කලින් පාඩමෙන් අපි කථා කලේ tradersලා වර්ග ගැන නේ. අද අපි කථා කරමු trade
කල යුතු වේලාවන් ගැන. මේ වේලාවන් ඇත්තටම වඩාත් වැදගත් වෙන්නේ Scalpers හා
Day tradersලා කියන tradersලට. දැන් කෙනෙක් අහන්න පුළුවන් forex market එක
සතියේ දවස් පහේම පැය 24ම ක්‍රියාත්මක වෙනවා නම් trade කරන්න කියලා වෙනම
වෙලාවක් මොකටද කියලා. හේතුව මේකයි, ඔයාලා දන්නවනේ forex market එක ලෝකේ
පුරාම විහිදිලා තියෙන market එකක් කියලා. මේ forex market එකේ ප්‍රධාන
currencies වලට සම්බන්ධ ප්‍රධාන රටවල්, ඒ කියන්නේ USA, UK, Japan,
Australia හා අනිකුත් රටවල් වලට හිරු උදාවෙන්නේ එක එක වෙලාවල් වලට. මේ එක්
එක් රටවල් වල markets open වෙන වෙලාවට ඒ ඒ currency pairs වල
ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ Volatility එක වැඩිවෙන්න පටන් ගන්නවා. Forex
market එකේ අපිට profits ගන්න පුළුවන් වෙන්නේ price එක හොඳට move වෙන්න
පටන් ගත්තාම. අනිත් වෙලාවට price එක ටිකක් ඉහල යනවා, ආයෙත් පහලට වැටෙනවා,
ආයෙත් ඉහල යනවා හරියට price එක යන පැත්තක් හිතාගන්න බැරි වෙනවා. එතකොට අපි
දාන දාන trade එක loss එකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා අපි හැමවෙලේම
(විශේෂයෙන්ම scalpersලා) trade කරන්න යන්න ඕනේ තම තමන් කැමති currency pair
එකේ volatility එක වැඩි වෙනවා කියලා දන්න වෙලාවල්වල විතරයි.
Forex market එකේ තියෙන රටවල් වලින් මුලින්ම හිරු දකින්නේ Wellington (New
Zealand). ඒ හැම සතියකම සඳුදා උදේ 8.00ට එයාලගේ බැංකු විවෘත කිරීමත් සමඟ.
New Zealand වල සඳුදා උදේ 8.00 කියන්නේ අපේ ලංකාවේ වෙලාවෙන් සඳුදා උදේ
00:30 (ඒ කියන්නේ පාන්දර 12:30) අන්න ඒ වෙලාවට තමයි ඒ සතියේ forex market
එකේ පටන් ගැන්ම. ඊළඟට පිළිවෙලින් Sydney (Australia), Tokyo (Japan),
Frankfruit (Germany) හා London (UK) වල markets හා අන්තිමට New York (USA)
market එකත් පටන් ගන්නවා. ඔය විදිහට එක් එක් රටවල් එයාලගේ markets උදේ
8:00ට open කරලා සවස 5:00ට close කරනවා. ඔය cycle එක ඔහොම ගිහින් සිකුරාදා
New York (USA) market එකේ close එකත් එක්ක, ඒ කියන්නේ සිකුරාදා New York
(USA) වෙලාවෙන් සවස 5:00ට සතියේ forex market එකේ ක්‍රියාකාරකම් නිමවෙනවා.
New York වල සිකුරාදා සවස 5:00 කියන්නේ ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා උදේ 3:30
කියන එක. ඒ කියන්නේ ලංකාවේ වෙලාවෙන් forex market එක සඳුදා 00:30 සිට සෙනසුරාදා 03:30 දක්වා ක්‍රියාකාරී වෙලා තියෙනවා කියන එක.
හැබැයි හොඳට මතක තියාගන්න සමහර රටවල් වල summer එකේදී Daylight saving
කියලා එයාලගේ වෙලාව පැය කීපයකින් වෙනස් කරනවා. එතකොට අදාල විදිහට අදාල
market එක අල්ලගන්නේ කොහොමද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. හොඳම වැඩේ තමයි
International clocks display වෙන මොකක් හරි software එකක් පාවිච්චි කරන
එක. එහෙමත් නැතිනම් http://www.timeanddate.com/worldclock/personal.html
කියන website එකට ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට එක් එක් රටවල් වල වේලාව
පෙන්වන විදිහට හදාගන්න පුළුවන්. පිළිවෙලින් Wellington, Sydney, Tokyo,
Colombo, Frankfruit, London, New York වල වෙලාව පෙන්වන විදිහට වෙලාව හදා
ගන්නව නම් වඩාත් පහසුයි.
ඒ ඒ රටවල් වල markets open වෙන කොට ඒ ඒ රටවල් වල currencies සම්බන්ධ Currency pairs වල volatility එක ඉහල යනවා.
Wellington (New Zealand) - NZD සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (NZD/USD, NZD/JPY etc.)
Sydney (Australia) - AUD සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (AUD/USD, GBP/AUD etc.)
Tokyo (Japan) - JPY සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (GBP/JPY, USD/JPY etc.)
Frankfruit (Germany) - CHF, EUR, GBP සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (EUR/USD, GBP/USD, USD/CHF etc.)
London (United Kingdom) - CHF, EUR, GBP සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (EUR/USD, GBP/USD, USD/CHF etc.)
New York (USA) - USD සම්බන්ධ currency pairs වල ක්‍රියාකාරිත්වය වැඩිවෙනවා. (EUR/USD, GBP/USD etc.)
අපි trade කරන්න පුරුදු වෙන්නේ EUR/USD නිසා අපිට ගොඩක් වෙලාවට අදාල වෙන්නේ
Frankfruit, London හා New York කියන markets විතරයි. ඒ කියන්නේ EUR/USD
trade කරන අයට ලංකාවේ වෙලාවෙන් උදේ 11:30 සිට රාත්‍රී 10:30 දක්වා කාලය තුල
තමන් කැමති විදිහට trade කරන්න පුළුවන්. විශේෂයෙන් markets open වෙන
වෙලාවල් වලදී prices වල හොඳ movement එකක් තියෙනවා.


No comments:
Post a Comment