්න පුළුවන් වෙන්න ඕනෙ. Buy order එකක් නිසා Ask rate එක තමයි ගන්නේ. ඒ කියන්නේ 1.2759 කියන rate එක.

EUR min-lot එකක් ඒ කියන්නේ 10,000ක් ගන්න අවශ්‍ය USD ගණන වෙන්නේ,
USD = 10,000 X 1.2759
= 12,759
Leverage එක 100:1 නිසා = 12,759 / 100
= USD 127.59

දැන් මේ USD 127.59 අපේ account balance එකෙන් අඩුවෙනවා ඒක ආපහු ලබෙන්නේ අපි trade එක close කරාට පස්සේ විතරයි. (මේ ගැන වැඩි විස්තර ඉදිරි ලිපිවලින්) හොඳට මතක තියාගන්න අපේ account එකෙන් USD 127.59ක් අඩු වුනාට දැන් අපි ගාව EUR 10,000ක් තියෙනවා. මේ EUR 10,000 අපි ගාව තියෙනවා කිව්වට අපිට ඒක ගන්න බෑ. මේක හරියට virtual money වගේ, අපිට හිතන්න පුළුවන් අපි ඒ EUR 10,000 බැංකුවේ දාලා කියලා. ඒ වගේම මතක තියාගන්න අපිට ඒ EUR 10,000 (Mini-Lot) එක ගන්න USD 12,759ක් ගියා. හැබැයි Broker අපෙන් ගත්තේ ඒ ගණනෙන් 1%. Leverage එක100:1 හින්දා. හරියටම කිව්වොත් අපි මුලු ගණනින් 1%ක් දාලා තියෙනවා, Broker 99%ක් දාලා තියෙනවා.

දැන් හිතන්න පැය කීපයකට පසුව rate එක EUR/USD 1.2768/1.2770 දක්වා ඉහල ගියා කියලා. අපි ඒ price එකේදි trade එක close කරා කියලා හිතන්න. දැන් අපේ EUR 10,000ට USD කීයක් ලැබෙනවද කියලා බලමු. මතකනේ මම ඉස්සෙල්ලා කිව්වා Buy Order එක close කරද්දී අපි පාවිච්චි කරන්නේ Bid කියන rate එක කියලා. ඒ නිසා අපිට ලැබෙන USD ගණන වෙන්නේ,

USD ගණන = 10,000 X 1.2768
= 12,768

දැන් අපිට profit එක හරි loss එක හරි කීයද කියලා බලන්න පුළුවන්. EUR 10,000ක් ගන්න අපිට USD 12,759ක් ගියා (Leverage එක හින්දා අපි Broker ට දුන්නේ USD 127.59ක් විතරයි.) පස්සේ අපි ඒ EUR 10,000 විකිණුවාම USD 12,768ක් ලැබුනා. ඒ කියන්නේ අපිට වෙලා තියෙන්නේ ලාභයක් නේද?

Profit in USD = 12,768 - 12,759
= USD 9

ඒ කියන්නේ අපේ ලාභය USD 9ක්. අපිට ආපු උත්තරය නිවැරදිද කියලා බලන්න තව ක්‍රමයක් තියෙනවා. මතකද අපි කලින් පාඩමක කරපු Pip එකක වටිනාකම හොයලා කරන ක්‍රමය. අපි බලමු ඒ විදිහට ගණන හදලා, උත්තර 2ක සමාන වෙනවද කියලා.

12. Pips ගැන තවදුරටත් - 2


අපි කලින් පාඩමේදි ඉගෙන ගත්තා අපේ forex account එකේ ප්‍රධාන currency එක USD නම් USD quote currency එක විදිහට එහෙමත් නැත්නම් USD 2 වැනියට තියෙන currency pairs වල Pip එකක වටිනාකම හොයාගන්න හැටි. අපි හොයාගත්තා ඒක USD 0.0001ක් කියලා. ඒ කියන්නේ rate එක කීය වුනත් එක Pip එකකට USD 0.0001 ගානේ අපි මිලදී අරගෙන තියෙන currency units ගණනට අපිට profit හෝ loss එකක් ලැබෙනවා.

දැන අපි බලමු USD base currency එක විදිහට එහෙමත් නැත්නම් USD ඉදිරියෙන් තියෙන currency pairs වල Pip එකක වටිනාකම ලබාගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම බලමු USD/JPY pair එක.

USD/JPY = 83.45 නම් අදාල currency pair එකේ Pip එකක වටිනාකම සොයන්න,
Pip එකක වටිනාකම (JPY pairs වල Pip එකක් දැක්වෙන්න 2වැනි දශමස්ථානයෙන් බැවින්),
= 0.01 / 83.45
= 0.0001198
මෙතනදි උත්තරය එන්නේ USD වලින් , ඒ කියන්නේ උත්තරය USD 0.0001198
අපි USD/JPY = 83.45 rate එකට Lot එකක් මිලදී ගත්තා නම් Pip එකක වටිනාකම,
= 0.0001198 X 100,000
= USD 11.98






USD/JPY = 100.43 නම් අදාල currency pair එකේ Pip එකක වටිනාකම සොයන්න,
Pip එකක වටිනාකම (JPY pairs වල Pip එකක් දැක්වෙන්න 2වැනි දශමස්ථානයෙන් බැවින්),
= 0.01 / 100.43
= 0.00009957
මෙතනදි උත්තරය එන්නේ USD වලින් , ඒ කියන්නේ උත්තරය USD 0.00009957
අපි USD/JPY = 100.43 rate එකට Lot එකක් මිලදී ගත්තා නම් Pip එකක වටිනාකම,
= 0.00009957 X 100,000
= USD 9.96

