Sunday, January 15, 2012

22. තිත්ත ඇත්ත

 

මම ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නම්, Forex market එකේ trade කරාලා profit එකක් ආවාම අපිට සල්ලි හම්බ වෙන්නේ කොහොමද? ඔයාලා කවදාවත් ඒ ගැන හිතලා තියෙනවද? අපිට ඒ සල්ලි දෙන්නේ broker ද? Borkerට කොහේ තියෙන අමාරුවකටද එහෙම කරන්නේ, සමහර brokerලා අපිට නිකන් සල්ලිත් දෙනවා trade කරන්න. ඊට පස්සේ එයාලා අපි profit හෙව්වමත් සල්ලි දෙයිද? හොඳ සිහියෙන් ඉන්න කෙනෙක් නම් එහෙම කරන එකක් නෑනේද? එහෙනම් හොඳට අහගන්න, අහගන්න විතරක් නෙවෙයි හොඳ මොළේට දාගන්නත් ඕනේ. Forex market එකේ අපි profits කියලා ගන්නේ තවත් Forex trader කෙනෙක් loss කරගන්න සල්ලි. Forex market එකට එන 95%ක් දෙනා එයාලගේ සල්ලි loss කරගන්නවා කියලා කියනවා. ඒ 95% දෙනාගේ සල්ලි තමයි 5%ක් දෙනා profit කියලා හොයන්නේ. 


මේකෙන් අපි තේරුම් ගන්න ඕනෙ මොකක්ද? Forex වලින් සල්ලි හොයන්න නම් Forex traderලාගෙන් profits හොයන 5%ට ඇතුලත් වෙන්න ඕනෙ. ඒ කියන්නේ අපි Forex market එකේ ඉන්න traders ලාට වඩා මොළේ පාවිච්චි කරන්න ඕනේ. නැතිනම් අපේ සල්ලි නැතිකරගන්න පුළුවන්. මේ 95%ක් දෙනා loss වෙන බව දන්න නිසා තමයි brokersලා බය නැතුව එක එක offers අපිට දෙන්නේ. මොකද වැඩි දෙනෙක් Forex කරන තරමට එයාලට වාසී, එයාලට spread එක හම්බ වෙනවනේ. කොහොම හරි මට ඕනේ වුනේ ඔයාලව බය කරන්න නෙවෙයි. මේ Forex market එකේ තියෙන තරඟකාරීත්වය ගැන ඔයාලට කියලා දෙන්න. ඒවගේම Forex කියන එක සුළුවට හිතන්නේ නැතුව ඒකේ serious පැත්ත ඔයාලට කියලා දෙන්න. 


අනිත් එක Forex ගැන කෙනෙක්ට ඉගෙන ගන්න අවශ්‍ය සියලුම කරුණු, මම ආයෙත් කියනවා සියලුම කරුණු Internet එකෙන් free ලබාගන්න පුළුවන්. එහෙම තියෙද්දී කාටවත් සල්ලි දීලා ඒවා ඉගෙන ගන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. හැබැයි ඒ කරුණු පිළිවෙලකට ලබාගන්න පුළුවන් විදිහකට නෑ. මම මේ blog එක පටන් ගත්තේ අන්න ඒ අඩුව පුරවන්න. 


දැන් සමහර විට ඔයාලට හිතෙනවද දන්නේ නෑ Forex වලින් සල්ලි හම්බ කරන එක හරිම අමාරු වැඩක් ඒ නිසා මේක අතහැරලා දාන්න ඕනේ කියලා. හැබැයි මතක තියගන්න Forex වලින් අනිත් කිසිම මුදල් ආයෝජන ක්‍රමයකට වඩා මුදල් හොයන්න පුළුවන්. ඒ වගේම අපිට මේක ඉගෙන ගන්න සත 5ක් වත් වියදම් වෙන්නේ නෑ. අපේ trading skills දියුණු කරගන්න තුරු අපිට demo account වල trade කරන්න පුළුවන්. 


කොහොම හරි සාරාංශයක් වශයෙන් ගත්තාම, මට අද ඔයාලට කියන්න අවශ්‍ය වුනේ දැන්ම real accounts open කරන්න හදන්න එපා. ඉස්සෙල්ලා අපි Money management හරියට ඉගෙන ගමු. ඊට පස්සේ හොඳ trading strategy එකක් හදාගමු. ඊටත් පස්සේ අපි පොඩි ගණනක් දාලා real account එකක් open කරලා trade කරලා බලමු. ඉස්සර කාලේ මිනිස්සු "ඉවසීමෙන් සැනසීම ලැබේ." කියලා, කියලා තියෙන්නේ කට කහනවට නෙවෙයි. එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අළුත් post එකකින් ඉක්මනට හමුවෙන්නම්. 

No comments: