ඔයාලටත් එහෙම වුනා නම් ආයේ demo account එකක් open කරන්න
Metatrader download කරන්න ඕනේ නෑ. මේ post එකෙන් මම කියලා දෙන්නම් ආයෙත්
demo account එකක් open කරගන්නේ කොහොමද කියලා.
ඉස්සෙල්ලාම දැන් අපේ account number එක කොහේ හරි සටහනක් දාගන්න.
Account number තියෙන්නේ Navigator කියන කොටුවේ Accounts කියන heading එක
යටතේ. ඒක තමයි මම පහත රූපසටහනේ රතුපාට රවුමකින් සටහන් කරලා තියෙන්නේ.
දැන් Metatrader එකේ File menu එකේ Open an Account කියන එක select කරන්න.
දැන් අපි කලින් fill කරපු විදිහටම data ටික fill කරලා "I agree
to subscribe to your newsletters" කියන checkbox එකටත් tick එකක් දාන්න.
ඊට පස්සේ Next button එක දෙපාරක් click කරලා Finish button
එක click කරන්න. Metatrader එක update වෙන්න dialogbox එකක් ආවොත් update
එකත් කරන්න. (මේක කරන හැටි ඔයාලා දන්නවානේ. මතක නැතිනම් කලින් මම කරපු demo
account එකක් open කරන පාඩම බලන්න. ඒත් පැහැදිලි නැතිනම් ප්‍රශ්න අහන්න.)
දැන් ආපහු බලන්න Navigator කොටුවේ Accounts කියන තැන. දැන් එතන Accounts 2ක් තියෙනව නේද?
අපි ඉස්සෙල්ලා අපේ පරණ account number එක සටහනක් දාගත්තනේ.
දැන් ඔයාලට ඕනෙ නම් ඒ සටහන බලලා පරණ account number එක උඩ right click
කරලා ඒ පරණ account එක delete කරලා දාන්න පුළුවන්. හැබැයි හොඳට මතක
තියාගන්න මෙහෙම කලාම අපේ පරණ trades වල data ඔක්කොම delete වෙනවා කියලා.
දැනට අපි trades සටහන් කරගන්නේ නැති නිසා ඔයාල ඒ පරණ account එක delete
කරලා දාන්න.







No comments:
Post a Comment