ඔයාලට පේනවා නේද USD quote currency එක විදිහට තියෙන pairs වගේ නෙවෙයි, USD base currency එක විදිහට තියෙන pairs වල Pip වටිනාකම rate එකත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා USD quote currency එක විදිහට තියෙන pairs වගේ නෙවෙයි, අනිත් currency pairs වල Pip වටිනාකම අපි ගණන් හදලා බලලම ගන්න ඕනෙ. හැබැයි මේක මෙහෙම වෙන්නේ අපේ account එක USD වලින් තියෙන හින්දා, නිකමට හිතන්න අපේ forex account එක CHF වලින් තිබ්බා කියලා, එතකොට මොකද වෙන්නේ. එතකොට CHF quote currency එක විදිහට තියෙන හැම currency pair එකකම, rate එකක් කීය වුනත් Pip එකක වටිනාකම CHF 0.0001 . අනිත් pairs වල pip වටිනාකම rate එකත් එක්ක වෙනස් වෙනවා. අපි තව උදාහරණයක් බලමු.

USD/JPY = 99.35 දී අපි Mini-Lot එකක් මිලට ගෙන Pip 20කට පසු trade එක close කලා නම් අපගේ profit එක කීයද?
මිලදී ගැනීමේදී rate එක = 99.35
Pip 20කට පසු rate එක = 99.35 + 0.20 (JPY pairs වල Pip දැක්වෙන්නේ 2 වැනි දශමස්ථානයෙන් නිසා.)
= 99.55
Pip එකක වටිනාකම = 0.01 / 99.55
= USD 0.00010045
එම නිසා profit එක = 0.00010045 X 20 X 10,000
= USD 20.09

දැන් ඒ කරුණු ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අහන්න. USD base currency එක විදිහට තියෙන currency pairs තමයි USD/CHF, USD/JPY, USD/CAD වගේ ඒවා.

ඒවා ඔක්කොම හරි කියමුකෝ හදිස්සියේවත් අපිට EUR/GBP වගේ pair එකක් trade කරන්න හිතුනොත් මොකද වෙන්නේ? ඒකේ එක පැත්තකවත් USD නෑනෙ. මේ වගේ වෙලාවක Pip වටිනාකම හොයන්න අපිට EUR/GBP rate එක වගේම, currency pairs එකේ quote currency එක හා අපේ account currency එක තියෙන currency pair එකේ rate එකත් දැනගෙන ඉන්න ඕනෙ. ඒ කියන්නේ අපි EUR/GBP rate එක වගේම GBP/USD rate එකත් දැනගෙන ඉන්න ඕනෙ (මොකද අපේ account currency එක USD නිසා.). නැත්නම් අපිට Pip වටිනාකම හොයන්න විදිහක් නෑ. එහෙනම් අපි උදාහරණයක් බලමු.

EUR/GBP = 0.8465 දී Mini-lot එකක් මිලට ගෙන Pip 10ක් ලබාගත් පසු trade එක close කලා නම්
profit එක හොයන්න, trade එක close කරන විට GBP/USD = 1.6001,
Pip එකක වටිනාකම GBP වලින් = 0.0001
(අපි Pip එකක වටිනාකම EUR වලින් හොයන්න, 0.0001/0.8465 භාවිතා කරනවා. ඒත් මෙතනදී එහෙම අවශ්‍ය නෑ.)
Pip එකක වටිනාකම USD වලින් = 0.0001 X 1.6001
= 0.00016001
එම නිසා profit එක USD වලින් = 0.00016001 X 10 X 10000
= 16

අපි තව වෙනස් උදාහරණයක් බලමු.
EUR/JPY = 113.04 දී Lot එකක් මිලට ගෙන Pip 15ක් ලබාගත් පසු trade එක close කලා නම්
profit එක හොයන්න, trade එක close කරන විට USD/JPY = 83.45
Pip එකක වටිනාකම JPY වලින් = 0.01
Pip එකක වටිනාකම USD වලින් = 0.01 / 83.45
= 0.0001198
එම නිසා profit එක USD වලින් = 0.0001198 X 15 X 100,000
= 179.70

ඉහට උදාහරණ දෙක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ ගණන් අපි අතින් හදන්න ඕනෙ නෑ Metatrader එකේ මේවා ඔක්කෝම automatically calculate වෙනවා. දැන් ඔයාල බලයි එහෙනම් මොන මඟුලකටද මෙච්චර වෙලා මේවා කිව්වේ කියලා. අපි Forex වලට invest කරන්න යන්නේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි නිසා මේකේ profit හෝ loss ගණනය කරන විදිහ අපි හොඳටම දැනගෙන ඉන්න ඕනෙ. ඔයාලා දැන් ඔයාලම එක එක currency pairs වල එක එක rates හිතලා ගණන් හදලා බලන්න. ආපු උත්තර හරිද කියලා බලන්න මම පොඩි tool එකක් දෙන්නම්.

ඔයාලට http://fxtrade.oanda.com/account/profit-calculator/ ගිහිල්ලා ඒ tool එකට යන්න පුළුවන්.


මේකේ Account Currency කියන එක ඔයාලට තේරෙනවනේ. Currency Pair කියන එකෙන් අදාල currency pair එක select කරන්න. Current Price (USD/USD) කියන එකට මොනවත් දාන්න ඕනෙ නෑ ඒක තියෙන්නේ USD base currency එකවත් quote currency එකවත් නොවන pairs වල profit calculate කරන කොට පාවිච්චි කරන්න. Trade Price කියන එකට අපි මිලදී ගන්න rate එක දාන්න. Action කියන එක Buy/Long කියන position එකේම තියන්න. (Sell/Short ගැන අපි ඊළඟ පාඩමෙන් ඉගෙන ගන්නවා.) Number of Units කියන තැනට අපි ගන්න currency units ගණන දාන්න ඕනෙ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි Lot එකක් ගන්නවා නම් Number of Units කියන තැනට අපි 100000 දාන්න ඕනේ. Mini-Lot එකක් ගන්නවා නම් එතනට 10000 දාන්න ඕනෙ. ඊට පස්සේ Closing Price කියන එකට අපි trade එක close කරන rate (price) එක දාන්න. ඊට පස්සේ Calculate කියන button එක click කරාම අපිට අපේ profit එක හෝ loss එක USD වලින් පෙන්වනවා.


