ලොව උසම කන්ද එවරස්ට්ය. එය තරණය කිරීම යනු විශාල අභියෝගයක් ජය ගැනීමකි. ඒ අභියෝගය ජය ගන්නට බොහෝ දෙනෙක් වෙර දැරුවේ තම නම ලෝ පතළ කරන්නට ඉන් හැකියාව ලැබෙන හෙයිනි. මේ තරගයෙන් ජය ගන්නට හැකි වුණේ නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරිටයි. ඔහුත් සමග කඳු ශිඛරය තරණය කළ අනෙත් පුද්ගලයා වූයේ හිලරිගේ සහායක ලෙස කටයුතු කළ ටෙන්සිංය.
එඩ්මන්ඩ් හිලරි උපන්නේ 1919 වසරේ ජූලි 20 වැනිදා නවසීලන්තයේ ඕක්ලන්ඩ්හිදීයි. ඔහුගේ පියා පර්සිවෙල් හිලරියි. ටූ ආකවු දිස්ති‍්‍රක්කයේ ප‍්‍රවෘත්ති ආයතනයක කර්තෘ ලෙස කටයුතු කළ පර්සිවෙල් එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයත් සමග ඇති කරගත් යම් යම් ප‍්‍රශ්න හේතුවෙන් එම රැකියාවෙන් ඉල්ලා අස්වෙන්නට තීරණය කළා. ඉන් අනතුරුව ඔහු සිය සම්පූර්ණ කාලයම වැය කළේ ඔහු වඩාත්ම පි‍්‍රය කළ විනෝදාංශය වූ මී මැසි පාලන කටයුතු වල නිරත වීමටයි.ඕක්ලන්ඩ් හි පිහිටි ග‍්‍රැමර් පාසලින් අකුරු උගත් හිලරි තරමක ලජ්ජාකාරයෙක් වුණා. නිවසේ සිට ඕක්ලන්ඩ් හි පිහිටි මෙම පාසලට යන්නට හිලරිට පැය දෙකක කාලයක් ගත වුණා. යන එන ගමනට ගතවන ඒ කාලය අපතේ නොයැවූ හිලරි ඒ අතරතුරේදී පත පොත කියවන්නට වුණා. වීර කි‍්‍රයා ඇතුළත් පොත පතයි ඔහු වැඩිපුරම කියවන්නට ආසා කළේ. සමාජශීලි දරුවකු නොවුණු හිලරි දවල් හීන දකිමින් කාලය ගත කරන්නටයි වැඩිපුර කැමැත්තක් දැක් වූයේ.හිලරිගේ මුල්ම කඳු තරණය වූයේ රුෆෙයු කන්දයි. දහසය වැනි වියේ පසුවුණු හෙතෙම පාසල් අධ්‍යාපන චාරිකාවකදියි මෙම වීර කි‍්‍රයා කළේ. කඳු තරණය කිරීමට උපකාරී වන කායික සහ මානසික ශක්තිය තමා සතුව ඇති බව හිලරිට අවබෝධ වූයේ එදිනයි. කෙදිනක හෝ තමන් ලොව උසම කඳු මුදුන තරණය කරන බව හිලරි අධිෂ්ඨාන කරගත්තේ ද මෙහිදියි.සියල්ලටම පෙර පාසල් අධ්‍යාපනය නිසි ලෙස අවසන් කර ගත යුතු බව අවබෝධ කරගත් හිලරි අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙමින් කටයුතු කරන්නට අමතක කළේ නැහැ.ඕක්ලන්ඩ් හි ‘ස්කූල් ඔෆ් රේඩියන්ට් ‘ පාසලේ ගුරුවරයෙකු ලෙසින්ද හිලරි කටයුතු කළා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු දහනවයයි. 1938 සිට 1943 දක්වාම හිලරි මෙම පාසලත් සමග කටයුතු කළා. එඩ්මන්ඩ් හිලරි පසු කලකදි මෙම පාසල පිළිබඳව මෙසේ කතා කළා.“සබකෝලය නැති කරගෙන ආත්ම විශ්වාසයෙන් කතා කිරීමේ හැකියාව මට ලැබුණේ මේ පාසලේදියි. නිදහසේ සිතන්නටත් වැදගත් මාතෘකා ඔස්සේ සිත මෙහෙයවන්නටත් මට පුළුවන් වුණේ මෙහිදියි”.කෙසේ වුවද හිලරි වැඩි කලක් මේ රැකියාවේ නිරත වුණේ නැහැ. ඔහු තම පියාගේ ව්‍යාපාරය වූ මී මැසි පාලනයේ නිරත වෙන්නට තීරණය කළා. මේ අතරතුරේදී හිලරි නාවිකයකු ලෙසින් අව්ඛඒජ් වලට සම්බන්ධ වුණා. වර්ෂ 1945 දි හිලරිට ෆිජිහි සොලමන් දූපත් වලට රාජකාරි සඳහා පිටත් කර යැවුණා. එහිදී සිද්ධ වුණු බෝට්ටු අනතුරක් නිසා නැවත නවසීලන්තයට පැමිණෙන්නටයි හිලරිට සිද්ධ වුණේ.
