Thursday, March 22, 2012

මගෙ අම්මව මට මඟහැරුණා… ඒ දුක මේ ආත්මයේදී ගෙවන්න බැහැ


මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණය වන්නේ මවගේ කිරිවලින් සහ හිරුගේ රැස්වලිනි’ කියලා. ඒ වගේ මගේ ජීවිතේ නිර්මාණය කරන්නෙ ආදරය සහ කුසගින්න.

අම්මා පිළිබඳව මට මුලින්ම මතක් වෙන්නෙ, අපි ඔක්කො ම අම්මගෙ චීත්තෙ පොරවගෙන රෑට නිදාගන්න එක. අපේ පැත්ත සීතලයි. අපේ නිවෙස්වල පොරවන්න රෙදි තිබුණෙ නෑ. ඒ නිසා අම්මගේ චීත්තයට පොරකනවා ඒක පොරවගන්න. අපේ පවුලේ දහදෙනයි. අම්මගෙ උණුසුම දැනෙන නිසා සුවඳ දැනෙන නිසා ඒක ලබාගන්න අපි පොර කනවා.

මට පස්සෙ කාලේ අවබෝධ වුණා අම්මගෙ චීත්තය කියන්නෙ බොහෝ ම සුවඳ වස්ත්‍රයක් නෙමෙයි කියලා. ඒ වගේම අම්මගෙ සුවඳ කියලා අපි කියන්නෙ අම්මගෙ සොටු, දහදිය, උයලා පිහලා ඉඳුල් දැලි ගෑවුණ සුවඳට. අපි එතකොට ආදරෙයෙන් වැලඳගෙන තියෙන්නෙ අම්මගෙ වේදනාව. අම්මගේ චීත්තය එයින් අපිට අම්මගෙ සුවඳ දැනෙනවා.
මම උපන් දා ඉඳන් අම්මගේ ආදරය මට ලැබුණා. මම උපදින කොට අපේ අම්මට 48යි. මම පවුලේ 11 වැනියා. අවු. 6දී මම පාසල් ගිහින් ආවා ම මම මව්කිරි බිව්වා. මට තවම හොඳට මතකයි ගමේ ගෑනියෙක් කිව්වා “ඕකෙ කොහොඹ ගාපං කියලා” ඒ මම හැමතිස්සෙම අම්මගෙ තනය උරන නිසා. මම තනයෙ එල්ලිලා මව්කිරි බිව්වට අපේ අම්මගෙ තනයේ මට දෙන්න මව්කිරි තිබිලා නෑ.
ඒ නිසා අම්මා කරන්නෙ කහට කෝප්පයක් හදාගෙන තියන් කහට බිංදු ඇඟිල්ලට අරන් මගෙ කටේ තියන එක. ඒ මගේ බඩගිනි නිවන්න. කිරි නැති වෙන්න හේතුව අපේ පවුලෙ 10 දෙනෙක්. මම 11 වැනියා. මට අවු.12 වෙනකොට අම්මට 60ක් විතර. මට මතකයි ඉස්සර අම්ම ඉස්කෝලෙට එනකොට යාළුවො කියනවා Qමේ එන්නෙ උඹෙ අම්ම නෙවෙයි ආච්චි’ කියලා. නිකං හරි උර උර ඉන්න අම්ම තනය දුන්න එකෙන් මා අදහස් කරන්නේ අම්ම මට තිබුණු ආදරේ තරම.
අප්පච්චි ගොවියෙක් වුණත් අපි දරිද්‍රතාවේ පතුළට ම ගියා. මට තවමත් හොඳට දැනෙනවා මැටි මුට්ටියේ බත ඉදෙන සුවඳ. තියෙන අප්‍රමාණ කුසගින්න නිසා ලුණු ටිකක් ඉහලා ඉක්මනට බත් කනවා.
මිනිස්සු ලුණුයි බතුයි කන්නෙ හීල් බත් එක්ක නෙමෙයි. උණු බත් එක්ක. දැඩි ම කුසගින්න නිසා ලුණුයි බතුයි කෑවා. දුප්පත් මිනිස්සු ලුණුයි බතුයි කනවා කියන කතාව ඇත්ත.
අපේ පවුලෙ පිරිමි 05යි. ගැහැනු 05යි. දුප්පත්කම කොච්චර වුණත් අම්මා කතරගම දෙවියන්ට ගිහින් බාර වුණාලු ඊළඟ එකා පුතෙක් වෙන්න කියලා. දරුවො සමාන වෙන්න.
ඊළඟට මට තියෙන මතකය චූටි කුස්සියේ අපි දහදෙනා පෝළිමට වාඩි වෙනවා. කෑම කන්න. අපි කන්නෙ බෙලෙක් පිඟන්වල. එක එක්කෙනාගෙ පිඟන් එක එක තරමෙ. ලොකු අයියට ගොඩක් කන්න ඕනෙ. මොකද ඌ කුඹුරෙ යනවා.
මහන්සි වෙන නිසා. ඒගොල්ලන්ගෙ පිඟාන ගැඹුරුයි. අම්මා මුලින් ම බෙදන්නෙ අප්පච්චිට. ඊට පස්සෙ අපිට. පිඟන් අඩු වුණා ම අක්කලා කන්නෙ මඩක්කුවේ. (අඩි වළඳේ) හැමෝට ම බෙදලා අම්මා කවදාවත් බෙදාගන්නෙ නෑ. අපි 10 හරි 8 හරි ඉන්න අය කනතුරු අපේ අම්මා බත් බෙදාගන්නෙ නෑ.
අපි බත් ටික මුලින් ම වේගෙන් කාලා අන්තිමට ඇටේ ඇටේ කනවා. අපි දෙවෙනි පාර කන්න ආස වුණත් බෙදා ගන්නෙ නැත්තෙ අපෙ අම්ම කෑවෙ නැති නිසා. අම්මට කන්න තරම් බත් මුට්ටියේ තියෙනවද කියලා දන්නෙ නැති නිසා. එතකොට අම්මා දන්නවා අපි නොකා ඉන්නෙ අම්මට නැති නිසා කියලා. අන්න ඒ වෙලාවට බත් මුට්ටිය පෙන්නලා අම්මා ලස්සන වචනයක් කියනවා.
”මට තියෙනවා මයෙ පුතේ, උඹලා තව චුට්ටක් කාපං” කියලා.
දැන් අප්‍රමාණව අම්මට තියෙන ආදරය වැඩිවෙනවා. බඩගින්න ජීවිතය උගන්වනවා. අන්න එහෙම තමයි කුසගින්න එක්ක ආදරේ ගොඩනැඟෙන්නේ.
රෑට හිල්වෙච්ච ටකරං අස්සෙන් එළිය වැටෙනවා ‘ටෝච්’ එක ගැහුවා වාගේ ගොම පොළොවට. අපි අඟුරු කෑලි අරන් ඒවා රවුම් කරනවා. එතකොට ටික වෙලාවක් ගියා ම ගොම පොළොවෙ ලස්සන රටාවක් මැවෙනවා. අපිට බිම අඳින්න අඟුරු කෑල්ල දෙන්නෙ අම්මා. අම්මට අකුරක්වත් බෑ.
මෙහෙම යනකොට ශිෂ්‍යත්වේ පාස්වෙනවා මම. යහළබැද්ද කනිටු විදුහලින්. ඒ කාලයේ මගේ ශිෂ්‍යත්ව පන්තියේ ගුරුවරු වුණේ කරුණාරත්න ගුරුතුමා සහ මල්ලිකා දාබරේ ගුරුතුමිය. ඈ දැන් වත්තල පැත්තේ ඉන්නවා.
මම හපුතලේ නගරයේ. ගම යහළබැද්ද. අම්මගේ නම පුංචි මැණිකා.
දරුවෙක්ට තියෙන ලොකු ම ආසාව තමයි තමාව අගය කිරීම. හැබැයි ජප්පත් අකුරු නූගත් දෙමව්පියෝ දරුවා රටේ නායකයා වුණත් ඇත්තද බොල? කියලා අහයි. ඉතින්, ශිෂ්‍යත්වෙ පාස් වුණාම අම්මා මාව අගය කළා.
ගෙවල් ගාව හිටියා මනි අම්මා කියලා ගෑනියෙක්. ඒ කාලේ එයා බිත්තර විකිණුවා. බිත්තරයක් සත හතළිහයි. ඒ කාලේ බිත්තර හරියට අධිනිශ්චය වෙලා තිබ්බේ. අපේ අම්මා එක බිත්තරයක් ගෙනල්ලා තම්බලා බත් එකේ හංගලා මට දීලා කියනවා
”පුතේ, ඕක අයිනට ගිහින් කාපං” කියලා. ශිෂ්‍යත්වෙ පාස්වීම නිසාත්, මම පවුලේ බඩපිස්සා නිසාත් ඒ බිත්තරේ මට ලැබුණා වෙන්න පුළුවන්. අම්මා අනිත් අයටත් බිත්තර අරන් දෙන්න පුළුවන් නම් අරන් දෙනවා. ඒත් දුප්පත්කම ඒ සියල්ල මඬිනවා. අනික මට පොඩි කාලේ මන්දපෝෂණය හැදුණා. මම පස්ස පැත්තෙන් ගියා කියලා තමයි කට්ටිය කිව්වෙ.
ගමේ කට්ටිය කිව්වෙ ඔළුව ලොකු කොල්ලා කියලා. ගමේ එවුන් එහෙම කිව්වෙ මට මන්දපෝෂණය හැදුණා ම ඔළුව ලොකුªවෙලා ඇඟ පුංචි වුණ නිසා. ඒ කාලේ මට ඇවිදින්න බැරි නිසා මාව කරත්තයක දාගෙන තල්ලු කරගෙන ගියේ ජයන්ත කුමාර බන්දුලාච්චි කියන මගේ යාළුවා. දැන් හලාවත නල්ලදරංකට්ටුවේ පදිංචි වෙලා ඉන්නේ. මට ඒ යාළුවා දවසක් මුණගැහුණ ම කියනවා,
”උපුල් ඔයාට පොඩි කාලේ මන්ද පෝෂණයනේ. මම තමයි ඔයාව කරත්තෙ තියාගෙන තල්ලු කරන් ගියේ” කියලා.
ඒ නිසා අම්මා බත් එකේ හංගලා බිත්තරයක් දෙන එක ඇතුළේ ‘පෝෂණය මදි’ කියන අර්ථයත් තියෙනවා. අම්මා මෙතැන දී ආදරය, මාතෘත්වය, අගය කිරීම උගන්වනවා.
උඩරට පළාත්වල සිරික් තියෙනවා සාමාන්‍යයෙන් කෝඩුකාරයෝ සිරීපාදේ නැඟල ආවාම උණු කැවුමක් හදාගෙන
”මයෙ අප්පා, කිරි කෝඩු කකුල්වලින් මහගිරිදඹේ නැංගද”