අපි EUR/JPY වගේ pair එකක් select කලොත් Current Price (JPY/USD) කියන තැනට අදාල rate එක දාන්න ඕනෙ. සාමන්‍යයෙන් JPY හා USD අතර rate එක දක්වන්නේ USD/JPY විදිහට නිසා අපිට JPY/USD rate එක හොයන්න පොඩි calculation එකක් කරන්න වෙනවා.

JPY/USD = 1 / (USD/JPY)
ඒ කියන්නේ USD/JPY rate එක 85.77 නම්,
JPY/USD rate එක = 1 / 85.77
= 0.011659

11. Pips ගැන තවදුරටත් - 1


අද අපි theory ටිකක් කරමු. එතකොට ඉක්මනටම අපිට අපේ පළවෙනි trade එක කරන්න පුළුවන්. ඔයාලට මතක ඇති අපි කලින් පාඩමකින් Pips, Pipettes කියන්නේ මොනාද කියලා ඉගෙන ගත්තා. අද අපි බලමු අපි Forex trade කරද්දී මේ Pips වැදගත් වෙන්නේ කොහොමද කියලා. සමහර විට ඔයාලා Forex trading ගැන තියෙන අනිකුත් websites වලට බලලා ඇති. එහෙම ඔයාලා ගිහින් තියෙනවා නම් සමහර විට ඔයාලා අහල ඇති සමහර Forex traders ලා කියනවා, "අද Pips 100ක් ගත්තා" එහෙමත් නැත්නම් "මේ මාසේ මම Pips 742ක් ගත්තා", "අද trade එකෙන් Pips 57 loss (-57) වුනා" ආදි වශයෙන්. කවුරු හරි එහෙම කිව්වොත් ඔයාලා මොකක්ද තේරුම් ගන්නේ? අද පාඩමට පස්සේ ඔයාලාට මේ ගැන හොඳ අවබෝධයක් ලැබෙයි.


කවුරු හරි Pips ගණනකින් එයාගේ ලාභය හෝ අලාභය කිව්වොත් එයාට මුදලින් වෙච්ච ලාභය හෝ අලාභය දැන ගන්න අපි Pip එකක වටිනාකම දැනගෙන ඉන්න ඕනෙ. එහෙනම් අපි පොඩි ගනන් ටිකක් හදලා බලමු.

හිතන්න EUR/USD = 1.2345 කියලා එහෙනම් EUR/USD Pip එකක වටිනාකම කීයද?
Pip එකක් කියන්නේ 4 වැනි දශමස්ථානයේ වෙනසක් නිසා,
Pip එකේ වටිනාකම EUR වලින් = 0.0001 / 1.2345
= 0.0000810044552
අපි ගමු උත්තරය 0.000081 කියලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ උත්තරය ආවේ EUR වලින් කියලා.

දැන් EUR/USD = 1.2345 කියන rate එකට Pip එකක වටිනාකම අපි EUR වලින් හොයාගත්තානේ. හැබැයි ඒක බොහෝම පොඩි අගයක්නේ කියලා ඔයාල බලයි. ඒ rate එක එහෙම එන්නේ අපි බැලුවේ EUR 1ක් මිලදී ගත්තොත් එන Pip එකක වටිනාකමනෙ. ඔයාලට මතක ඇති මම කිව්වා අපි Forex වලදී currencies මිලදී ගන්නේ හෝ විකුණන්නේ Lots වලින් කියලා. එහෙනම් අපි බලමු EUR Lot එකක් ගත්තා නම් අපිට ලැබෙන Pip එකක වටිනාකම කීයද කියලා.

EUR/USD = 1.2345,
EUR 1ක් මිලදී ගැනීමේ දී ලැබෙන Pip එකක වටිනාකම = 0.000081
එමනිසා EUR Lot එකක් මිලදී ගතහොත් ලැබෙන Pip එකක වටිනාකම = 0.000081 X 100,000
= EUR 8.1

දැන් අපි බලමු උදාහරණයක්. අපි හිතමු අපි EUR/USD rate එක 1.2345 වෙලා තියෙද්දී EUR Lot එකක් මිලදී ගත්තා කියලා, පස්සේ EUR/USD rate එක 1.2352 දක්වා ඉහල යනවා එතකොට අපිට ලැබිලා තියෙන්නේ ලාභයක්ද, අලාභයක්ද?