යෙටීගේ පා සටහන් හමුවේ කඳු නැගීමේ ආසාවෙන් සිටි හිලරි වරින් වර විවිධ කඳු තරණය කළා. 1951 දී ඔහු ඇල්ප්ස් කඳු මුදුන තරණය කළා. එකල සිටි සෑම කඳු නගින්නෙකුගේම සිහිනය වූ එවරස්ට් ජය ගැනීම කෙරෙහි හිලරිගේද අවධානය යොමු වුණා. මෙවැනි කඳු මුදුන් තනිව තරණ කළ නොහැකියි. ඒ සඳහා හොඳ කණ්ඩායමක සහභාගීත්වය අත්‍යවශ්‍යයි. ඒ අනුව හිලරි 1951 දී එරික් ෂිප්ටන් හා එක්ව ටිබෙට් රට පැත්තෙන් හිමාල එවරස්ට් නගින්නට සූදානම් වුණා. එහෙත් අයහපත් කාලගුණය ඔවුන්ගේ ඒ ගමනට බාධා පැමිණ වූ නිසා තම අරමුණ ජයගන්නට එවර ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.කෙසේ වුවද හිලරි සහ ෂිප්ටන් දෙදෙනාට හිමාලයේ අඩි 19,000 ක් ඉහළ දී හිම කඳු මුදුනේ තිබූ විශාල පරිමාණයේ මිනිස් පිය සටහන් දකින්න ලැබුණා. හිම කඳු වල වසන අද්භූත යෙටී නමැති සතාගේ යැයි අනුමාන කළ හැකි සතෙකුගේ පිය සටහන් වල ඡායාරූප ගත් මොවුන් දෙදෙනා එමගින් ගවේෂකයන්ගේ සිත් කුතුහලයෙන් පුරවනු ලැබුවා.මේ වන විට ටිබෙටය පාලනය කළ චීනය එවරස්ට් තරණය කිරීමේ මාර්ගය වසා දමා තිබුණා. වසරකට එක් ගවේෂණයකට පමණයි නේපාලය අවසරය ලබා දුන්නේ . 1952 දී ස්විස් කණ්ඩායමක් එවරස්ට් තරණය කළ අතර ටෙන්සිංද ඊට සහභාගි වුණා. එහෙත් අයහපත් කාලගුණය ඊට ද බාධා පැමිණුවා.