කිය කියා උණු කැවුමෙන් කකුල් තවනවා. ඒක අපේ අම්මා මටත් වෙනත් විදියකට කළා. අපෙ අම්මා මම ශිෂ්‍යත්වෙ පාස් වුණා ම පොඩි කැවුමක් හදාගෙන මගෙ අත් දෙකම තවන ගමන් අම්මා කියනවා;
”පුතේ, උඹ විභාගයක් පාස් ලු. මයෙ අප්පට කෝටියක් දේවල් ලියන්න ශක්තිය ලැබෙන්න ඕන. මහ මුහුද ගොඩ ගලනවා වාගේ සම්පත් ලැබෙන්න ඕක.”
කිලා අම්මා සිරීපාදේ ගිය එකෙක්ගෙ කකුල් තවන විදියට මගෙ අත් දෙකම තවනවා.
ඒ දවස්වල ඇතිවෙනවා මහා දුර්භික්ෂයක්. වර්ෂ වශයෙන් කිව්වොත් මට අවු.09දී විතර. 73 විතර. විශාල දුර්භික්ෂයක්. මේ ගැන මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කියන පොතේ විශාල වශයෙන් දක්වල තිබ්බා. නමුත්, පසුකාලීනව දේශපාලන ආදී වූ විවිධ බලපෑම් නිසා ඒක ඉවත් කළා.
මේ දුර්භික්ෂයේ තරම කොයිතරම් ද කිව්වොත් පාන් කෑල්ලක් ගන්න පෝලිම්වල හිටපු මිනිස්සු ඇදගෙන වැටුණා. ඒ තරම් කුසගින්න. අපේ ගම්වල මිනිස්සු හබරල අල තම්බලා කෑවා. කෙසෙල්බඩ තම්බලා කෑවා බඩගින්නට. මේ කාලේ අපි දවස් 02ක් 03ක් විතර බඩගින්නෙ හිටියා.
මේ කාලේ අපි අක්කලා එක්ක ගිහින් එහා පැත්තෙ වත්තෙ වැවිලා තිබ්බා ‘බුත්සරණ’ කියලා අල ජාතියක්. මේ බුත්සරණ අල තම්බලා කෑවා. මේවා ගොඩක් කෑවම මත්වෙනව. මම අදටත් ආසාවට කන්න මේ පැළ ටිකක් හිටවගෙන තියෙනවා. මේ දවස්වල අපි වේල් 10,15 ඉරිඟු තම්බලා කෑවා.
එක දවසක් උදේක තුවායක් කරේ දාගෙන අම්මා උදේ 6ට 6.30ට විතර හපුතලේ කන්ද මුදුනෙන් ඉර පායනකොටම වගේ ගෙදරින් පිටත් වෙලා යනවා. ළමයින්ට කන්න දෙන්න කෑම හොයන්න.
අපි අඳුර වැටෙනකං බලන් හිටියා. අම්මා ආවෙ නෑ. රෑ 7.30ට 8ට විතර හපුතලේ කෝච්චිය හූවක් කියාගෙන පහළට බහිනවා ඇහෙනවා. ඒක තමයි සංඥාව අපි වෙලාව දැනගන්න. අම්මා තවම නෑ. අපි ඇඬුවා. හපුතලේ පහුකරගෙන ඉදල්ගස්හින්න පැත්තට බඩු කෝච්චිය ගියා ම අපි දන්නවා දැන් මධ්‍යම රාත්‍රියට ළඟයි කියලා. ඒක මුළු ගමට ම සංඥාවක්.
ඊට පස්සෙ රෑ 12.00ට විතර අම්මා ආවා ගෙදර. අම්මා උදේ ඉඳන් හපුතලේ ගම, වෙලන්හින්න, පහළ කඳුරුගමුව, විහාර කැලේ, දියතලාව, හපුතලේ, තංගමලේ කියන මේ හැම තැනකම ගෙවල් ගානේ ගිහින් ළමයින්ට කන්න මොනවා හරි අරන් එන්න. හැතැප්ම 10 – 15ක් උදේ ඉඳන් ඇවිදලා අම්මා අරං ආවේ එක පිටි ගුලියක්.
ඒ ගෙදර රොටි හදන්න අනපු පිටි ගුලියක් අම්මා අරන් ආවා. අම්මට ඒ පිටි ගුලිය දීලා තියෙන්නෙ පොඩිහාමිනේ නැන්දා. ඉතින් අම්මා මේකෙන් රොටියක් හදලා දීලා හැමෝටම කෑල්ල කෑල්ල කන්න දීලා අපිව නිදි කෙරෙව්වා.
ඒ තරමට මහා දුර්භික්ෂයක් තිබුණ කාලයක් ඒ.
ඊට පස්සෙ මට අම්මා ගැන කම්පාවෙන දවසක් එනකොට මම කැම්පස් එකේ දෙවන වසරේ. නිවාඩුවට ගමේ ගිය කාලෙක. ඒ දවස්වල ඉතින් ගමේ කොල්ලොත් එක්ක රස්තියාදු ගහලා, කෙල්ලො බලන්න ගිහිල්ලා, චිත්‍රපටි බලලා ඇවිල්ලා නිදාගන්නවා. ඒ කාලෙ හරියට සිගරට් බොනවා. මේ කාලේ මහ තක්කඩි කාලයක් විදියට මම දකින්නේ. ඉතින් මෙහෙම ගිහිල්ලා ඇවිත් නිදාගත්තම උදේට නැගිටින්න පරක්කු වෙනවා.
තරුණ වයසනේ. ඉතින් එක දවසක් උදේ නැගිටිනකොට හොඳට ම පරක්කුවෙලා චිත්‍රපටිය බලන්න යන්න. ඒ කාලේ රීගල් ශාලාවෙ තමයි අපි චිත්‍රපටි බලන්න ගියේ. ඒ නිසා ඉක්මනට මුහුණකට හෝදගෙන බැලුවා කන්න මොනවද තියෙන්නෙ කියලා. රොටියක් තිබ්බා. දඩබඩ ගාලා රොටිය කාල ඇඳගෙන මිදුලට බහිනකොට අම්මා වත්තෙ තේ දළු කඩ කඩ හිටියෙ. (වත්තෙ කිව්වෙ අපේ ගේ ඉස්සරහ වවලා තිබ්බ තේ පාත්ති කිහිපයේ) මම එළියට බහිනකොට ම අම්මා ඈත ඉඳන් කෑ ගහලා මට කියනවා;
”මයෙ පුතේ, කුස්සියේ රොටියක් හදලා ඇති. මටත් කෑල්ලක් තියලා කාපං මයෙ අප්පා” කියලා.
අම්මා මේක කියනකොට මම මුළු රොටියම කාලා ඉවරයි.
දැන් අර සුගතපාල ද සිල්වා ගේ ‘මරාසාද්’ නාට්‍යයේ කියනවා වාගේ තමන්ගෙ ම කෙස් වල්ලෙන් තමන්ව ම අල්ලන් කණපිට ගහනවා වාගේ හැඟීමක් ඇතිවුණා. මම මොහොතක්වත් ගෙදර හිටියෙ නෑ. ඒ වෙලොවෙ ම ගියා චිත්‍රපටිය බලන්න.
දැන් මට මගේ බඩවැල් ටික අල්ලලා වමාරන්න තරමෙ ශක්තියක් ඇතිවුණා. ඇයි? අම්මට නොතියා මුළු රොටියම මම කෑවට.
මිනිස්සු ස්වයං දඬුවම් දී ගන්නවනේ. මමත් එදා දවල්, රෑ, පහුවදා උදේ දවල්, රෑ කෑවේ නෑ. මම කුසගින්නේ සිටිය හැකි ප්‍රමාණය කොතරම් ද මම එතරම් හිටියා අර වරදට වන්දි ගෙවන්න. ඒක තක්කඩි රොටි කෑමක් විදියට මට පෙනෙන්නෙ.
පහෙන් පස්සෙ මම ජනානන්ද මධ්‍ය මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සෙ මම ගෙදරින් පැනලා යනවා. ඊට පස්සෙ තමයි මම තර්ස්ටන් යන්නෙ.
පිංපියොත් එක්ක, ගණිකාවෝ එක්ක, කුඩුකාරයො, ගංජා කාරයෝ, රස්තියාදුකාරයෝ, සමලිංගිකයෝ, තක්කඩියොත් එක්ක හිටපු එකේ ප්‍රතිඵලය තමයි මම කොළඹ සරසවියට යන්නෙ. ඒ කාලෙ මං ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක ප්‍රතිමාව යට නිදාගත් දවස් තියෙනවා.
කෝච්චි පෙට්ටිවල නිදාගත්තා. තර්ස්ටන් වලට එන්නේ විවිධ උපක්‍රම යොදලා. ඒක හෙළි කරන්න බෑ. තර්ස්ටන් එකේ යාළුවො ඒක දන්නවා. ඒ වගේ ම මා ගාව තියෙන සහතික මිටියත් ඒකට සාක්ෂි.
ඒ කාලේ (කොළඹ ඉන්න කාලේ) මම වියදමට සල්ලි හොයාගත්තෙ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාව ළඟ තිබ්බ පොළේ ඉරිදා සෙනසුරාදා ක්‍රෝටන් වගේ පැළ විකුණලා. තර්ස්ටන් එකේ ඉන්නකොට මගේ කෑම බිල ගෙව්වෙ දැන් ඇමෙරිකාවෙ ඉන්න මගෙ යාළුවා.
පියල් සසංක තවම බත්තරමුල්ලේ ඉන්න ගිහාන් ශ්‍රීනාත් අල්විස් මගේ යාළුවෝ තමයි ඒ කාලේ මගේ රැකවරණ යාළුවෝ. එතකොට බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, මේජර් සමුදය, මහේන්ද්‍ර, මදන් මේ ඔක්කොම තර්ස්ටන් එකේ මගේ යාළුවෝ. තර්ස්ටන් එකේ්දී මගේ පෞරුෂය හැදුවෙ මේ යාළුවෝ.
මම විශ්වවිද්‍යාලෙට ගිහින් ලියනවා මගේ මුල් ම පොත ‘සරසවි දියණියෝ’. ඒක එළිදක්වන දවසෙ අම්මවයි, තාත්තවයි දෙන්නව ම මම කොළඹ එක්කන් එනවා. අම්මට අකුරක්වත් බෑ. අප්පච්චි අන්ධයි. ඉතින් මම මගේ මුල් ම පොතේ ‘පිදුම’ ලියන්නෙ අම්මටයි. අප්පච්චිටයි.

”දෑස නොපෙනෙනා හින්දා
මගේ පොතේ අකුරක්වත්
අප්පච්චී දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චිට අහන් ඉන්න
අම්මා කියවන්නෙ කොයි ලෙසින්”
(සරසවි දියණියෝ පිදුම)
රංග කලංසූරිය තමයි මගෙ අම්මවයි අප්පච්චිවයි වේදිකාවට අරන් එන්නෙ. ඒ කාලේ රංග ආනන්දේ A/L ලියනවා.
අප්පච්චි ගැන මුල් කාලයේ මට තිබ්බෙ ද්වේෂයක්. අම්මා දුක් විඳින ස්වරූපය පෙනෙන්න පෙනෙන්න දරුවෙකුගෙ හිතේ තාත්තට තියෙන ආදරය නැතිවෙනවා. වෛරයක් ඇතිවෙනවා. මට මගේ ජීවිතේ අපේ අප්පච්චි අවස්ථා දෙක තුනකදී හැර පැන්සලක් පෑනක් අරන් දුන්න කෙනෙක් නෙවෙයි. අම්මාගේ දුක් විඳින ස්වරූපය වැඩිවෙන්න වැඩිවෙන්න තාත්තා ගැන තියෙන වෛරය වැඩිවෙනවා. ඒක සාමාන්‍යයි.
මගේ අප්පච්චිට ඇස් දෙක පේන්නෙ නෑ කිව්වම මම එයාව නයනාරෝග්‍ය ශාලාවට ගේනවා කොළඹ. මම හැමදා ම යුනිෆෝම් එක ගහගෙන යනවා අප්පච්චි බලන්න. අප්පච්චිට වෙන ම ඇඳක් තිබුණෙ නෑ. ඇස්වාට්ටුවේ වැසිකිළිය ගාව පැදුරක් දාගෙන අප්පච්චි නිදි. මම යුනිෆෝම් ඇඳලා යන නිසා ඩොක්ටර් එක දවසක් මට කතා කරලා කියනවා;
පුතා, ඔයාගෙ තාත්තගෙ ඇස්වල ස්නායු මැරිලා තියෙන්නෙ. ලෝකෙ කොහේ රටක ගියත් මේක හොඳ කරන්න බෑ. මෙතනින් එහාට අප්පච්චිව හොඳින් බලාගන්න.”
ඊට පස්සෙ ඒ දෙන්නා ජීවතුන් අතර ඉන්නා තාක් කල් මම ඒ දෙන්නව කොළඹ ගෙනල්ලා තියෙනවා මගේ හැම පොතක් ම එළිදක්වද්දි.
අප්පච්චි බුද්ධි ගෝචර චරිතයක්. අම්මා භාව ගෝචර චරිතයක්.
ඊට පස්සෙ කාලෙදි, අවුරුදු පහක විතර කාලයක් මට අම්මව මගහැරෙනවා. ඒ නගරෙ ඇතුළෙ මම තනිවෙච්ච කාලයේ. ඕන ම කෙනෙකුට අම්මව මඟහැරෙන කාලයක් තියෙනවා. ඒක සාමාන්‍යයි. ඇත්තට ම මේ මගහැරීම එන්නෙ කාර්ය බහුල ජීවිතෙත් එක්ක. ගෙවල් හදන්න පටන් අරන්, ආර්ථිකය ගොඩනඟාගන්න කාලයේ දී මට අම්මව මග හැරෙනවා. හැබැයි ඒක අමතක වීම නෙමෙයි. මග හැරීමක්. ‘ලතා මංගේශ්කාර්’ කියනවනේ ‘කසාද බඳින්න අමතක වුණා’ කියලා. ඒ නිසා අතිශය කාර්ය බහුලත්වය කාලකණ්ණි මගහැරීමක් කරනවා.
මේ කාලය ගැන මම කාරණා 2ක් මතක් කරන්න කැමැතියි.
1. මේ කාලයේ මත්තෙගොඩ ගෙදර හදන කොට අම්මටයි, අප්පච්චිටයි වෙන වෙන ම කාමර 2ක් හදනවා. මං ගාව ගෙනැල්ලා තියාගන්න. තවමත් මගේ ගෙදර ඒ කාමර දෙක තියෙනවා.
2. අම්මාට තරම් ම මම අදත් ගරු කරනවා බිබිලේ ඉන්න මගෙ ප්‍රේමා අක්කාට. එයා විවාහ වෙලා ඉන්නෙ ඇන්ටන් කෲස් මරියදාස කියන ද්‍රවිඩ වෛද්‍යවරයෙක් එක්ක. අක්කට මම ණයගැති වෙන්න හේතුව මගේ ඇල්ම බැල්ම තියෙන කාලයේ නෙමෙයි මට අම්මව මගහැරුණු කාලයේ අම්මව හොඳින් බලාගත්ත එක ගැන.
ඒ මඟහැරුණු කාලයේ ඒ කිව්වෙ අක්කා ගාව අම්මා හිටිය කාලේ හිටපු ගමන් අම්මා කඳුළක් හලල කියනවලු
”මට පොඩි එකා බලන්න යන්න ඕන” කියල.
අම්මා ගැන කියනකොට මට මතක් වෙන අනෙක් ලස්සන ම සිද්ධිය තමයි පොඩි කාලේ අපේ අම්මා අක්කලාටයි අයියලාටයි උගන්වන්න අම්මගෙ සාරි විකුණලා තියෙනවා. කුලී වැඩ කරලා තියෙනවා. කරාබු, මාල විකුණලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා මම උපදිද්දී අම්මා කණකර ආයිත්තම් කිසිවක් නැති ගැහැනියක්. ඒ නිසා අම්මා හරි ආසාවෙන් හිටියා ‘අගස්ති මාලයක්’ පළඳින්න.
අම්මා කියනවා ‘පොඩි එකා කවදහරි ඉගෙනගෙන මට අගස්ති මාලයක් ගෙනැල්ලා දෙයි’ කියලා.
අගස්ති මාලය තමයි අම්මාගේ හිතේ අධිනිශ්චය වෙලා තිබුණේ. ඒ තුළ තිබුණේ අගස්ති මාලයක් ලබාගැනීම ම නෙමෙයි. ඌ හොඳට ඉගෙන ගනියි කියලා. අගස්ති මාලය තුළ මේ පැනනඟින්නේ අම්මා තුළ මා ගැන තිබූ විශ්වාසය. අනික අම්මා බලාපොරොත්තුවෙන් හිටියා කවදාහරි දඹදිව යන්න.
බිබිලේ අක්කා බැන්දේ කතෝලිකයෙක්. ඒ නිසා එයා නත්තලට වෑන් එකේ කොළඹ එනවා පල්ලියට. මේ ගමන් අම්මයි අක්කයි අයියයි අපේ ගෙදර එන නිසා මමත් ලෑස්ති වුණා අම්මට සැපදෙන්න. කට්ටිය දැන් කෙසෙල් කැන් අරගෙන මුං ඇට කැවුම් අරගෙන ආස්මී, කැවුම් අරගෙන එන්න ලෑස්තිය.
බිබිලේ අය මෙහේ එද්දි බිබිලේ ගේ බලාගන්න කවුරුත් නැති නිසා හපුතලේ කට්ටිය බිබිලෙ ගෙදරට එනවා ගේ බලාගන්න කියලා. වෑන් එකේ මෝටරේ බුෂ් ගිහින් කියලා අක්කයි අයියයි ගරාජයට ගිහින් තියෙනවා වාහනෙත් අරන් බුෂ් එක හදන් එන්න කියලා.
මේ නිසා හිටපු අනිත් අය අම්මට විහිළු කළා
”හූ, හූ, අපි කිව්වනේ අම්මව එක්කන් යන්නෙ නෑ කියලා. ඒ දෙන්නා තනියම ගියා.”
අම්මා හෙමිහිට නැගිටලා අතගගා ගිහිල්ලා බැලුවා. පහල වාහනේ නෑ. එකපාරටම අම්මගෙ මොළයේ නහරයක් පිපිරුවා.
එදා මම මහනුවර පන්ති. කැප්පෙටිපොළ ශාලාවේ. මම පන්ති ඉවර වෙලා පේරාදෙණියෙ මල්වත්ත පහුකරනවත් එක්ක ම මට දුරකතන ඇමතුමක් ලැබෙනවා. අම්මට අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළු කළා කියලා. අසනීප වුණා කියපු ගමන් ම අවිඥානිකව මගේ හිතේ ඇතිවෙනවා අම්මා මැරුණා කියලා. මම ඒ වෙලාවෙම වාහනේ හරවගෙන බිබිලෙ යනවා. දහඅට වංගු පැනලා බිබිලෙට යද්දී එදා මධ්‍යම රාත්‍රිය විතර වෙනවා.
මම ගෙදර ගියා ම මම කිව්වා මට අම්මව බලන්න ඕන කියලා. කට්ටිය කිව්වා බෑ දැන් යන්න වෙන්නෙ නෑ හෙට උදේ තමයි ආයෙ ලෙඩ්ඩු බලන්න පුළුවන් කියලා. මම කොහොම හරි අම්මව බලනවයි කියලා හිතාගෙන තව දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක ඉස්පිරිතාලෙ තාප්පෙන් පැනලා ගියා වාට්ටුවට අම්මව බලන්න. ඒ වෙද්දි අම්මා හුස්ම ගන්නවා පේන්නේ නෑ. ඇස් වැහිලා. ඇඟ හොඳටෝම සීතල වෙලා. බෙහෙත් පොවන්නත් බෑ. හැබැයි හෘද ස්පන්දනය වැඩ කරනවා. අම්මා මැරුණේ නැති මළ මිනියක් වෙලා.
අනික් අය වටවෙලා ‘අම්මා’ ‘අම්මා’ කියලා කෑ ගහනවා. ඒත් අම්මා ඇස් ඇරලා බැලුවෙ නෑ. මම හෙමිහිට අම්මා ළඟට ගිහිල්ලා ‘අම්මා, අම්මා’ කියලා දෙපාරයි කතාකෙරුවෙ. අම්මගේ හෘද ස්පන්දනය එක පාර ම වැඩිවුණා. අම්මා හෙමින් සැරේ ඇස් ඇරලා යන්තම් අත උස්සලා මගේ අත අල්ල ගත්ත. මෘත දේහවලටත් දරුපෙම නිසා පණ එනව‘යි කියන කතාවත් ඇත්ත.
1997.12.26 දා ඒ කියන්නෙ ඊට පස්සෙ දවසෙ අම්මා මැරෙනවා. ඒ වෙද්දි අම්මට වයස අවුරුදු 81යි. අම්මට උප්පැන්නයක් නැති නිසා මං ඉපැදුණු වසරෙදි අම්මට 48යි කියන මතකයෙන් තමයි වයස හැදුවෙ.
අම්මව වළේ දානකං මම ගියේ නෑ අම්මගේ මෘත දේහය බලන්න. කොටින්ම කිව්වොත් මම අම්මගේ මෘත දේහය බලන්න ආසවුණේ නෑ. අම්මා පවුලේ වැඩිපුර ම ආදරේ මට කියන එක මම තහවුරු කරගත්තා අම්මා මැරෙන්න මොහොතකට පෙර හරි. මම කැමැති වුණේ නෑ අඬලා දුක්වෙලා ඒ මතකය නැතිකර ගන්න. ඒ නිසා මම අම්මගේ මෘත දේහය බැලුවෙ නෑ.
අම්මාට තාත්තාට ණය ගෙවන ක්‍රම තියෙනවා.
1. මානසික ලෙස
2. භෞතික ලෙස
මම මානසික ණය ගෙව්වා. ශිෂ්‍යත්වය පාස් වුණා. පොත් ලිව්වා. ‘සන්නස්ගල’ කියලා පත්තරේක තිබ්බත් ඒ මගේ පුතා කියලා සතුටු වෙන්න, ආඩම්බර වෙන්න පුළුවන්කම ඇති කළා. නමුත්, මට භෞතික ණය ගෙවන්න බැරිවුණා.
අම්මට අගස්ති මාලයක් අරන් දෙන්න මට බැරිවුණා. අම්මට අඳින්න සාරි ගෙනැත් දෙන්න අම්මව දඹදිව එක්ක යන්න මට බැරිවුණා. ඊට පස්සෙ කාලෙක මම ඉන්දියාවෙ ගියාම අගස්ති මාල 50ක් බෙදුවා. සාරි බෙදුවා. 2007 ජනානන්ද පිංකමේ දී ගමේ ගෑනුන්ට සාරි දුන්නා.
දෙමාපියො මැරුණම දරුවො පශ්චාත්තාප වෙන්නෙ අර මගහැරුණු කාලෙ ගැන විතරයි. අපි කිසිවිටෙක හිතන්නෙ නෑ අම්ම තාත්තා දැන් මැරෙයි කියලා. මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න එපා ඒ මොහොතෙදි අම්මා තාත්තා මැරේවි.
එතකොට තමයි හිතෙන්නෙ ‘ෂඞ මට මොකුත් කරන්න බැරිවුණානේ’ කියලා ඒ නිසා මගේ මේ ජීවන අත්දැකීම ගැන යම් කෙනෙක් හරි හිතනව නම් මොහොතකටවත් අම්මා තාත්තා අතාරින්න, මඟහරින්න එපා කියලයි කියන්න තියෙන්නෙ.
ආදරය, සෙනෙහස වගේ දේවල් කිසිවිටෙක මඟහරින්න එපා. ආදරය මඟහැරුනම මරණය ළං වෙනවා. ආදරය අපිව දාලා යනවා. මගේ පපුව තවමත් කැක්කුම තියෙන්නේ අම්මව මට මඟහැරුණ නිසා. ඒක මේ ආත්මයේ ගෙවලා ඉවර කරන්න බෑ.