EUR/USD = 1.2345 හා පසුව EUR/USD = 1.2352
ලභය හෝ අලාභය Pips වලින් = 1.2352 - 1.2345 = 0.0007
ඒ කියන්නේ ලාභය Pips 7ක්
අපි trade එක close කරන price එක EUR/USD = 1.2352
trade එක close කරන විට Pip එකක වටිනාකම = 0.0001/1.2352
= 0.00008095
අපි EUR lot එකක් ගත් නිසා Pip එකක වටිනාකම = 0.00008095 X 100,000
= EUR 8.095
ඒ නිසා අපේ ලාභය EUR වලින් = 8.095 X 7
= EUR 56.67
අපි ඒ උදාහරණය ගැන තව ටිකක් බලමු. අපි ඒ උදාහරණයේදී බැලුවේ EUR/USD rate එක 1.2345 වෙලා තියෙද්දී අපි EUR Lot එකක් ඒ කියන්නේ EUR 100,000ක් මිලදී ගන්නවා. ඊට පස්සේ EUR/USD rate එක Pip 7කින් ඉහල යනවා. එතකොට අපිට ලැබුනු ලාභය තමයි EUR 56.67. දැන් බලන්න අපි EUR 100,000ක් මිලදී අරන් rate එක Pip 7කින් ඉහල ගියාම අපි EUR 56.67ක ලාභයක් හොයලා. ROI (Return on the Investment) එක එහෙමත් නැත්නම් "ආයෝජනය කල මුදලට ලැබුනු ප්‍රතිලාභය" මදි වගේ නේද? ඔයාලට Leverage එක ගැන අමතක වුනා නේද? අපිට අපේ Broker 100:1 Leverage එකක් දෙනවා නම් EUR 100,000 ක් ගන්න අපිට යන්නේ EUR 1000ක් විතරයි. 1000කින් 56.67ක් හොයනවා කියන්නේ සෑහෙන්න හොඳයි නේද? ඔයාල කලින් පාඩමේ විදිහට Tick Chart එක දිහා බලන් හිටියා නම් ඔයාලට තේරුම්යයි EUR/USD pair එකේ Pips 7ක වෙනසක් වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ කියලා.

ඔයාල හොඳට මතක තියාගන්න හැම වෙලේම Pip එකේ වටිනාකම හොයන්න ගන්නේ අන්තිම price එක, ඒ කියන්නේ අපි trade එක close කරන price එක. ඉහත උදාහරණයෙන් ඒක පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා, මොකද ඒ උදාහරණයේදී මම Pip වටිනාකම ගණනය කරන්න යොදාගත්තේ 1.2352 කියන rate එක.

අපි Forex broker කෙනෙක් එක්ක account එකක් open කරද්දී අපේ account එකේ ප්‍රධාන currency එක විදිහට මොකක් හරි currency එකක් ‍තෝරගන්න ඕනෙ. ඔයාලට මතක ඇති අපි අපේ Demo account එක open කරද්දී අපි ඒකේ ප්‍රධාන currency එක විදිහට ‍තෝරගත්තේ USD.

අපි අපේ account currency එක විදිහට USD select කරපු හින්දා හැම වෙලේම අපේ account එකේ ලාභය හෝ අලාභය (Profit or Loss) පෙන්වන්නේ USD වලින්. දැන් අපිට ඉස්සෙල්ලා උදාහරණයේ profit එක ආවේ EUR වලින් ඒ කියන්නේ EUR 56.67ක්. ඒක USD වලට පරිවර්තනය වුනාම USD ගණන කීයද? ඔයාලට පුළුවන්ද ඒක හොයන්න. ඒ ගණන හදන්න අපි පාවිච්චි කරන්නේ අපි trade එක close කරපු price එක. ඒ කියන්නේ 1.2352 කියන price එක. එතකොට අපි බලමු profit එක USD වලින්,

Profit in USD = EUR 56.67 X 1.2352
= USD 69.998
ඒ කියන්නේ වැටයීමෙන් පසු USD 70

මේකේ මොකුත් අමුත්තක් ඔයාලට පේනවද? හරි මම ඔයාලව වැඩිය වටේ යවන්නේ නැතුව මමම කියන්නම්, අපේ Forex account එකේ currency එක USD නම් currency pairs වල USD 2වැනියට (ඒ කියන්නේ USD quote currency විදිහට) තියෙන හැම currency pair එකකම Pip 1ක වටිනාකම USD 0.0001. ඒ කියන්නේ EUR/USD, GBP/USD, AUD/USD currency pairs 3ම USD 2වැනියට තියෙන නිසා අපිට Pips ගණනයි Lots ගණනයි දන්නවා නම් පහසුවෙන්ම (Calculator එකක් නැතුවම) profit එක හෝ loss එක ගණනය කරන්න පුළුවන්. අපි කලින් උදාහරණය නැවතත් බලමු, හැබැයි මේ පාර අපි profit එක ලේසි විදිහකට ගණනය කරමු.

අපි EUR Lot එකක් මිලදී ගෙන Pips 7ක profit එකක් ලැබුවා නම් එම profit එක USD වලින්,
Profit in USD = (Pip value) X (No. of Pips) X (Currency Units)
= 0.0001 X 7 X 100,000
= 70

ඒ ක්‍රමය ගොඩාක් ලේසී නේද? තවත් දෙයක් මම කියලා දෙන්නම්, Forex account එකේ currency එක USD නම් හා අපි trade කරන currency pair එක EUR/USD, GBP/USD හෝ AUD/USD නම්,

Currency Units
Value of a pip in USD
1 Lot (100,000)
10
1 Mini Lot (10,000)
1
1 Micro Lot (1,000)
0.1
1 Nano Lot (100)
0.01


3 Mini Lots (30,000)
1X3 = 3
4.5 Lots (450,000)
4.5X10 = 45
අනිත් currency pairs ගැන මීළඟ ලිපීයෙන් බලමු.

10. Metatrader එක ගැන - 1

Demo account එක හදන හැටි කියලා දීලා Metatrader එක ගැන විස්තර කියන්න මෙච්චර කල් ගියාට සමාවෙන්න ඕනෙ. හොඳටම වැඩ වැ‍ටුනා ඒකයි ප්‍රමාදයට හේතුව. කොහොම වුනත් ඔයාලා බය වෙන්න එපා blog එක දිගටම යනවා. එහෙනම් අද අපි Metatrader එකේ රවුමක් ගිහින් බලමු.







අපි මේකේ කොටසින් කොටස අරන් බලමු ඒ මොනාද කියලා.