එවරස්ට් කන්ද තරණය1953 දී බි‍්‍රතාන්‍ය ගවේෂක පිරිසක් එවරස්ට් තරණයට සූූදානම් වුණා. හිලරිට සහ ඔහුගේ මිතුරු ජෝර්ජ් ලොවේටද මීට එකතු වන ලෙසට ආරාධනා ලැබුණා. ෂිප්ටන් මේ කණ්ඩායමේ නායකත්වයට පත් වුවද පසුව එය වෙනස් වී නායකත්වය හන්ට්ට ප‍්‍රදානය කළා. මේ සිදුවීම නිසා කළ කිරුණු හිලරි එම කණ්ඩායමෙන් ඉවත් වෙන්නටයි තීරණය කළේ. එහෙත් හන්ට් සහ ෂිප්ටන් යන දෙදෙනාම හිලරි සමග සාකච්ඡා කර ඔහුගේ තීරණය වෙනස් කළා. 1953 මාර්තු මාසයේදී ඔවුන් එවරස්ට් තරණය කිරීම ආරම්භ කළා. ඉතා සෙමින් ප‍්‍රවේශම් සහගතව එවරස්ට් කන්ද නැග්ග ඔවුන් අඩි 25,900 ක උසින් සිය අවසාන කූඩාරම් ගසා ගත්තා. කණ්ඩායමේ සිටි බෝර්ඩිලන් සහ එවන්ස් යන දෙදෙනා එතැන් සිට කඳු මුදුනට සමීප වෙන්නට උත්සාහ ගත්තා. එහෙත් එවන්ස්ගේ ඔක්සිජන් ටැංකිය කි‍්‍රයා විරහිත වීම නිසා ඔවුන් දෙදෙනාට ආපසු හැරී පැමිණෙන්නටයි සිද්ධ වුණේ.ඉන් අනතුරුව වාරය එළඹුණේ හිලරිට සහ ටෙන්සිංටයි. හිම සහ සුළඟ නිසා මොවුන් දෙදෙනාගේ ගමන දවස් දෙකකට ප‍්‍රමාද කරන්නට සිද්ධ වුණා. මොවුන්ට ගමන් ආරම්භ කරන්න සිද්ධ වූයේ මැයි 28 වැනිදා යි. මොවුන් දෙදෙනා අඩි 27900 ක උසක් නැග තිබුණා. එදින රාති‍්‍රය ගත කරන්නට කඳවුරක් තැනූ ඔවුන් පසුදිනට නියමිත සැලසුම් පිළිබඳව කතා කරන්නට වුණා.මැයි 29 වැනිදාට පහන් වූ අතර ගමන නියමිත පරිදි එය ආරම්භ කරන්නට නොහැකි වූයේ හිලරිගේ බූට්ස් දෙක සීතලට ගල් වී තිබුණු නිසායි. ඒවා උදුනට අල්ලාගෙන උණුසුම් කරන්නට පැයක්ම ගත වී තිබුණා. ඉන් අනතුරුව ගමන් ආරම්භ කළ මේ දෙදෙනා බොහෝම සහයෝගයෙන් කන්ද නගින්නට වුණා .
1953 මැයි 29 වැනිසා එවරස්ට් කඳු මුදුනට පාතබන්නට හිලරිට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව ඔහුගේ සහායක ලෙස කටයුතු කළ ටෙන්සිං කඳු මුදුනට ළං වුණා.එවරස්ට් ජය ගත් පුවත ලොව පුරා පැතිරෙන්නට වුණා. එංගලන්තයේ දෙවැනි එළිසබත් රැජනගේ මෞලි මංගල්‍යය යෙදී තිබුණේද එදිනටයි. මේ පුවතින් සතුටට පත් මහ රැජන එවරස්ට් ජය ගත් හිලරිටත් ටෙන්සිංටත් ගෞරව සම්මාන ප‍්‍රදානය කරන්නට තීරණය කළා.එවරස්ට් තරණය කිරීමෙන් අනතුරුව එඩ්මන්ඩ් හිලරිගේ වික‍්‍රමාන්විත ගවේෂණ අවසන් වූයේ නැහැ. කුතුහලය පිරි එඩිතර පුද්ගලයෙක් වුණූ හිලරි 1955 - 1958 අතරතුර කාලයේදී බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍යය මණ්ඩලීය, ඇන්ටාක්ටික් ගවේෂණය සඳහා එම කණ්ඩායමේ නායක විවියන් ෆූක්ස්ට සහාය වූයේ , එහි අණ දෙන නිලධාරියා ලෙසින්. මෙහිදි රෝස් මුහුදු නිම්නය සොයා ගන්නට ඔවුන්ට පුළුවන්කම ලැබුණා. 1960- 61 සහ 1963 - 65 දක්වා කාලයේදී ඔහු දකුණු ධ‍්‍රැව පෙදෙස තරණය කළා.1985 දී, හිලරි, නීල් ආම්ස්ටේරාන්ග් සමග එක්ව කුඩා ගුවන් යානයකින් ආක්ටික් මුහුදු ඔස්සේ පියාසර කරමින් උත්තර ධ‍්‍රැවයට සමීප වුණා. උත්තර සහ දක්‍ෂිණ ධ‍්‍රැව යන ධ‍්‍රැව දෙකම වෙත ගිය පළමුවැනියා වූයේ එඩ්මන්ඩ් හිලරියි. එම වසරේදීම ඔහු ඉන්දියාව , බංග්ලාදේශය සහ නේපාලය යන රටවල නවසීලන්ත තානාපති වශයෙන්ද කටයුතු කළා

No comments:
Post a Comment