– උපුල් ශාන්ත සන්නස්ගල
ඔබෙත් අම්මා ගෙන මෙවන් මතකයන් ඇතිනම් පහලින් comment කරන්න .

Sunday, March 18, 2012

32. Risk management - 2 (Money management Lesson -4)


කලින් පාඩමේදී අපි ඉගෙන ගත්තේ USD quote currency  විදිහට තියෙන currency pairs වලදී අපේ risk එක අනුව  lot size එක ගණනය කරන්නේ කොහොමද කියන එක. අද අපි බලමු USD base currency එක විදිහට තියෙන currency pairs වල හා  USD ඇත්තෙම නැති currency pairs වලදී අපේ lot size එක ගණනය කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි උදාහරණයකින්ම වැඩේ පටන් ගමු.


Account balance එක USD3500 හා risk  එක 3%, SL 13pips නම්,  trade එක open කිරීමේදී දිය යුතු lots ගණන කීයද? 

මතකනේ මම කලින් කියලා දීපු සමීකරණය, මතක නම් ඔයාලට ලේසියෙන්ම අවශ්‍ය mini lots ගණන හොයාගන්න පුළුවන්. එහෙනම් අපි බලමු ඒ කොහොමද කියලා.

(Order volume in mini lots) = (Risk percentage) X (Account balance) / (Stop loss in Pips)


Order volume = (3% X 3500)/13
= 8.07


උත්තරය වෙන්නේ 8.07 mini lots. 

හැබැයි මම කලිනුත් කිව්වා වගේ මේ විදිහට ලේසියෙන්ම උත්තරය ගන්න පුළුවන් වෙන්නේ USD quote currency එක විදිහට තියෙන currency pairs වලදී විතරයි. ඒ කියන්නේ EUR/USD, AUD/USD, GBP/USD වගේ ඒවාගේ විතරයි. මොකද මම කලින් පාඩමකත් කියලා දීපු විදිහට තමන්ගේ forex account එකේ currency එක USD නම් USD quote currency එක විදිහට තියෙන ඕනෑම currency pair එකක pip එකක වටිනාකම  mini lot එකකදී USD1, standard lot එකකදී USD10 වගේ තමයි එන්නේ.


අපි හිතමු අපි trade කරන currency pair එක USD/JPY කියලා. එතකොට කොහොමද අපි අපේ risk එකට අනුව lot size එක ගණනය කරන්නේ. USD quote currency  එක විදිහට තියෙන currency pairs වගේ නෙවෙයි USD base currency එක විදිහට තියෙන currency pairs වල pip එකක වටිනාකම currency pair එකේ price එකත් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා අපි මේකේ lot size එක ගණනය කරද්දී pip එකක වටිනාකම හොයාගන්නත් සිද්ධ වෙනවා. අපි එහෙනම් උදාහරණයක් බලමු.

USD/JPY = 81.66, account balance = 4200, risk percentage = 2%, SL= 10pip, නම් lot size එක ගණනය කරන්න.


ඉස්සෙල්ලාම අපි  mini lot එකකදී pip එකක වටිනාකම USD වලින් හොයාගන්න ඕනේ. 


Pip එකක වටිනාකම (mini lot එකකදී) USD වලින් =( 0.01 X 10000)/81.66
= 1.2245


ඊට පස්සේ අපිට පහත සමීකරණය පාවිච්චි කරලා උත්තරය ලබාගන්න පුළුවන්,

(Order volume in mini lots) = ((Risk percentage) X (Account balance)) /((SL in pips) X (Value of a pip in USD in a mini lot))
= (2% X 4200)/(10X1.2245)
= 6.8599
=6.86


එතකොට අපිට උත්තරය එනවා mini lots 6.86 කියලා. 



මේ ගණන් සමහර අයට ලොකු ගණන් වගේ පෙනෙයි. හැබැයි හොඳට බැලුවොත් තේරෙයි මේවා හරිම සරල ගණනය කිරීම් කියලා. සාර්ථක forex trader කෙනෙක් වෙන්න නම් මේවා ඉගෙන ගන්න එක අත්‍යාවශ්‍යයි. ඒ නිසා ගැටළු සහගත තැන් තියෙනවා නම් අහලා පැහැදිලි කරගන්න. එහෙනම් අපි තවත් උදාහරණයක් බලමු.

USD/CHF = 0.9109, Account balance = 5000, Risk percentage = 2.5%, SL in pips = 20 calculate the lot size.


ඉස්සෙල්ලාම කලින් වගේ mini lot එකකදී pip එකක වටිනාකම USD වලින් හොයමු.


Valu of a pip in USD in a mini lot = 0.0001 X 10000 / 0.9109 
=1.0978


දැන් අපිට පුළුවන් කලින් සමීකරණයට දාලා උත්තරය හොයාගන්න.


(Order volume in mini lots) = ((Risk percentage) X (Account balance)) /((SL in pips) X (Value of a pip in USD in a mini lot))
=(2.5% X 5000)/(20 X 1.0978)
= 5.693
=5.7


අපිට උත්තරය එනවා mini lots 5.7 කියලා. 



දැන් අපි බලමු USD පළාතකවත් නැති currency pair එකකදී අපි අපේ risk එකට අනුව lot size එක ගණනය කරන්නේ කොහොමද කියලා.

මෙහෙම අවස්ථාවකදී currency pair එකේ pip එකක වටිනාකම USD වලින් හොයන්න නම්, අපි පාවිච්චි කරන currency pair එකේ currency 2කින් එකක් USD හා සම්බන්ධ වෙන currency pair එකක් price එක දැනගෙන ඉන්න ඕනේ.

උදාහරණයක් විදිහට EUR/GBP currency pair එක ගත්තොත්, එකේ mini lot එකකදී pip එකක වටිනාකම හොයන්න අපි අනිවාර්්‍යයෙන්ම EUR/USD හෝ GBP/USD වල price එක දැනගෙන ඉන්න අවශ්‍ය වෙනවා.

අපි දෙවිදිහටම ගණන් හදලා බලමු.
EUR/GBP = 0.8368, GBP/USD = 1.5808, mini lot එකකදී pip එකක වටිනාකම  USD වලින් හොයන්න. 
= 0.0001 X 10000 X 1.5808
=1.5808
EUR/GBP = 0.8368, EUR/USD = 1.3229, mini lot එකකදී pip එකක වටිනාකම USD වලින් හොයන්න.
=((0.0001 X10000)/0.8368 ) X 1.3229
= 1.5809
ඔයාලා Metatrader එකෙන් මේ currency pairs 3නේ  prices  අරන් ගනන් හදලා බැලුවොත් පෙනෙයි උත්තර 2කම ඉතාමත් ආසන්න වශයෙන් සමානයි කියලා.