ඔයාලට පේනවා ඇති ඉහත දැක්වෙන රූපයේ රතු පාට කො‍ටුවකින් mark කරලා තියෙන ප්‍රදේශය. ඒකේ තමයි එක් එක් Currency Pairs වල rate (price) එක දැක්වෙන්නේ. අපි කලින් post එකකදි කතාකරපු Currency Pairs ඔක්කොම වගේ මෙතන තියෙනවා නේද? ඒකේ දකුණු පැත්තේ තියෙන scroll bar එක භාවිතා කරලා අපිට ඒකේ තියෙන අනික් Currency pairs වල prices බලන්න පුළුවන්. ඒ කො‍ටුවේ උඩම Symbol, Bid හා Ask කියලා තියෙනවා නේද? Symbol කියන එක නම් ඔයාලට තේරෙනවා නෙ. ඒත් ඔයාලා බලයි prices (rates) 2ක් තියෙන්නේ මොකද කියලා. ඒ ගැන සම්පූර්ණ විස්තරය මම ඊළඟ theory පාඩමෙන් කියලා දෙනවා (එතකන් චුට්ටක් ඉවසන්න). ඒ කො‍ටුවේ උඩම ඔයාලට පෙනෙයි Market Watch කියලා එකක්, ඒකෙන් දැක්වෙන්නේ අපි පාවිච්චි කරන broker ඉන්න රටේ දැන් වෙලාව. ඒ කියන්නේ Easy forex brokerට අනුව දැන් වෙලාව තමයි එතන තියෙන්නේ. දැන් ඔයාලා මොකක් හරි Currency pair එකක් උඩ click කරන්න. (උදාහරණයක් විදිහට EURUSD pair එක උඩ click කරන්න.) ඊට පස්සේ ඔයාලට පේනවා නේද ඒ කො‍ටුවේ පල්ලෙහා තියෙනවා Symbols, Tick Chart කියලා tabs 2ක්, ඒ 2කෙන් දැනට select වෙලා තියෙන්නේ Symbols කියන එකනේ. දැන් ඔයාලා ඒකේ Tick Chart කියන එක click කරන්න.


ඒකේ පොඩි ප්‍රස්තාරයක් වගේ එකක් පේනවා නේද? ඒක දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්න ඒතකොට ඔයාලට පෙනෙයි ඒකේ අගය ඉහල, පහල යනවා. (හැබැයි එහෙම වෙන්නේ සතියේ දවස් වල විතරයි. මොකද Forex Market එක වැඩ කරන්නේ සතියේ දවස් වල විතරක් නිසා. මේ ගැන වැඩි විස්තර ඉදිරියේදි theory පාඩමකින් මම කියලා දෙනවා.) ඔයාලට මතකද දන්නේ නෑ මම කලින් පාඩමක කිව්වා Currency pair එකක rate එක තත්පරෙන් තත්පරේ වෙනස් වෙනවා කියලා. මම එහෙම කිව්වේ මෙන්න මේ ගැන තමයි. දැන් ඔයාලට තේරෙනවා නේද Currency pairs වල prices කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. දැන් ආපහු Symbols කියන tab එක click කරලා වෙන Currency pair එකක් select කරලා Tick Chart එකට යන්න. ඔයාලට පෙනෙයි. හැම Currency pair එකක්ම එකම ගානට ඉක්මනින් වෙනස් වෙන්නේ නෑ කියලා. එක එක Currency pairs වල prices වෙනස් වෙන්නේ එක එක විදිහට.


දැන් ඉහත රූපයේ රතු පාට රවුම් වලින් දැක්වෙන් X marks වල click කරලා charts ඔක්කොම Metatrader එකෙන් අයින් කරන්න. (බය වෙන්න එපා අපි ඒවා අපහු ගන්න හැටි ඉගෙන ගන්නවා.) දැන් අපි අර ඉස්සෙල්ල බලපු Currency pairs වල prices තියෙන කො‍ටුවට ගිහිල්ලා EURUSD currency pair එක උඩ "right click" කරන්න.


දැන් එතනින් 2වෙනියට තියෙන "Chart Window" කියන එක් select කරන්න. එතකොට පහත රූපයේ දැක්වෙන ආකරයේ screen එකක් ඔයාලාට පෙනෙයි.



ඊට පස්සේ ඒ chart එක තියෙන කො‍ටුවේ තියෙන Maximize button එක click කරලා chart එක Maximize කරගන්න.



දැන් ඒ රූපයේ නිල් පාට රවුමකින් සටහන් කරලා තියෙන ප්‍රදේශය බලන්න. එතන EURUSD,H1 කියලා තියෙනවා ඒ වගේම ඊට පස්සේ මොනාද ඉලක්කම් වගයක් තියෙනවා එහෙම නේද? EURUSD කියන එකෙන් අපිට අඳුරගන්න පුළුවන් මේක EUR/USD chart එකක් කියලා. H1 කියන එකේ තේරුමයි, අර ඉලක්කම් වල තේරුමයි මම charts ගැන කරන blog post එකේදි කියලා දෙන්නම්. කහ පාට රවුමකින් සලකුණු කරලා තියෙන්නේ Currency pair එකේ rate එක ඒ කියන්නේ, පහල ඉඳන් ඉහලට අගයන් වැඩිවන පිළිවෙලට තමයි දක්වලා තියෙන්නේ. රතු පාට රවුමකින් සලකුණු කරලා තියෙන්නේ කාලය (Time) මොකක්ද මේ කාලය කියලා මම charts ගැන පාඩමේ දි හරියටම පැහැදිලි කරන්නම්.

