
ඇත්තම කිව්වොත් අපිට තව theory ඉගෙන ගන්න තියෙනවා. ඒත් මම දිගටම theory කරන්න ගත්තොත් ඔයාලට මේක හොඳටම boring වෙයි. මම දන්නවා ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඇති මේක කරන්නේ කොහොමද කියලා දැන ගන්න.
Forex Market එකේ පහසුවෙන් සල්ලි හොයන්න පුළුවන් කියන්නේ ඇයි දන්නවද? Forex Market එකේ trade කරන්න අපිට අවශ්‍ය වෙන්නේ Computer (දැන් නම් අළුත් phones වලිනුත් trade කරන්න පුළුවන්) එකක්, Internet හා Telephone එකක් විතරයි. ඇත්තටම මේ ටික විතරක් නෙවෙයි Forex ගැන හොඳ දැනුමකුත් ඕනෙ. ඒත් හිතන්න අපි වෙන මොනා හරි Business එකක් පටන් ගත්තා කියලා, ඒ Business එක සාර්ථක කරගන්න Business දැනුමට අමතරව අපිට තව කොච්චර මහන්සි වෙන්න වෙනවාද? ඒ කරදර මොනවත් Forex වල නෑ. Forex වල තියෙන එකම කරදරය තමයි මේක හරියට ඉගෙන ගන්න එක. කමක් නෑ කොහොම හරි අපි මේක ඉගෙන ගන්න පටන් අරන්නේ තියෙන්නේ. බය නැතුව අපි ඉස්සරහටම යමු.
අපි Forex trade කරන්නේ Broker කෙනෙක් හරහා. මේ ගැන ඔයාල දැනටමත් දන්නවා ඇති. Brokerලත් විවිධ වර්ගයේ අය ඉන්නවා. අපි ඒ ගැන පසුව කතා කරමු. Forex Market එකේ තියෙන ලොකුම වාසිය තමයි Forex Market එකේ ඉන්න Brokersලා හැමදෙනාම වගේ එයාලාගේ clients ලට ඒ කියන්නේ අපිට Demo accounts open කරන්න ලබාදෙනවා.

No comments:
Post a Comment