ඒ අගය හොයාගත්තට පස්සේ,

(Order volume in mini lots) = ((Risk percentage) X (Account balance)) /((SL in pips) X (Value of a pip in USD in a mini lot)) සමීකරණය පාවිච්චි කරලා ඔයාලට උත්තරය හොයාගන්න පුළුවන්.
මේකෙන් දැනට මම Money management පාඩම් ටික නවත්වනවා. ඔයාලට තවත් උදාහරණ අවශ්‍ය නම් කියන්න. මේ මම කරපු money management පාඩම් හරිම වැදගත්. ඔයාලා දැන්ම මහන්සිවෙලා මේවා ඉගෙන ගත්තේ නැතිනම් මේක ගැන ඔයාලා උනන්දු වෙනකොට පරක්කු වැඩි වෙලා තියෙයි. මම මේ කියලා දීලා තියෙන විදිහට money management කරන අයට leverage එක ගැන කරදර වෙන්න දෙයක් නෑ. ඕනෑවට වඩා leverage එක ගැන හිතලා trade කරන අය වහාම තමන්ගේ money management එක ගැන අවදානය යොමු කරන්න ඕනේ. දිගු කාලයක් forex සාර්ථකව trade කරන කිසිම trader කෙනෙක් 100:1 වලට වඩා leverage එකක් පාවිච්චි කරන්නේ නෑ. වරදවා තේරුම් ගන්න එපා, මම මෙහෙම කියන්නේ ඔයාලගෙම හොඳට.
මීළඟ post එකේ ඉඳලා ඔයාලා පුල පුලා බලන් හිටපු indicators ගැන පාඩම් ටික මම පටන් ගන්නවා.

31. Risk management (Money management Lesson -4)


 කලින් පාඩමේදී අපි කතා කලේ Risk reward ratio එක ගැන. බොහොම සරල සංකල්පයක් හැබැයි හරියට පාවිච්චි කලොත් ගොඩම තමයි. හැබැයි අනිත් හැමදෙයක්ම වගේ Risk reward ratio එකත් කරන්න ඕනේවට කලොත් සාර්ථකත්වය අඩුවෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න කෙනෙක් හිතනවා R:R එක 1:2 පාවිච්චි කලොත් එයාගේ trading strategy එකත් එක්ක හොඳ profit එකක් හොයන්න පුළුවන් කියලා. නමුත් එයාගේ trading strategy එක අනුව වඩාත් ගැලපෙන්නේ 1:1.5 නම් එයා 1:2 R:R පාවිච්චි කරන එකෙන් එයාට ලැබෙන ලාභය අඩුවෙන්න පුළුවන්, ඒ විතරක් නෙවෙයි පාඩුවෙන්නත් පුළුවන්. 


මම කලිනුත් කිව්වනේ Forex හරියට කරන්න නම් පොඩි කට්ටක් කන්න වෙනවා කියලා. ඉතින් තමන්ගේ trading strategy එකට අනුව R:R එක හදාගන්න එකත් එකේ කොටසක්. අනිත් එක තමයි R:R එක හැමවෙලේම එකම අගයක් තියෙන්න ඕනේ නෑ. ඔයාලාගේ trading strategy එක අනුව trade එකෙන් trade එකට R:R අගය වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් එක trade එකකට  R:R 1:2 දීලා තවත් trade එකකදී R:R එක 1:1 දෙන්න. හැබැයි මෙහෙම කරන්න ඕනේ market price එක SL වගේ දෙගුණයක් ඉහලයයි කියලා ඔයාලාට හිතෙන්නේ නැති අවස්ථාවලදී. මෙහෙම කරද්දි හැබැයි ඔයාලා මතක තියාගන්න ඕනේ ඔයාලාගේ trading strategy එකේ සාර්ථකත්වය ඔයාලා පාවිච්චි කරන අවම R:R එකේදී profits හොයන්න අවශ්‍ය ගණන වෙන්න ඕනෙ. ඒ කියන්නේ ඔයාලා 1:1, 1:1.5, 1:2 වගේ R:R කීපයක් පාවිච්චි කලොත් ඔයාලාගේ trading strategy එකේ සාර්ථකත්වය අවම R:R එකේ දී ඒ කියන්නේ මේ උදාහරණයේදී 1:1 වලදී Profitable වෙන්න අවශ්‍ය  55% වෙන්න ඕනේ.


ඔයාලා R:R ratio එකත් එක්ක experiments කරද්දී හැම වෙලේම demo account එකේ trade කරන්න. Demo account එකේ මාස කීපයක් සාර්ථක වුනාට පස්සේ තමයි real account එකට බහින්න ඕනේ. සමහර අය හිතන් ඉන්නවා මේක මාස කීපයක් කරලා සාර්ථක forex trader කෙනෙක් වෙන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් නම් හොඳයි. හැබැයි ගොඩක් වෙලාවට එහෙම වෙනවා ඉතාමත් අඩුයි. ගොඩක් අය ඉන්නවා එයාලා බොහොම ඉක්මනින් forex වලින් සල්ලි හොයනවා. ඒත් එයාලා වැඩි කල් යන්න කලින් ඒ සල්ලි ඔක්කොම නැති කරගන්නවා. ඒ වගේ දේවල් වලක්වා ගන්නේ කොහොමද කියලා අපි ඉදිරියේදී කතා කරමු. එහෙනම් අපි අද පාඩමට යමු.


කලින් පාඩමේදී මම කතා කරපු risk එක ගැන ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. අර මම 1%, 2% කියලා කිව්වේ. මේ ගණන තමයි අපි trade එකක් දාලා ඒක loss වුනොත් අපේ account එකෙන් අඩුවෙන ප්‍රතිශතය. උදාහරණයක් විදිහට අපි හිතමු අපේ account එකේ balance එක USD500 කියලා. අපි trade එකකට risk කරන්නේ 1% නම් ඒ trade එක loss වුනොත් අපේ account එකෙන් අඩුවෙන්නේ අපේ account balance එකෙන් 1%, ඒ කියන්නේ USD5ක්. Trade එක profitable වුනොත් අපි අපේ R:R එක අනුව අපිට profits ලැබෙනවා. උදාහරණයක් විදිහට හිතන්න අපේ R:R එක 1:2 නම්, risk එක 1% හා account balance එක USD500ක් නම් අපි දාන trade එක profitable වුනොත් අපිට ලැබෙන ලාභය තමයි USD10 (1% X 500 X 2). ඒ කියන්නේ අපි USD5ක risk එකක් අරන් USD10ක් ලබාගත්තා කියන එක.

අද අපි බලන්න යන්නේ අපි කලින් තීරණය කල risk percentage එක අනුව අපේ Lot size එක, එහෙමත් නැතිනම් අපි trade කරන්න ඕනේ lots ගණන ගණනය කරන්නේ කොහොමද කියලා. හැබැයි මේක ගණනය කරන්න අපේ SL එකේ අගය අවශ්‍ය වෙනවා. අපි එහෙනම් උදාහරණයකින්ම මේක බලමු.

Account balance එක USD1000, risk එක 1%, SL 10pips නම් EUR/USD currency pair එකේ trade එකක් open කිරීමේදි දිය යුතු lots ගණන කීයද?


Risk එක 1% නිසා trade එක loss වුනොත් සිදුවිය හැකි අලාභය = 1% X 1000 = USD 10
SL 10pips නිසා Pip 1කින් සිදුවිය යුතු අලාභය = USD 10 / 10 pips = USD 1

මම හිතනවා ඔයාලට මතක ඇති කියලා අපි කලින් පාඩමකදී ඉගෙන ගත්තා අපේ account එකේ currency එක USD නම් USD Quote currency විදිහට තියෙන Currency pairs වල  Lot එකක් open කලොත් pip එකක වටිනාකම USD10, Mini lot එකකදී pip එකක වටිනාකම USD 1 ආදී වශයෙන් ලැබෙන බව. මතක නැති නම් බලන්න http://forexinsinhala.blogspot.com/2011/02/11-pips-1.html ඒ අනුව අපි ඉහත උදාහරණයේ විදිහට USD1000ක account එකක, SL 10pips නම් 1% risk එකක් සඳහා Mini Lot එකක් open කරන්න ඕනේ.

දැන් ඔයාලා දන්නවනේ අපිට හොයාගන්න තියෙන්නේ 1pip කින් සිදුවෙන ලාභය හෝ අලාභය කියලා. ඒ අනුව අපිට පුළුවන් අපේ lot size එක ගණනය කරගන්න. අපි බලමු තවත් EUR/USD උදාහරණයක්.

Account balance එක USD2573, risk එක 2% SL 7pips නම්, trade එකක් open කිරීමේදී දිය යුතු lots ගණන ගණනය කරන්න.


Risk  එක 2% නිසා trade එක loss වුවහොත් සිදුවිය හැකි අලාභය = 2% X 2573 = USD 51.46
SL 7pips නිසා Pip 1කින් සිදුවිය යුතු අලාභය = USD 51.46/ 7pips = USD 7.35



ඒ කියන්නේ අපිට mini lot 7.35ක් open කරන්න අවශ්‍ය වෙනවා. Metatrader එකේ නම් අළුතින් order එකක් open කරද්දී volume කියන ස්ථානයට 0.735 කියලා දෙන්න ඕනේ. හැබැයි අපිට එහෙම දාන්න පුළුවන් වෙන්නේ අපේ broker nano-lots වලට support කරනවා නම් විතරයි. හිතන්න අපේ broker support කරන්නේ micro-lots දක්වා විතරයි කියලා, එතකොට අපිට දෙන්න පුළුවන් volume අගය 0.73 කියලා. ඒ වගේ නිකමට හරි අපේ broker support කරන අවම lots ප්‍රමාණය mini-lots විතරක් නම් අපිට volume කියන තැන දෙන්න පුළුවන් 0.7 කියලා. මතක තියාගන්න හැම වෙලේම අඩු අගයට වටයන එක තමයි නුවණට හුරු.

මේ lot size එක ගණනය කරන්න අපිට සමීකරණයක් හදාගන්න පුළුවන්,

(Risk percentage) X (Account Balance) / (Stop Loss in Pips) = (order volume)

මේ order volume එක හැම වෙලේම එන්නේ Mini-lots වලින්, Standard Lots වලට හරවන්න ඒ අගය 10න් බෙදන්න ඕනේ. ගොඩක් brokerලා Metatrader එකේ volume කියන තැන අගය ඉල්ලන්නේ Lots වලින්. ඒ නිසා අපි order volume කියන අගය 10න් බෙදලා තමයි volume කියන තැනට දාන්න ඕනේ.