ඔයාලා දැන් chart එකේ මුල හරියේ click කරලා ඊතලයෙන් දැක්වෙන පැත්තට drag කරලා බලන්න. එතකොට අපිට Currency pair එකේ (ඒ කියන්නේ EUR/USD) කලින් rates දැන ගන්න පුළුවන්.


දැන් ඔයාලා කොළපාට රවුමකින් සළකුණු කරලා තියෙන buttons ඔබලා බලන්න මොනාද වෙන්නේ කියලා. ඒවා ගැන වැඩි විස්තර ඉදිරීයේ දී. අනිත් Currency pairs වලත් charts අරගෙන බලන්න. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් අහන්න.

9. කොහොමද Demo Account එකක් open කරගන්නේ?

Forex Market එකේ trade කරන්න පාවිච්චි කරන්න පුළුවන් softwares ගොඩක් තියෙනවා. බොහොමයක් ලොකු Forex Brokersලා ඒ ගොල්ලන්ගෙම softwares අපිට ලබාදෙනවා trade කරන්න. කොහොම වුනත් අපි පාවිච්චි කරන්න යන්නේ "Metatrader" කියන software එක. මේ software එකේ version 4 තමයි අපි පාවිච්චි කරන්නේ. ඒකට හේතුව තමයි මේ software එකට අපිට පහසුවෙන් Indicators (Indicators කියන්නේ මොනාද කියලා මම ඉස්සරහට ඔයාලාට කියලා දෙනවා.) හොයාගන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ මේ software එක. අපි මේ Demo account එක open කරන්න යන්නේ "Easy Forex" කියන Forex Broker එකක්. මේ ගොල්ලෝ prices quote කරන්නේ දශමස්ථාන 4කින් (JPY pairs දශමස්ථාන 2කින්). පස්සේ අපි දශමස්ථාන 5කින් (JPY pairs දශමස්ථාන 3කින්) පෙන්වන Broker කෙනෙක් එක්කත් account එකක් open කරමු. එහෙනම් අපි Easy Forex එක්ක Demo account එකක් open කරමු.

1. මුලින්ම http://en.easy-forex.com/evo/Int/home.aspx වෙබ් අඩවියට පිවිසෙන්න.







2. ඊට පස්සේ "Trading Platforms" කියන heading ගාවට mouse cursor එක අරන් යන්න. එතකොට තවත් sub menu එකක් එනවා. ඒකෙන් "MT4" කියන එක click කරන්න.


3. දැන් එතන තියෙන "Download Now" කියන button එක click කරන්න. එතකොට "mt4setup.exe" කියලා file එකක් save කරන්න හෝ run කරන්න අහයි.

4. ඔයාල ඒ file එක run කලා නම් Metatrader 4 software එක install වෙන්න පටන් ගනී. ඔයාලා ඒ file එක hard disk එකට save කලා නම්, ඒ file එක හොයලා run කරන්න එතකොට Metatrader 4 software එක ඔයාලගේ computer එකට install වෙනවා. Installation එකේදී settings මොනවත් change කරන්න අවශ්‍ය නෑ
next කර කර යන්න තියෙන්නේ.


5. අන්තිමට finish button එක click කරන්න. එතකොට ඔයාලට පහත දැක්වෙන screen shot එකට සමාන එකක් එන්න ඕනෙ.



6. ඔයාලට "Open an Account" කියන dialog box එක පේන්නේ නැත්නම්, Metatrader 4 software එකේ file menu එකට ගිහිල්ලා "Open an Account" කියන එක click කරන්න.


7. දැන් තියෙන්නේ "Open an Account" කියන dialog box එකේ ඉල්ලලා තියෙන details enter කරන එක. මේක Demo Account එකක් හින්දා ඇත්ත details enter කරන්න අවශ්‍ය නෑ. ඔයාලට ඕනෙ නම් ඔයාලගෙ ඇත්ත විස්තර ඇතුලත් කරන්න. හැබැයි මේකේ අන්තිම details 3 ඉතාමත් වැදගත්. ඒ කියන්නේ Account type, Leverage හා Deposit කියන ඒවා.

Account type: Forex-usd
Leverage: 1:100
Deposit: 3000

විදිහට select කරන්න. අපි Account type එක USD විදිහට select කරන්නේ අපිට ඉදිරියේ දි ඉගෙන ගන්න තියෙන theory පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන නිසා. ඔයාලා සමහර විට බලයි, Deposit කියන field එකේ 50,000 තියෙද්දි අපි 3,000 select කරන්නේ ඇයි කියලා. මේකට හේතුව තමයි අපි අඩු ගණනකින් account එකේ trade කරලා පුරුදු වුනාම අපි real account එකක trade කරන්න යන කොට trade කරන්න ඕනෙ Lots ගණන් වරදින්නේ නෑ. මොකද අපිට එක පාරට USD 50,000 දාලා ඇත්ත account එකක trade කරන්න යන එක ඇඟට ගුණ නෑ.



8. දැන් ඊට පස්සේ එන dialog box එකේ තියෙන Login, Password කියන විස්තර කොහේ හරි ලියලා තියාගන්න. ඊළඟට Finish button එක click කරන්න.

9. සමහර විට ඔයාලට පහත දැක්වෙන ආකාරයේ dialog box එකක් දකින්න ලැබෙයි. එහෙම වුනොත් ඒකේ Start කියන button එක click කරන්න.


ඒකෙන් කරන්නේ Metatrader 4 software එක update කරන එක.

10. Update කරලා ඉවර වෙලා software එක restart කරාට පස්සේ පහත දැක්වෙන ආකාරයේ රූප රාමුවක් ඔයාලගේ screen එකේ තියෙන්න ඕනෙ.


එහෙනම් Metatrader ගැන වැඩි විස්තර ඊළඟ post එකෙන් ඉගෙන ගමු.

8. කොහොමද අපි මේ Forex Market එකේ trade කරන්නේ?



ඇත්තම කිව්වොත් අපිට තව theory ඉගෙන ගන්න තියෙනවා. ඒත් මම දිගටම theory කරන්න ගත්තොත් ඔයාලට මේක හොඳටම boring වෙයි. මම දන්නවා ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඇති මේක කරන්නේ කොහොමද කියලා දැන ගන්න.

Forex Market එකේ පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් කියන්නේ ඇයි දන්නවද? Forex Market එකේ trade කරන්න අපිට අවශ්‍ය වෙන්නේ Computer (දැන් නම් අළුත් phones වලිනුත් trade කරන්න පුළුවන්) එකක්, Internet හා Telephone එකක් විතරයි. ඇත්තටම මේ ටික විතරක් නෙවෙයි Forex ගැන හොඳ දැනුමකුත් ඕනෙ. ඒත් හිතන්න අපි වෙන මොනා හරි Business එකක් පටන් ගත්තා කියලා, ඒ Business එක සාර්ථක කරගන්න Business දැනුමට අමතරව අපිට තව කොච්චර මහන්සි වෙන්න වෙනවාද? ඒ කරදර මොනවත් Forex වල නෑ. Forex වල තියෙන එකම කරදරය තමයි මේක හරියට ඉගෙන ගන්න එක. කමක් නෑ කොහොම හරි අපි මේක ඉගෙන ගන්න පටන් අරන්නේ තියෙන්නේ. බය නැතුව අපි ඉස්සරහටම යමු.

අපි Forex trade කරන්නේ Broker කෙනෙක් හරහා. මේ ගැන ඔයාල දැනටමත් දන්නවා ඇති. Brokerලත් විවිධ වර්ගයේ අය ඉන්නවා. අපි ඒ ගැන පසුව කතා කරමු. Forex Market එකේ තියෙන ලොකුම වාසිය තමයි Forex Market එකේ ඉන්න Brokersලා හැමදෙනාම වගේ එයාලාගේ clients ලට ඒ කියන්නේ අපිට Demo accounts open කරන්න ලබාදෙනවා.

දැන් සමහර විට ඔයාලට ප්‍රශ්නයක් ඇතිවෙයි මේ Demo accounts කියන්නේ මොනාද කියලා. Demo account එකක් කියලා කියන්නෙත් Forex Market එකේ trade කරන්න පුළුවන් Account එකක් ඒ වුනත් වෙනස තමයි මේකෙදි අපි ඇත්ත සල්ලි පාවිච්චි කරන්නේ නැති එක. Forex අළුතින් ඉගෙන ගන්න අයට මේ Demo account කියන එක ඉතාමත් වැදගත්. මොකද අපිට Demo account එකක් open කරගෙන අතේ තියෙන සල්ලි ටික නැති කරගන්නේ නැතුව Forex Market එකේ trade කරන හැටි ඉගෙන ගන්න පුළුවන් නිසා.

7. Lots, Margins, Leverage හා Pips - 3


ආ මට කියන්න අමතක වුනා Pip කියන නම හැදුනේ කොහොමද කියලා. Pip කියලා කියන්නේ Price Interest Point කියන එක. කලින් Blog post එකේදි අපි ඉගෙන ගත්තා Pip එකක් කියන්නේ JPY තියෙන Currency pairs වල 2 වැනි දශමස්ථානය හා අනිකුත් Currency pairs වල 4 වැනි දශමස්ථානය කියලා. හැබැයි දැන් ගොඩාක් Broker ලා prices quote කරද්දී JPY pairs දශමස්ථාන 3 කින් හා අනිකුත් Currency pairs වල price එක දශමස්ථාන 5 කිනුත් පෙන්වනවා. මේ 5වැනි (JPY pairs වල 3 වැනි) දශමස්ථානයට කියන්නේ Pipette එකක් කියලා. Pipette එකක් කියන්නේ Pip එකකින් 1/10ක්. උදාහරණයක් ගත්තොත් EUR/USD price එක 1.21506 සිට 1.21507 දක්වා වැඩි වුනා කියන්නේ EUR/USD price එක Pipette 1කින් වැඩි වුනා, එහෙමත් නැත්නම් Pip 0.1කින් වැඩිවුනා කියන එක. මේ Pipette කියන එක හොඳට තේරුම් ගන්න එක ඉතාමත් වැදගත් මොකද ගොඩක් වෙලාවට ආධුනික tradersලා මේක පටලවා ගන්නවා. ඒ ගොල්ලෝ හිතනවා දශමස්ථාන 5ක් තියෙද්දි 5වැනි දශමස්ථනය තමයි Pip එකක් කියන්නේ කියලා. අපි උදාහරණයක් බලමු.

GBP/JPY = 130.573, පැයකට පසු GBP/JPY = 130.568 නම් prices 2ක අතර වෙනස කොපමණද?
වෙනස (Pips ගණන) = 130.568 - 130.573 = -0.005
එම නිසා උත්තරය වෙන්නේ -0.5 Pips හෝ -5 Pipettes

EUR/USD = 1.26157, ටික වේලාවකට පසු EUR/USD = 1.26169 නම් prices 2ක අතර වෙනස කොපමණද?
වෙනස (Pips ගණන) = 1.26169 - 1.26157 = 0.00012
ඒ නිසා උත්තරය වෙන්නේ 1.2 Pips හෝ 12 Pipettes

අපි Forex Market එකේදි බොහෝ දුරට භාවිතා කරන්නේ Pips. Pipettes වැදගත් වෙන්නේ ඉතාමත් විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරලා trade කරන ලොකු Forex tradersලාට.