අපේ Account එකේ currency එක USD නම්, USD quote currency වශයෙන් තියෙන ඕනෑම currency pair (EUR/USD, AUD/USD, GBP/USD etc) එකක lot size එක ඉහත දක්වලා තියෙන සමීකරණයෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. අනිකුත් currency pairs වලදී මේක ටිකක් වෙනස් වෙනවා ඒ ගැන අපි මීළඟ post එකෙන් කතා කරමු.

30. Risk Reward ratio (Money management Lesson - 3)

Forex වලට ආධුනිකයින්ට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි "කොහොමද market price එක ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ?" කියන එක. මේක Forex අළුතින්ම ඉගෙන ගන්න අයට විතරක් නෙවෙයි අවුරුදු කීපයක් තිස්සේ Forex trade කරන අයටත් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය නිසා තමයි එයාලා එක එක ජාතියේ indicators පාවිච්චි කර කර, සාර්ථක trading strategy එකක් හදාගන්න උත්සාහ කරන්නේ. එක indicator එකක් කාලයක් වැඩ කරනවා, ඊට පස්සේ ඒකෙන් එක දිගට trades කීපයක් loss වුනාම තවත් indicator එකකට මාරු වෙනවා. ඒකත් හරියන්නේ නැතිනම් indicators කීපයක් පාවිච්චි කරන trading strategy හදාගන්නවා. ඔය විදිහට ගොඩක් tradesලා Moving averages, Fibonacci retracement, Bollinger bands, MACD, RSI, Elliot Waves, Heiken Ashi, Parabolic SAR, Pivots points වගේ මෙකී නොකී indicators බර ගාණක් අතරේ අතරමං වෙනවා. (Indicators නම් වලට බයවෙන්න එපා, ඉදිරියේදී අපි ඒවා ගැන කතා කරනවා.) සමහර අයගේ charts flight එකක cockpit එකක් වගේ, දැක්කම බයත් හිතෙනවා. ගොඩක් දෙනෙක් හිතන්නේ trading strategy එක තමයි Forex වලින් සාර්ථක වෙන්න අවශ්‍ය ලොකුම දේ කියලා. සාර්ථක trading strategy එකක් අවශ්‍යයි, හැබැයි ඒක එක කොටසක් විතරයි.

දැන් අපි ආපහු අර මුල් ප්‍රශ්නෙට ආවොත්, ඒ කියන්නේ "කොහොමද market price එක ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ?". උත්තරය තමයි ඒක දැනගන්න කිසිම විදිහක් නෑ, කියන එක. ඒක දැනගන්න විදිහක් තියෙනවා නම් පොඩි capital එකකින් පටන් අරන් අනිවාර්්‍යයෙන්ම අවුරුදු කීපයක් ඇතුලත ලෝකේ ලොකුම කෝටිපතියා වෙන්න පුළුවන්. (කතාවට කිව්වා නෙවෙයි ඇත්තටම) ඔය සාස්තර කියන අය forex කලා නම් මිනිස්සුන්ට සාස්තර කිය කිය ඉන්න ඕනේ වෙන්නේ නෑ, නේද? Market price එක ඉහල යයිද, පහල යයිද කියලා හරියටම දැනගන්න බැරි වුනාට, අපිට පුළුවන් පරණ charts බලලා (technical analysis), එක් එක් රටවල් වල economy එක (fundamental analysis) study කරලා educated guess එකක් ඒ කියන්නේ තොරතුරු අධ්‍යනය කල අනුමාන කිරීමක් කරන්න පුළුවන්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් "අයියෝ forex කියන්නේ gamble (සූදුවක්) එකක් නේ" කියලා. ඒ විදිහට බැලුවොත් අද සමාජයේ තියෙන ගොඩක් දේවල් සූදුවක් වගේ තමයි. උදාහරණයක් විදිහට කෙනෙක් අළුතින් business එකක් පටන් ගන්නවා, එයාට වෙන්නේ loss එකක් ද profit එකක්ද කියලා දැනගන්න පුළුවන් business එක පටන් ගත්තට පස්සේ. කීදෙනෙක් business කරන්න ගිහිල්ලා සල්ලි නැතිකරගෙන තියෙනවද? එතකොට business කියන්නේ සූදුවක්ද? දෙමව්පීයෝ ළමයින්ට ගොඩක් සල්ලි වියදම් කරලා උගන්වනවා, ඒත් ඒ වියදම කරලා ඉගෙනගන්න අයගෙන් කීයෙන් කී දෙනාද ඒ අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගන්නේ. තවත් අය සල්ලි හා කාලය වියදම කරලා එක එක degrees කරනවා එයින් කීදෙනෙක් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැලපෙන රස්සා  කරනවද? එහෙම බැලුවොත් ඉගෙන ගන්න එකත් සූදුවක් වගේ තමයි.

කරන්නන් වාලේ කලොත් ඒ හැම එකක්ම සූදුවක් වගේ තමයි. ඔයාලා නිකමට හිතන්න, ඉස්සර අපේ වැඩිහිටියෝ ළමයින්ට කියන්නේ Doctor කෙනෙක්, Lawyer කෙනෙක්, Engineer කෙනෙක් (දැන් නම් Cricketer කෙනෙක් වෙන්නත් කියනවා) වෙන්න කියලා. එහෙම කියන්නේ ඒ  පුද්ගලයෝ සමාජයේ සැපවත් ජීවිත ගතකරන නිසා. ඔයාලා හිතුවද එයාලා ඒ තත්වයට එන්න කොච්චර දුක්විඳලා තියෙනව ද කියලා? ගොඩක් සාර්ථක පුද්ගලයින්ගේ ජිවිත කථා බැලුවොත් ඔයාලට තේරේයි ඒ කට්ටිය කොච්චර ක‍ටු කාලා තියෙනවද කියලා. ඉතින් ඔයාලා හිතනවා නම් forex මාස 2-3කින් ඉගෙන ගෙන ලොකු සල්ලිකාරයෙක් වෙන්න ඒක විහිලුවක්ම තමයි. මම කියන්නේ කලබල වෙන්න එපා ඉවසීමෙන් ඉගෙන ගන්න එතකොට සාර්ථක forex trader කෙනෙක් වෙන්න හොඳ අඩිතාලමක් තනා ගන්න පුළුවන්. කොහොම වුනත් forex කියන්නේ සමහර අය හිතන් ඉන්නවා වගේ සූදුවක්වත්, scam එකක්වත් නෙවෙයි. හැබැයි ගොඩක් අය අවබෝධයක් නැතිව මේක කරන්න ගිහිල්ලා සල්ලි නැතිකරගෙන ඊට පස්සේ forex වලට බනිනවා. හරියට බැලුවොත් වැ‍රැද්ද එයාලාගේ. හොඳට මතක තියාගන්න forex කියන්නේ gold mine (රත්‍රන් ආකරයක්) එකක්. මේක හරියට අල්ල ගත්තොත් කොටිපතියෙක් වෙන එක කෙසේ වෙතත් සුවපහසු ජීවිතයක් ගත කරන්න අවශ්‍ය තරම් මුදලක් පහසුවෙන්ම සොයාගන්න පුළුවන්.


අනං මනං කතා කරා වැඩිද මන්දා? දැන් අපි අද lesson එකට බහිමු. ඒ කියන්නේ Risk and Reward ratio කියන මාතෘකාව. මේක ඉතාමත් වැදගත් සංකල්පයක්. දිගු කාලයක් තිස්සේ සාර්ථකව forex trade කරන tradersලා හැමෝම වගේ (පාවිච්චි කරන්නේ නැති අයත් ඉන්නවා හැබැයි ගොඩක් වෙලාවට එයාලා හරිම දක්ෂ scalpersලා) පාවිච්චි කරන සංකල්පයක්. ඔයාලා මේක ඔයාලගේ trading ක්‍රමයට ආදේශ කරගත්තොත් මට 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන් ඔයාලා සාර්ථක forex trader කෙනෙක් වීමේ මාර්ගයට වැටිලා කියලා.

Internet එකේ කොච්චර forex ගැන කරුණු තිබුනත් Risk:Reward ratio එක ගැන පැහැදිලිව විස්තර කරලා ලියැවුනු ලිපි අඩුයි. අධුනික tradersලා මේ ගැන කොහොමත් උනන්දු වෙනවා අඩුයි. මොකද indicators වල වගේ ලස්සන පාට පාට දේවල් මේකේ නෑ නේ. මමත් ඉස්සර මේක ගැන එච්චර අවධානයක් යොමු කලේ නෑ. ඒත් මේක ගැන හොඳට study කලාට පස්සේ මේකේ වැදගත්කම හොඳටම තේරුනා.

මේකෙන් කියන්නේ බොහෝම සරල දෙයක්. ඔයාලට මතකනේ අපි Stop Loss හා Take Profit ගැන කතා කලා. මේ Risk Reward ratio එකේ Risk කියන්නේ Stop Loss එකට, එතකොට Reward කියන්නේ Take Profit එකට. සාර්ථක Forex trader කෙනෙක් වෙන්න නම් අපි trades දාන කොට හැමවෙලේම Risk එකට වඩා Reward එක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි SL 10pips කියලා දුන්නොත් TP එක 10pips හෝ ඊට වැඩි ගණනක් වෙන්න ඕනේ. මම 10pips කියලා ගත්තේ උදාහරණයක් විදිහට හරියටම SL එකේ අගය තීරණය වෙන්නේ ඔයාලා පාවිච්චි කරන trading strategy එක අනුව.