6. Lots, Margins, Leverage හා Pips - 2

අපි කලින් post එකේදි Lots හා Leverage ගැන කතා කළා. අද අපි බලමු Margin හා Pips කියන්නේ මොනාද කියලා.

Leverage ගැන කතා කරද්දි අපි දැනගත්තා Leverage එක දක්වන්නේ 200:1, 100:1 හෝ 50:1 යන ආකාරයට කියලා. Leverage එකක් එක්ක trade කරන එකට තමයි Margin Trading කියලා කියන්නේ. ඇත්තටම Margin කියලා කියන්නේ හරියට deposit එකක් වගේ, ඒ කියන්නේ සමහර උපකරණ අපි කුලියට ගද්දි අපිට පොඩි මුදලක් ඒ ආයතනයේ තියන්න වෙනවා. මේකත් ඒ වගේ එකක්.


Leverage එක 100:1 නම් Margin එක 1%
Leverage එක 200:1 නම් Margin එක 0.5%
Leverage එක 400:1 නම් Margin එක 0.25%
Leverage එක 50:1 නම් Margin එක 2%

මේක හොඳට බැලුවොත් ඔයාලට තේරෙයි 100:1 කියන අනුපාතය ප්‍රතිශතයක් විධිහට දක්වලා 1% කියන අගය ඇවිල්ලා තියෙනවා කියලා. මේක වෙන්නේ මෙහෙමයි. Forex trade කරන්න අපි Broker කෙනෙක් හරහා Forex account එකක් open කරගන්නවනේ, ඊට පස්සේ හිතන්න අපි trade එකක් කරා කියලා. හිතන්න අපි EUR/USD Mini-Lot එකක් Buy කරා කියලා. අපිට ඒ Mini-Lot එක ගන්න USD ගානක් යනවනේ. Margin එක 1% නම් අපිට යන්නේ ඒ USD ගණනින් 1%. ඒ 1% අපේ Forex account එකෙන් අඩුවෙනවා. ඒක අපිට ආපහු ලැබෙන්නේ trade එක close කරාම. දැන් අපි උදාහරණයක් බලමු.

Margin එක 1% හා EUR/USD=1.2453 නම් EUR Mini-Lot එකක් මිලදී ගැනීමට අවශ්‍ය USD ගණන?

EUR/USD = 1.2453
EUR Mini-Lot = EUR 10,000
Margin එක 1% නිසා Mini-Lot එකකට අවශ්‍ය EUR ගණන = 10,000 X 1%
=10,000 X (1/100)
= 100
එම නිසා අවශ්‍ය USD ගණන = 100 X 1.2453
= 124.53


ඉහත උදාහරණයේ විධිහට අපේ account එකෙන් USD 124.53ක් අඩුවෙනවා. ඒ USD 124.53 අපිට ආපහු ලැබෙන්නේ ඒ trade එක close කරාම. ඒ කියන්නේ අපේ Forex account එකේ USD 1000ක් තිබුනා නම්, මේ trade එකට පස්සේ account balance එක USD 875.47 (1000-124.53) වෙනවා. මේ කරුණු ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. පැහැදිලි නැතිනම් අනිවාර්්‍යයෙන්ම අහන්න.

දැන් අපි බලමු Pips කියන්නේ මොනාද කියලා.

Pip එකක් කියලා අපි හඳුන් වන්නේ Currency pair එකක 4 වැනි දශමස්ථානයේ වෙනසකට (JPY තියෙන Currency pair වල විතරක් මේක 2 වැනි දශමස්ථානය). හිතන්න EUR/USD = 1.2453 කියලා, ටික වෙලාවකට පස්සේ EUR/USD = 1.2457 වෙනවා. මේ දෙක අතර වෙනස කීයද? 0.0004 මේ 4 තමයි අපි Pips කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මේ උදාහරණයේදි EUR/USD rate එක Pip 4කින් වැඩිවෙලා කියන එක. JPY Base currency හෝ Quote currency විධිහට තියෙන Currency pairs හැර අනික් සෑම Currency pair එකකම 4 වැනි දශමස්ථානයේ වෙනසක් Pip විධිහට හඳුන්වනවා. එතකොට JPY ඉස්සරහින් හෝ පස්සෙන් තියෙන Currency pairs වල Pip එකක් කියලා කියන්නේ 2 වැනි දශමස්ථානයේ වෙනසකට. අපි දාහරණ කීපයක් බලමු, එතකොට ඔයාලට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

EUR/USD = 1.4351, විනාඩි කීපයකට පසු EUR/USD = 1.4359 නම් Pips ගණන කීයද?
Pips = 1.4359 - 1.4351 = 0.0008
ඒ කියන්නේ EUR/USD price එක Pips 8 කින් වැඩි වෙලා.

EUR/USD = 1.2453, Pips 20කින් අගය අඩුවුනි නම්, දැන් EUR/USD අගය කීයද?
EUR/USD = 1.2453 - 0.0020= 1.2433
ඒ කියන්නේ දැන් EUR/USD price එක = 1.2433

EUR/USD = 1.4351, විනාඩි කීපයකට පසු EUR/USD = 1.4345 නම් Pips ගණන කීයද?
Pips = 1.4345 - 1.4351 = -0.0006
ඒ කියන්නේ EUR/USD price එක Pips 6කින් අඩු වෙලා.

GBP/JPY = 130.70, ටික වේලාවකට පසු GBP/JPY = 130.75 නම් Pips ගණන කීයද?
Pips = 130.75 - 130.70 = 0.05
ඒ කියන්නේ GBP/JPY price එක Pips 5 කින් වැඩි වෙලා.

මේ කරුණු තේරුම් ගන්න එක ඉතාමත් වැදගත් ඒ නිසා ප්‍රශ්න තියෙනවා නම් කෙලින්ම අහන්න.