දැන් ඔයාලා බලයි මොකක්ද මේකෙන් වෙන මහ ලොකු වෙනස කියලා. හිතන්න අපි දවසට එක ගානේ මාසෙකට trades 20ක් කරනවා කියලා. ඒ හැම trade එකටම අපි අපේ account balance එකෙන් 1%ක් risk කරනවා කියලා හිතන්න. ඒ වගේම Risk Reward ratio එක 1:1 කියලා හිතන්න. 1:1 කියන්නේ SL 10pips නම් TP එකත් 10pips. (Risk percentage එක අනුව lot size එක ගණනය කරන්නේ කොහොමද කියලා මම මීළඟ ලිපියෙන් කියලා දෙනවා. දැනට ඔයාලා හිතන්න ඔයාලගේ account balance එක USD1000 නම් ඒකෙන් 1%ක් කියන්නේ USD10ක්, ඒ කියන්නේ trade එක loss වුනොත් ඔයාලට USD10ක පාඩුවක් වෙනවා. Risk Reward ratio එක 1:1 නිසා trade එක profitable එකක් නම් USD10ක ලාභයක් වෙනවා.) අපි trades 20ක් කරන නිසා අපිට ලාභ හෝ අලාභ වෙන්න පුළුවන් විධි 20ක් තියෙනවා. ඒ කියන්නේ එක්කෝ trades 20ම loss වෙන්න පුළුවන්, නැතිනම් trade 1ක් profitable වෙලා trades 19ක් loss වෙන්න පුළුවන්, trades 2ක් profitable වෙලා trades 18ක් loss වෙන්න පුළුවන්, trades 3ක් profitable වෙලා trades 17ක් loss වෙන්න පුළුවන් .... ඔය ආකාරයට trades 20ම profitable වීම දක්වා අවස්ථා 20ක් තියෙනවා. අපි ඒ අවස්ථා 20ම excel worksheet එකකට දාලා බලමු ඒ එක් එක් අවස්ථා වලදී අන්තිමට අපිට ලාභයක්ද, පාඩුවක්ද වෙලා තියෙන්නේ කියලා.



Worksheet එකේ ලා කහ පාටින් තියෙන කො‍ටුවල data enter කරන්න පුළුවන්. මේකේ "Risk percentage" කියන්නේ මම අර කලින් කියපු risk එක, "Risk reward ratio 1:" කියන්නේ Risk reward ratio එකේ ඉතිරි කොටස ඇතුලත් කරන්න කො‍ටුව. Risk reward ratio එක 1:1 නම් ඒ කො‍ටුවට එන්න ඕනේ 1, Risk reward ratio එක 1:2 නම් ඒ කො‍ටුවට එන්න ඕනේ 2. මම හිතනවා ඒක ඔයාලට පැහැදිලි ඇති කියලා. Worksheet එකේ rows වලින් පෙන්වලා තියෙන්නේ අපි අර කලින් කතා කරපු අවස්ථා 20.  "No. of trades lost" කියන්නේ අපි loss කරගත්ත trades ගණන, "No. of trades won" කියන්නේ අපි profits ගත්ත trades ගණන, "Lost percentage" කියන්නේ අපි ලබාදීලා තියෙන Risk percentage එක හා Risk reward ratio එක අනුව කොච්චර loss  එකක් වෙලා තියෙනවද කියන එක, මේක ගණනය කරලා තියෙන්නේ ,

Lost percentage = (No. of trades lost) X (Risk percentage) X (-1)

"Won percentage" කියන්නේ අපි ලබාදීලා තියෙන Risk percentage එක හා Risk reward ratio එක අනුව කොච්චර profit එකක් වෙලා තියෙනවද කියන එක, ඒක ගණනය කරලා තියෙන්නේ,

Won percentage = (No. of trades won) X (Risk percentage) X (Risk reward ratio 1:)

අන්තිමට තියෙන "Net profit/loss percentage" කියන එක ගණනය කරලා තියෙන්නේ,

Net profit/loss percentage = (Lost percentage) + (Won percentage)

දැන් ඔයාලට worksheet එක බැලුවාම තේරුම් ගන්න පුළුවන් Risk එක 1% හා Risk reward ratio එක 1:1 නම් අපි trades 20ම loss කරගත්තොත් අපිට අන්තිමට 20% පාඩුවක් වෙනවා කියලා. ඒ කියන්නේ අපේ account balance එක USD1000ක් තිබුනා නම්, ඒ loss trades 20ට පස්සේ අපේ account balance එක වෙන්නේ USD800. දැන් මේ worksheet එක ඔයාලා හොඳට study කලොත් පෙනෙයි අපි trades 10ක් loss වෙලා trades 10ක් profit වුනොත් Net profit/loss percentage එක 0% කියලා. ඒ කියන්නේ ලාභයකුත් නෑ, පාඩුවකුත් නෑ කියන එක. Trades 9ක් loss වෙලා trades 11ක් profit වුනොත් අන්තිමට 2% ලාභයක් වෙනවා. ඒ කියන්නේ අපේ risk එක 1% හා risk reward ratio එක 1:1 නම් අපිට ලාභයක් ලබන්න නම් අපි trades 20ක් කලොත් අඩුම ගණනේ 11ක් වත් profitable trades වෙන්න ඕනේ. ඒක ප්‍රතිශතයක් වශයෙන් දැක්වුවොත්,

11/20 X 100 = 55%

ඒ කියන්නේ අපේ risk එක 1% හා risk reward ratio එක 1:1 නම් අපිට ලාභයක් ලබන්න නම් අපේ trading strategy එක අඩුම ගණනේ 55%වත් සාර්ථකත්වයක් තියෙන්න ඕනේ.


ඔයාලට මේ worksheet එක පහත දැක්වෙන link එකෙන් download කරගන්න පුළුවන්.

http://www.mediafire.com/?k5d9q9ypek5zelv

දැන් අපි බලමු risk එක 1% හා risk reward ratio එහෙමත් නැතිනම් R:R එක 1:1.5 තියෙද්දී (ඒ කියන්නේ SL 10pips නම් TP 15pips) අපි trades 20ක් කලොත් කොහොමද කියලා.



දැන් අපිට profitable වෙන්න අවශ්‍ය trades 20න් 9ක් profit වෙන එක විතරයි ඒ කියන්නේ 45% සාර්ථකත්වයක් ඇති trading strategy එකක්.

අපි ඊළඟට බලමු R:R එක 1:1.5 ම තියාගෙන Risk එක වැඩි කරලා. අපි risk එක 2% දීලා බලමු මොකද වෙන්නේ කියලා.







දැන් මොකද වෙලා තියෙන්නේ? අවශ්‍ය trading strategy එකේ සාර්ථකත්වයේ වෙනසක් නෑ. නමුත් අන්තිමට ලැබෙන profit එක වැඩිවෙලා නේද? දැන් ඔයාල කල්පනා කරයි මේකේ risk එක 10% විතර දැම්මොත් නියමයිනේ කියලා. නියමයි තමයි හැබැයි professional forex tradersලා අනුමත කරන උපරිම risk percentage එක 3%. ඒ ඇයි කියලා අපි ඊළඟ post එකේ දී කතා කරමු.


ඊළඟට අපි බලමු risk එක 2% හා R:R 1:2 (ඒ කියන්නේ SL 10pips නම් TP 20pips) නම් මොකද වෙන්නේ කියලා.

දැන් අපිට ඕනේ trades 20කින් 7 නේද? ඒ කියන්නේ අපේ trading strategy එක 35% වඩා සාර්ථක නම් අපිට profits හොයන්න පුළුවන්.


ඔයාලා worksheet එක download කරලා Risk percentage හා Risk reward ratio 1: කියන කො‍ටුවලට එක එක අගයන් දාලා බලන්න මොකද වෙන්නේ කියලා. හැබැයි real account එකක risk එක 3% වලට වඩා දාන එක අනුමත කරන්න බෑ. ඒවගේම R:R එක 3 වඩා වැඩි වුනාම ඒකට ගැලපෙන trading strategy එකක් හොයාගන්න අමාරුයි.

මම හිතනවා දැන් ඔයාලාට පැහැදිලි ඇති කියලා හොඳ risk reward ratio එකක් තියෙනවා නම් Indicators මාරු කර කර perfect trading strategy එකක්, forex වල විදිහට කියනවා නම් holy grail  එක හොයාගෙන යන්න අවශ්‍ය නෑ. Simple trading strategy එකක් පාවිච්චි කරලා ලේසියෙන්ම සාර්ථක forex trader කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන අමාරුම දේ තමයි තම තමන්ගේ trading strategy එකට ගැලපෙන විදිහට risk එක හා risk reward ratio එක හදාගන්නේ කොහොමද කියන එක. අපි ඉදිරියේ දී ඉගෙන ගන්න අනිකුත් පාඩම් එක්ක ඒක ටික ටික පහසුවෙයි.

29. Forex news release කරන වේලාවන්

ඉස්සෙල්ලාම මම ඔයාලාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් stock market එකේ යම් කිසි company එකක කොටස් වල මිල ඉහල යයිද, පහල යයිද කියලා දැනගන්නේ කොහොමද කියලා? Stock market එකේ ඉන්න අය ඒ ගැන අනුමාන කරන්නේ ඒ ඒ company වල performance බලලා. ඒ බලන කරුණු මොනාද කියලා මම විස්තර කරන්න යන්නේ නෑ, එහෙම කරොත් මේක forex lesson එකක් නෙවෙයි Economics lesson එකක් වෙනවා. (Stock market එක වැඩ කරන විදිහ ගැන අවබෝධයක් නැති අය කලබල වෙන්න ඕනේ නෑ, Forex trade කරන්න stock market එක ගැන ඉගෙන ගෙන තියෙන්න අවශ්‍ය නෑ.) අපි forex market එක ගැනත් ඒ විදිහට හිතුවොත් අපි රටක currency එකක වටිනාකම අඩුවෙයිද, වැඩිවෙයිද කියලා අනුමාන කරන්නේ කොහොමද? ඔයාලා හිතුවා නම් ඒ ඒ රටේ economy එක බලලා කියලා, ඒක තමයි හරි උත්තරය. මේ විදිහට ඒ ඒ රටවල් වල economy එක අධ්‍යනය කරන එකට කියන්නේ Fundamental analysis කියලා. Fundamental analysis කියලා කියන්නේ සාමන්‍යයෙන් forex traders ලා trading කරද්දී market එක කොයි පැත්තට යයිද කියලා අනුමාන කරන්න පාවිච්චි කරන ප්‍රධාන ක්‍රම 2න් එකක්. අනිත් ක්‍රමයට කියන්නේ Technical analysis කියලා. Technical analysis වලදී ප්‍රධාන වශයෙන් අපි අධ්‍යනය කරන්නේ Charts ගැන. Indicators එහෙම 500ක් (500ක් කිව්වට 500ක්ම නෙවෙයි :) )විතර පාවිච්චි කරලා trade කරන එකට තමයි technical analysis කියලා කියන්නේ. දැන් ඔයාලා ගොඩ දෙනෙක්ට තේරෙනවා ඇති ඔයාලා මෙච්චර කල් trade කරලා තියෙන්නේ technical analysis පාවිච්චි කරලා කියලා.

දැන් ඔයාලා බලනවා ඇති මම මේ කිව්ව දේවල් වලයි, Forex news අතරයි සම්බන්ධය මොකක්ද කියලා. මේ Forex news කියලා ඒ ඒ රටවල් අපිට ලබාදෙන්නේ ඒ ඒ රටවල් වල economy එක පිළිබඳ විස්තර. ඒ කියන්නේ interest rate changes, FOMC rate decisions, retail sales figures, consumer price index (CPI), producer price index (PPI), unemployment figures, industrial production announcements etc. මේවාට අමතරව තව ගොඩක් කරුණු පිළිබඳව news නිකුත් වෙනවා. මේවා මොනවද කියලා ලොකුවට දැන ගන්න කොහොමත් අවශ්‍ය නෑ, හැබැයි ඔයාලා තනිකරම පාවිච්චි කරන්නේ fundamental analysis නම් මේ එක් එක් කරුණු පිළිබඳ news වලින් market එකේ මොනවගේ වෙනසක්වෙයිද කියලා දැනගන්න අවශ්‍ය වෙනවා. දැනට අපි ප්‍රධාන වශයෙන් ඒ කියන්නේ 95%ක්ම වගේ අවධානය යොමු කරලා තියෙන්නේ technical analysis පැත්තට නිසා මේ කරුණු ගැන පොඩ්ඩක්වත් කලබල වෙන්න අවශ්‍ය නෑ. මේ කරුණු ගැන මම දිගින් දිගටම විස්තර කරන්න ගියොත් ඔයාලට forex එපාම වෙලා යයි.
මම කලින් කිව්වනේ forex market එක යන දිශාව ගැන දැන ගන්න ප්‍රධාන ක්‍රම 2ක් තියෙනවා කියලා. ඒ කියන්නේ Fundamental analysis හා Technical analysis කියලා. මේ දෙකෙන් ප්‍රධාන වශයෙන් fundamental analysis පාවිච්චි කරලා trade කරන forex tradersලා මේ Forex news release බලලා එයාලාගේ trading decisions වෙනස් කරනවා. ඒ කියන්නේ අදාල news එකේ වැදගත්කම මත එයාලා එක්කෝ trade එකක් open කරනවා නැතිනම් open කරලා තියෙන trade එකක් close කරනවා. හැබැයි මතක තියාගන්න හැම fundamental analysis පාවිච්චි කරන traderම හැම news එකටම trades open, close කරන්නේ නෑ. එයාලා එයාලගේ trading plan එකට අනුව trade කරනවා. ඉතින් මේ tradesලගේ trading activities නිසා Forex news release වෙන වෙලාවට forex market එකේ volatility එක වැඩිවෙනවා. මේක බලන් ඉන්න scalpersලා (scalpersලා බොහෝමයක් තනිකරම පාවිච්චි කරන්නේ technical analysis) කළ දු‍ටු කල වල ඉහ ගන්නවා වගේ trades දාන්න පටන් ගන්නවා. මේකෙන් වෙන්නේ market volatility එක තවත් වැඩිවෙන එක. ඉතින් මේ forex news release වෙන වෙලාවට වැඩිවෙන volatility එක පාවිච්චි කරලා trade කරන එකට තමයි Forex news trading කියලා කියන්නේ. 

ඉතින් මේ forex news trading පාවිච්චි කරලා profits හොයන ගොඩක් forex tradersලා ඉන්නවා. හැබැයි මේ news trading කියන එක ආධුනිකයන්ට එච්චරම හොඳ දෙයක් නෙවෙයි (මම කියන්නේ real accounts open කරන් ඉන්න ආධුනිකයන්ට). මොකද සමහර news release වෙන වෙලාවට market එක සුළු වෙලාවක් ඇතුලත ලොකු pips ගණනක් (30-100ක් හෝ ඊටත් වැඩියෙන්) එක පැත්තකට (ඉහලට හෝ පහලට) move වෙන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති charts වල සමහර වෙලාවට  අනිත් candles වලට වඩා ගොඩක් දිග candle තියෙනවා. ගොඩක් වෙලාවට මේවා හැදෙන්නේ forex news නිසා. හරියට money management එකක් නැතිව trade කලොත් ලොකු පාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් හොඳට demo account එකේ කාලයක් trade කරලා පුරුදු වෙලා තිබුනොත් බය නැතිව real account එකක trade කරන්න පුළුවන්. තවත් දෙයක් තියෙනවා. සමහර brokerලා ඉන්නවා, එයාලා forex news release වෙන වෙලාවට එයාලගේ spread එක වැඩි කරනවා. මේකෙනුත් අපිට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි real account එකක news trading කරන්න අදහසක් තියෙනවා නම් අනිවාර්්‍යයෙන්ම reviews බලලා හොඳ broker කෙනෙක් හොයගන්න වෙනවා.
දැන් ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නය තමයි "කොහොමද මේ forex news release වෙන වෙලාවල් දැනගන්නේ"කියන එක. මේ විස්තර දැන ගන්න පුළුවන් websites ගොඩක් තියෙනවා. අපි ඒ ඔක්කොම websites ගැන කතා කරන්න යන්නේ නෑ. අපි බලමු www.forexfactory.com කියන website එක. ඉස්සෙල්ලාම අපි ඒ website එකේ වේලාව අපේ වේලාව (ඒ කියන්නේ ලංකාවේ හෝ ඔයාලා දැනට ඉන්න රටේ වේලාවට) හරවා ගන්නේ කොහොමද කියලා.  එහෙනම් ඉස්සෙල්ලාම යන්න www.forexfactory.com කියන website එකට. 


ඊට පස්සේ මම ඔය රතු පාට ඊතලයකින් සටහන් කරලා තියෙන වේලාව පෙන්වන තැන click කරන්න.


ඊට පස්සේ Time Zone කියන drop down box එකෙන් ඔයාලා ඉන්න රටේ time zone එක select කරන්න. ලංකාවේ නම් (GMT +5.30) කියන එක select කරන්න. ඒ වගේම ඔයාල ඉන්න රටේ විදිහට අදාල නම් DST එකත් හදන්න. ලංකාවේ අයට DST එක අදාල වෙන්නේ නැ. ඊට පස්සේ Save changes කියන button එක  click කරන්න. දැන් අර උඩින් පෙන්වන Synchronized time කියන එකයි, ඔයාලගේ computer එකේ පෙන්වන වේලාවයි 2කම සමාන වෙන්න ඕනේ. එහෙම නැතිනම් මොකක් හරි වැ‍රැද්දක් වෙලා.


වේලාව හරියට හදාගත්තට පස්සේ රූපසටහනේ මම සළකුණු කරලා තියෙන Calendar කියන tab එක click කරන්න.


ඒ page එකේ පහලට යන විට ඔයාලට අද දවසට අදාල news දකින්න ලැබෙයි. මම කහ පාට ඊතලයකින් සළකුණු කරලා තියෙන්නේ ඊළඟට නිකුත් වීමට නියමිතව තියෙන forex news පිළිබඳ විස්තර. මේකේ විස්තර දක්වලා තියෙන්නේ time, currency, importance, impact, detail, actual, forecast, previous හා chart කියන පිළිවෙලට. මේවායින් time කියලා කියන්නේ ඒ forex news එක release කිරීමට නියමිත වේලාව, අපි දැන් අපේ computer එකේ වේලාවට අනුව වේලාව හදාගෙන තියෙන නිසා මෙතන පෙන්වන්නේ අපේ වේලාවෙන් forex news release වීමට තියෙන වේලාව. Currency කියන එක නම් ඔයාලට හිතාගන්න පුළුවන්නේ, currency කියලා කියන්නේ අදාල news එක බලපාන currency එකට. Impact කියන එකෙන් කියන්නේ ඒ news එකෙන් අදාල currency එකේ වටිනාකමට කොච්චර බලපෑමක් වෙනවද කියන එක. ඔයාලට පෙනෙයි ඒ impact කියන තීරුව එක එක පාට සළකුණකින් පෙන්වලා තියෙනවා කියලා.  ඒ සළකුණ රතු පාට නම් ඒකේ අදහස තමයි අදාල news එකෙන් currency එකේ වටිනාකමට ලොකු බලපෑමක් වෙනවා කියන එක. ඒක තැබිලි පාට නම් ඒකේ අදහස අදාල news එක currency එකට තරමක් දුරට බලපෑ හැකි බවයි. ඒකේ පාට කහ නම් එකෙන් කියන්නේ ලොකු බලපෑමක් නැහැ කියන එක. Detail කියන එකෙන් පෙන්වන්නේ අදාල news එක පිළිබඳ විස්තර. ඔයාලට ඒ ඒ news ගැන විස්තර දැන ගන්න අවශ්‍ය නම් detail කියන තීරුව යට  තියෙන අදාල සළකුණ click කරලා ඒ විස්තර ලබාගන්න පුළුවන්. සමහර වෙලාවට මේ විස්තර බලන්න news එක release වෙන තුරු ඉන්න වෙනවා. ඊට පස්සේ තියෙන්නේ actual කියන එක, ඒකෙන් පෙන්වන්නේ අදාල news එකේ දැක්වු කරුණ වෙනස් වු ප්‍රතිශතය හෝ අගය. මේක පෙන්වන්නේ news එක release වුනාට පස්සේ. Forecast කියන්නේ අදාල news එක release වීමට කලින් උපකල්පනා කර තිබූ ප්‍රතිශතය හෝ අගයට. Previous කියන්නේ අදාල news එක කලින් පෙන්වු අගයට. Chart කියන එකින් අදාල news එකේ කරුණ වෙනස් වී තිබෙන ආකරය ප්‍රස්තාරයක් ආකාරයට අපිට දැක ගන්න පුළුවන්. 

සමහර අය මේක දැක්කහම කලබල වෙයි, ඒත් බයවෙන්න එපා. මේක ලොකුවට හිතන්න දෙයක් නෑ. හැබැයි ඔයාලා සාමාන්‍යයෙන් trade කරන වෙලාවට ආසන්න වෙලාවක ඔයාලා trade කරන currency pair එකේ මොකක් හෝ currency එකකට අදාලව impact කියන සළකුණ රතු පාටින් පෙන්වන news එකක් release වීමට තියෙනවා නම් පරික්ෂාකාරි වෙන්න ඕනේ. නැතිනම් ලොකු පාඩු සිද්ධ වෙන්න පුළුවන්.  Forex news trade කරන්න හිතන් ඉන්න අයට මම ඉදිරියේදී  මීට වඩා සවිස්තර ලිපියක් ලබාදෙන්න උත්සාහ කරන්නම්.